උදරයේ තැන්පත් මේදය වේගයෙන් දියකර ඔබේ උදරය අඩු කරන පාන වර්ග 5 ක්.

උදරය ඉදිරියට නෙරා ඒම කාන්තාවන්ගේ සුන්දරත්වයට විශාල බාධාවක්. ඒ නිසා උදරය ඉදිරියට නෙරා තියන කාන්තාවන් බොහෝ දෙනෙක් තම උදරය අඩු කර ගන්න විවිධ ක්‍රම අත් හදා බලනවා. මින් වඩාත් ප්‍රතිඵලදායක ක්‍රම වෙන්නේ නිසි පරිදි ආහාර පාලනය,තන්තු සහිත ආහාර වැඩිපුර ගැනීම වගේම උදරය සදහා ව්‍යායාම කිරීමයි.

නමුත් උදරය තුල තැන්පත් වෙලා තියන මේදය දිය කරන්න තවත් ක්‍රමයක් ගැන තමයි මේ ලිපිය. සිරුරේ තැන්පත් මේදය දිය කරන පාන වර්ග කිහිපයක් තමයි මේ.ව්‍යායාම සමග මේ පාන වර්ග ලබා ගත හැකි නම් ඇත්තටම ප්‍රතිපලදායකයි.

මේ කිසිම පාන වර්ගයක් “මැජික් අරිස්ටයක්” නම් නෙවෙයි. ඒවාට ඔබේ උදරය එක්වර අඩු කරන්න කිසිම හැකියාවක් නැහැ. නමුත් නිවැරදි ආහාර රටාව,ව්‍යායාම වලට මේ පාන වර්ගත් එකතු කරගන්නවා නම් ක්‍රමයෙන් උදරය අඩු කර ගැනීම කිසිසේත්ම සිහිනයක් නෙවෙයි.

ග්‍රීන් ටී

ග්‍රීන් ටී වල catechins නම් සංඝටකයක් පවතිනවා.එය මේදයට එරෙහිව ක්‍රියාකරන නිසා ඔබේ උදරයේ තැන්පත් මේදය දහනය වන්නට හේතුවක්.අක්මාවේ මේදය ද දහනය කරන වේගවත් හැකියාවක් ග්‍රීන් ටී වලට පවතිනවා.

කුරුඳු මී පැණි පානය.

කුරුඳු සිරුරේ බර අඩු කර ගැනීමට උදව් වෙන අතර පරිවෘත්තිය ක්‍රියාවන් ද වේගවත් කරනවා.උණුසුම් ජලය සහ මී පැණි සමඟ කුරුඳු තේ හැන්දක් මිශ්‍ර කර සෑම උදෑසනකම එය පානය කරන්න. මෙමඟින් ඔබේ උදරයේ ඇති මේද තට්ටු දහනය වෙන්නට පටන් ගන්නවා.

ඇපල්සයිඩර් විනාකිරි සහ උණු වතුර

ඇපල් සයිඩර් විනාකිරි ආමාශයේ pH අගය සමබරව තබා ගන්නවා. ඔබේ ආහාර රුචිය දපාලනය කරනවා. සෑම උදෑසනකම හිස් බඩට උණුසුම් ජලය සමග ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් පානය කිරීම මගින් ඔබේ තැන්පත් මේදය දහනය කරගන්න පුලුවන්

අන්නාසි යුෂ

අන්නාසි යුෂ වල අඩංගු බ්‍රෝමලේන් නම් ව එන්සයිමය ප්‍රෝටීන පරිවෘත්තීය කිරීමට උපකාරී වන අතර ආමාශයේ අතිරික්ත මේදය දහනය කරනවා. ඒ නිසා මේ පානයත් බඩ අඩු කර ගන්න හොඳ පානයක්.

පෙපර්මින්ට් තේ

ආමාශයේ මේදය පාලනය කරන්නටත් ආහාර ඉක්මනින් ජීර්ණය කරන්නටත් පෙපර්මින්ට් තේ වලට හැකියාව පවතිනවා.ඒ නිසා උදරයේ මේදය තැන්පත් වීම අඩු කර ගන්න පුලුවන්

මීට අමතරව වතුර බීමෙන් ද ඔබට උදරය අඩු කරගන්න පුලුවන්. ශරීරයේ අනවශ්‍ය විෂ ඉවත්ව යන්න ජලය පානය කිරීම හොඳ හේතුවක්.

Related Articles

Don't Miss


Latest Articles