මේ ක්‍රම 9 අදම ජීවිතේට එක් කරගෙන ඔබේ සාර්ථකත්වය පහසුවෙන් ළඟා කර ගන්න.

කාන්තාවක් කියන්නේ ගොඩක් කාර්යබහුල කෙනෙක්.විශේශයෙන්ම රැකියාවකට යන කාන්තාවක් නම් කාර්යබහුල බව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

සමහර විට ඔබට හිතෙනවා ඇති ඔබේ වැඩ කරගන්න දවසේ පැය 24 මදි කියල .ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ඔබේ කාලය ඉතිරි කරගන්න පුලුවන් ඉතා පහසු ක්‍රම කීපයක් ගැන.

නිකමට වගේ මේ ක්‍රම අත්හදා බැලුවොත් ඔබටම හිතෙයි ජීවිතය මොන තරම් පහසුද කියලා.

වේලාසනින් අවදි වීමේ පුරුද්දක් ඇති කරගන්න

උදේ පාන්දරින්ම අවදි වීම කියන්නේ ටිකක් අමාරු දෙයක් උනත් පුරුදු උනොත් හරිම ලේසි දෙයක්. දවස පුරාම ඔබේ මනස නැවුම්ව තබා ගැනීම සඳහා වේලාසනින් අවදි වීම අත්‍යවශ්‍ය බව විද්‍යාත්මකව ඔප්පු කරලාත් තියනවා.ඒ වගේම අලුයම් කාලය කියන්නේ මුළු දවසම සැලසුම් කිරීමට සුදුසුම කාලයයි. නමුත් ඔබ මතක තියාගන්න මේ විදියට උදෑසනින්ම අවදි වෙන්න ඕන ඔබේ ඔබ නින්ද ප්‍රමාණවත්ව ලබාගෙන පමණයි.

සෑම තනි වැඩකටම කාල සීමාවක් නියම කරගන්න

තේ එකක් සෑදීමට,ඇඳුමක් අයන් කිරීමට ඔබ කොපමණ කාලයක් වැය කරනවාද? ඔබට ඒ ගැන නිසි අදහසක් නැතුව ඇති. නමුත් ඔබේ සියලුම කාර්යයන් සඳහා කාල සීමාවක් නියම කිරීම ඔබේ කාලය කළමනාකරණය කරගන්න ගොඩක් උපකාරි වෙනවා. කුඩා දේවල් වලට ගතවන කාලය පිළිබඳ අදහසක් ඔබට ලැබුනේ නම්, ඔබට විශාල කාලයක් ඉතිරි කරගන්න පුලුවන් .

සිත්ගන්නාසුළු වැඩ ලැයිස්තුවක් සාදන්න

සමහර විට ඉතා දිග වැඩ ලැයිස්තුවක් ඔබව කලබලයට පත් කරන්නට පුලුවන් . ඒ නිසා ඔබේ වැඩ ලැයිස්තුව ඉතා සිත්ගන්නාසුළු ආකාරයෙන් සකස් කරන්න වග බලාගන්න. ඔබ අවදි වූ වහාම කළ යුතු කාර්යයන් තීරණය කරන්න. ඉන්පසු එම කාර්යයන් වර්ණවත් කඩදාසියක ලියා, ඔබේ කාමරයේ හෝ නාන කාමරයේ දොරේ ඇලවීම සහ ඔබට මුලුතැන්ගෙයි කිරීමට තිබෙන දේවල් ශීතකරණයේ දොරේ ඇලවීම වැනි දේ කරන්න පුලුවන්.

ඉටු කළ යුතු සියලු කාර්යයන් සඳහා ප්‍රමුඛතාවය දෙන්න

ඔබේ ජීවිතයේ කළමනාකරණය කිරීමට බොහෝ දේවල් තියනවා නම්, ඔබ සියලුම කාර්යයන් සඳහා ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍ය වෙනවා. මුලින්ම , ඔබ කළ යුතු සියලු දේ පිළිබඳ දළ ලැයිස්තුවක් සදාගන්න. ඔබේ ප්‍රමුඛතාවය අනුව හැකි ඉක්මනින් ඉටු කළ යුතු දේවල් තීරණය කරන්න.

කලින් දිනයේ සූදානම

ඔබට ඊලඟ දිනයේදි සකස් කරන ආහාර ගැන කලින් දිනයේ රාත්‍රියේදි සැලසුම් කරන්න පුලුවන්.ඒ වගේම රාත්‍රී ආහාර සකස් කරන ගමන්ම ,ඊලඟ දිනයට පිසින්නට ඔබ සැලසුම් කරන එළවලු වර්ග කපා සූදානම් කර ශීතකරණයේ තබන්න සුලු වේලාවක් වෙන් කරගන්න. ඒ වගේම ඊලඟ දිනයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් කලින් දින රාත්‍රියේම සූදානම් කර තබන්නත් ඔබට පුලුවන් .

දින දර්ශනය ලුහුබඳින්න

කැලැන්ඩරය ගැන විමසිල්ලෙන් සිටින්න. ඉදිරි සති දෙක හෝ මාසයක් දක්වා ඔබගේ සැලසුම් ඔබ දැන සිටිය යුතුය. එවිට යම් විශේෂ දිනයන්,උත්සව හෝ සහභාගී වීමට දරුවන්ගේ පාසල් රැස්වීම් ,කාර්යාල රැස්වීම් හෝ වෙනත් අවස්ථාවන් තිබේ නම්, ඔබ ඔබේ පවුලේ කටයුතු සහ රැකියාව අතර සිරවෙන්න සිදු වෙන්නෙ නෑ

සති අන්තයේ වැඩ සැලසුම් කරන්න

කාර්යාල වැඩ සඳහා ඔබේ මුළු සති අන්තයමත් නාස්ති කරන්න සූදානම් වෙන්න එපා. අවශ්‍යම කාර්යයන් ඇත්නම් නම් ඒවාට පැය කීපයක් වෙන් කොට සති අන්තය සඳහා සැහැල්ලුවෙන් සූදානම් වන්න.ඔබේ පවුලේ අය වෙනුවෙන් , ගෙදර විශේශ පිරිසිදු කිරීම් වෙනුවෙන් , සාප්පු සවාරියක් හෝ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ඔබේ සති අන්තයේ කාලය වෙන් කරන්න ඔබට පුලුවන්

ඔබ වෙනුවෙන් දිනකට අවම වශයෙන් පැයක්වත් වෙන් කරන්න

සමහර සති අන්තයන් විවේකයට සහ පෞද්ගලික කාලය සඳහා ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඔබ දිනකට අවම වශයෙන් පැයක්වත් තමා වෙනුවෙන් කැපවිය යුතුයි. එහිදි ව්‍යායාම සඳහා ඇවිදින්නට යාම , කෝපි එකක් බොන්නට අවන්හලක් වෙත යාම ,පොතක් කියවීම, චිත්‍රපටයක් නැරඹීම වැනි ඔබේ මනස සැහැල්ලු කරවන මොනයම් හෝ කාර්‍යයක නිරත වෙන්න ඔබට පුලුවන්

මිත්‍ර සබඳතා

මෙය එතරම්ම වැදගත් සාධකයක් නොවුන නමුත් ඔබේ මනසට වෙනසක් අවශ්‍ය වූ විට ඔබ සුලු කාලයක් වෙන් කල යුතු සාධකයකි. ඒ සඳහා සති අන්තයේ පැය කීපයක් වෙන් කරන්නට ඔබට පුලුවන්. ඔබේ පාසලේ , අමතර පන්තියේ හෝ වෙනත් මිතුරන් මුණගැසීමෙන් ඔබේ මනස සැහැල්ලු කරගන්න ඔබට පුලුවන්

මේ ක්‍රම සියල්ල හෝ කීපයක් ඔබට අත්හදා බලන්නට පුලුවන්. මෙසේ වැඩ සැලසුම් කර කරගැනීමෙන් ජීවිතේ සාර්ථකව ඉක්මනින් ලගා කර ගන්න පුලුවන් වගේම ඔබේ කාලය ඉතිරි වෙනවා වගේම එදිනෙදා අත්‍යවශ්‍යය කටයතු මග හැරීම වලක්වා ගන්නත් ඔබ කලබලකාරි දවසක් ගත කිරීම නවත්වා ගන්නත් ඔබට පුලුවන් !

Related Articles

Don't Miss


Latest Articles