දකින දකින දේ ඉල්ලා අඬන පොඩිත්තන්ව නිවැරදිව හසුරවන්නේ කොහොමද?

මිනුමි ඉපදුනේ හැදුනේ වැඩුනේ ජපානයේ.සිය දෙමාපියන් සමඟ නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය ,දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි වීමට ද අමතක කළේ නැහැ .නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා.ඒ ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම,ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන පුරුද්ද නිසා.

මිනුමි ඉතාමත්ම සල්ලි ඇති පවුලක දරුවෙක් නිසාත්,දරුවන් ඉල්ලන සෑම දෙයක්ම අරන් දීම ආදරය සහ ලෝබ නැතිකම බවට තමන්වම ඉහලට දමාගෙන,එසේ නොකරන අයව අවතක්සේරු කරන තිබූ දෙමාපියන් තම දරුවන්ගේ අකීකරු,අවිනීත හැසිරීම නිසා මහත් පීඩාවකට පත්වුණා.

නමුත් ශ්‍රී ලාංකික දෙමාපියන් ලෙස ඔබ බොහෝ විට දන්නවා අපගේ දරුවන් කිසියම් දෙයක් ඉල්ලා සිටිමේදී ඉතාමත් හිතුවක්කාර ලෙස හඬා වැලපෙමින් බිම පෙරළෙමින් කටයුතු කරන බව.

නමුත් මිනුමි සම්පූර්ණයෙන්ම පරිබාහිරව හැසුරුණේ ඇයි ?ඔබේ හෝ මගේ දරුවා එසේ නොවන්නේ ඇයි ?

වෙනසක් ඔබෙන් පටන් ගන්න.

ජපානය වගේ රටවල දරුවන් හැදෙන්නේ සිය පෙර පරපුර ආදර්ශයට අරගෙන.ඔබ දන්නවා ඔවුන් කෙතරම් ආචාරශීලී ද කියලා.ඉතින් ඔබේ දරුවාගේ වැඩිහිටියන් ලෙස ප්‍රධානම කාර්යභාරය වන්නේ දරුවා හික්මවීමට පෙර ඔබ,ඔබව හික්මවා ගැනිමයි.සීමාවකින් තොරව දකින දකින දේ මිලට ගැනීම නතර කිරීම හරිම වැදගත්.ඒ වගේම ආචාරශීලීව කටයුතු කිරීම වගේම වැදගත් වුවත් නැතත් දරුවාගේ අවශ්‍යතාව ට සවන් දී ඔහු සමග ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම අනිවාර්යෙන්ම වැදගත් දෙයක්.

ඔබට බජට් එකක් ඇති බව දරුවාට කියා දෙන්න.

සම්පූර්ණයෙන් නිවසේ වියදම සඳහා වෙන් කරන මුදල වගේම ,එහි දරුවාගේ අවශ්‍යතාවය සඳහා වෙන්කරන මුදල පිළිබඳ මුලින්ම ඔබ දැනගෙන සිටීම වැදගත්.එනිසා දරුවාට තේරෙන වයසේ සිටම ඔහුගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට වෙන් කළ හැකි මුදල පිටතට යාමට පෙර කියා දෙන්න.

නිවසින් පිට වීමට පෙර අවශ්‍යතා ලැයිස්තුව සාදාගන්න.

ඔබ, නිවසින් පිටවීමේදී ,අවශ්‍යතා ලැයිස්තුවක් සාදා ගැනීම හරිම වැදගත්.එහිදී දරුවා හට මිලදී ගැනීමට වෙන්කල මුදලත් ,අත්‍යවශ්‍යම භාණ්ඩ හැරුණු කොට ඔහුගේ චොයිස් එකට මිලදී ගත හැකි භාණ්ඩ පිළිබඳව ත් දරුවාව දැනුවත් කිරීම හරිම වැදගත්.

කියාදෙන්න

මෙන්න මේ දේවල් අනිවාර්යයෙන් ම දරුවාට කියා දෙන්න.

  • ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන ආකාරය,
  • දේවල් ඉල්ලමින් බිම පෙරලීම දේවල් නොලැබීමට හේතුවක් බව,
  • ආචාරශීලී වූ විට දරුවා කෙතරම් ලස්සන ද යන්න,
  • නිවසේ සෑම සාමාජිකයෙකුට සේම දරුවාගේ අවශ්‍යතා සඳහා ත් ඔබට වියදම් කළ හැකි මුදල ගැන

ඇත්තම කියනවා නම් ඉහත අප සඳහන් කළ තත්ත්වය ඇති වීමට පෙර එය වළක්වා ගත හැකියි නම් ඉතාමත් සුදුසු බව ඔබත් දන්නවා.Prevention is the best cure.

මේ, දරුවාව නොසලකා හැරීමක් නොවන බව ඔබම වටහා ගන්න.

දරුවන්ට කිසියම් දෙයක් අරන් දීමට නොහැකි වූ විට දෙමව්පියන්ට නිතැතින්ම වේදනාවක් දැනීම හරිම ස්වභාවිකයි.ඉතින් ඔබේ ඒ ආදරේ ම තමා අනවශ්‍ය දේවල් ඉල්ලීමට වගේම අකීකරු වීමට දරුවාව පොලඹවන සාධකය.ඒ නිසා එය වටහා ගැනීම හරිම වැදගත්.

පුදුම කරන තෑගි

දරුවා යහපත් හැසිරීම් රටාවන් පෙන්වන සෑම විටම surprise gift එකක් දීමට අමතක කරන්න එපා.එය ඔහුට, ඇයට විශිෂ්ට සම්මානයක් වගේම ඔවුන්ගේ සංවර හැසිරීම දිගටම පවත්වාගෙන යාමට කරන පෙළඹවීමක්ද වනවා.

Related Articles

Don't Miss


Latest Articles