සමේ දීප්තිමත් බව වැඩි කර සුන්දරත්වය වැඩිකරන ගමන් බරත් අඩුකර ගන්න කැමතිද?

ෆේස්ලිෆ්ට් ඩයට් සංකල්පය හඳුන්වා දෙන්නේ Nicholas Perricone විසින්. ඔහු පෝෂණවේදියෙකු සහ චර්ම රෝග විශේෂඥවරයෙක්.ඔහු විද්‍යාත්මකව කරුණු දක්වමින් මුහුණේ Wrinkles අඩු කර ගන්නට නවීන ක්‍රමවේදයක් යෝජනා කරනවා. ඒ සංකල්පය තරමක් සංකීර්ණ එකක්. එහිදී ඔබ සිරුරට එක් කර ගන්නා ආහාර වර්ග වලින් සිරුරේ සුන්දරත්වය වැඩිකර ගැනීම ඉලක්ක කෙරෙනව. බොහෝ ඩයට් ප්ලෑන් අපි අනුගමනය කරන්නෙ සිරුරේ බර අඩු කර ගන්න වුනත් මේ ඩයට් ප්ලෑන් එකේ මූලික ඉලක්කය වන්නේ ඔබේ සිරුරට අත්‍යාවශ්‍යම ප්‍රෝටීන හා අවශ්‍ය පෝශක සංඝටක ලබා දීම තුලින් සමේ පෝෂණ ගුණය වැඩි කර ස්බාවික සුන්දරත්වයක් ඔබට ලබා දීමයි. සැබවින්ම එහි ප්‍රතිකර්ම ලෙස යෝජනා වෙන්නේ සිරුරට උසස් මට්ටමේ ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන් ලබා ගැනීමයි.

බොහෝ ඩයට් ප්ලෑන් අනුගමනය කරන පිරිස් වලට මුහුණ දෙන්න සිදුවන ප්‍රධාන ගැටලු තමයි සම අවපැහැයට පත් වීම, ස්ථූල භාවය අඩු වෙන විට සම රැලි වැටීම, හිසකෙස් යාම වැනි කරුණු , නමුත් මේ ඩයට් ප්ලෑන් එක අනුගමනය කරන විට එවැනි ගැටලු ඇතිවන්නෙ නැති වීම වාසියක්.
ෆේස්ලිෆ්ට් ඩයට් එකක් සැකසීමේ ප්‍රධානම අරමුණුත් ඒ කරුණු යි.

ෆේස්ලිෆ්ට් ඩයට් එකෙන් මූලිකව වෙන්නේ මොනවද?

1.මුහුණේ රැලි ඉවත් වීම

මුහුණේ ඇති රැලි ඉවත් කරන අතර මෙමගින් ඔබේ නිය,කොණ්ඩය සහ සමට ද පෝෂණය ලැබෙනවා

2.බර අඩු වීම

සිරුරේ බර අඩු වෙන ඩයට් එකක් හැටියටත් අපිට මෙය හඳුන්වා දෙන්න පුලුවන්.

ෆේස්ලිෆ්ට් ආහාර වේලක තිබිය යුතු දේවල්.

  • සැමන් මාළු
  • තද කොළ පැහැ එළවලු
  • කොමඩු,ඇපල්,පෙයාර්ස්, ස්ට්‍රෝබෙරි වැනි අතුරුපසක්.

මේ ආහාර වර්ග ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර නිසා වයස්ගත වීම ස්වභාවික ලෙස වළක්වනවා.කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ද අඩංගු යි.

ඔබ ෆේස්ලිෆ්ට් ආහාර වේලක් ලබා ගත යුත්තේ ප්‍රෝටීන් පළමුවත් ඊටපසු කාබෝහයිඩ්‍රේට් ද ලෙස යි.මේ ආහාර ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය ද ඉහළ නොදැමිය යුතු ආහාර වනවා.

ෆේස්ලිෆ්ට් ඩයට් ප්ලෑන් එක දවස් තුනක කෙටි ඩයට් එකක් සහ දවස් විසි අටක දිගු ඩයට් එකක් ලෙස වර්ග දෙකක් පවතිනවා.

3-day diet plan

මෙය දිගු ඩයට් ප්ලෑන් එකට ඔබේ සිරුර සහ මනස සූදානම් කරන්නක්.ඉක්මන් සහ පහසු ආහාර වේල් මෙහි අඩංගුයි.

උදෑසන

  • scrambled බිත්තර තුනක් හෝ තැම්බූ බිත්තරයක්.
  • නැතිනම් මුහුදු මාළු 110g
  • ඕට්ස් ආහාර කෝප්ප බාගයක්
  • ස්ට්‍රෝබෙරි කෝප්ප බාගයක්.
  • කොමඩු කෑල්ලක්
  • වතුර වීදුරු 2

දවල්

  • සැමන් මාළු 110g
  • කොළපැහැ එළවලු සහ ඔලිව් ඔයිල්, දෙහි මිශ්‍ර සලාදයක්
  • බෙරි කෝප්ප බාගයක්
  • ලෙමන් බාගයක් සමඟ ඇපල් පෙයාර්ස් හෝ කිවි ගෙඩියක්.
  • වතුර වීදුරු 2

රාත්‍රි

  • සැමන් මාළු 110 g
  • කොළ පැහැ එළවලු,ඔයිල් ඔයිල් සහ දෙහි සලාදයක්
  • තැම්බූ එළවළු කෝප්ප බාගයක්
  • කොමඩු කෑල්ලක් සහ බෙරි වර්ගයකින් කෝප්ප බාගයක්
  • වතුර වීදුරුවක්

ඔබට නිදා ගන්නට කලින් ඇපල් ගෙඩියක්, කළුකුම් මස් ග්‍රෑම් 50ක්, ස්වභාවික යෝගට් ග්‍රෑම් 50ක්, හේසල් නට් හෝ ආමන්ඩ් ඇට ආහාරයට ගන්න පුලුවන්.

28-day diet plan

ඔබට ඉහත ආහාර වේල්ම මාසයක් දිගු කරන්න පුලුවන්.හැබැයි නීති කිහිපයක් තියෙනවා.

  1. ආහාර වේල් තුනක් සහ ස්නැක් දෙකක් තිබිය යුතුයි.
  2. අධි රුධිර පීඩනය, දියවැඩියා තත්ව තිබේ නම් කරන්නට අපහසුයි.
  3. දවසකට වතුර වීදුරු 8-10 අතර ප්‍රමාණය අනිවාර්ය යි
  4. ආහාර වේල් දිගු විය යුතුයි
  5. දිවීම,ඇවිදීම, ව්‍යායාම කිරීම දවසකට මිනිත්තු 30ක් වත් විය යුතුයි.
  6. දින තුන සඳහා කොමඩු ලබා ගත්තාට දින විසි අටේ ඩයට් එකට කොමඩු ඇතුළත් වෙන්න බෑ.

දින විසි අටේ ෆේස්ලිෆ්ට් ඩයට් එකේ තිබිය යුතු ආහාර.

  1. මුහුදු මාළු
  2. චිකන් බ්‍රෙස්ට්
  3. කළුකුම් මස්
  4. අර්තාපල්, කැරට්, බීට් සහ බඩ ඉරිඟු හැර සෙසු එළවළු වර්ග
  5. කෙසෙල්, දොඩම්, මිදි,අඹ හැර සෙසු පළතුරු.
  6. ඇට වර්ග
  7. ඔලිව් සහ ඔලිව් ඔයිල්
  8. මේදය අඩංගු නැති කිරි නිෂ්පාදන
  9. ඕට්ස්
  10. ජලය
  11. ග්‍රීන් ටී

දින තුනේ ඩයට් ප්ලෑන් එක ඇසුරෙන් ඔබට ඉහත ආහාර වලින් ආහාර වේල් තුන සකසා ගන්න පුලුවන්. හැබැයි අමතර ස්නැක් වේල් දෙකට නට්ස් වර්ග,කිරි නිෂ්පාදන එකතු කර ගත යුතුමයි.

ඇල්කොහොල්,කෝපි,ක්ෂණික බීම,ක්ෂණික ආහාර,පැණිරස වර්ග,සෝස් වර්ග සහ ශීත කළ ආහාර සම්පූර්ණයෙන් තහනම් බව මතක තියා ගන්න.

ෆේස්ලිෆ්ට් ඩයට් එකේ වාසි.

  1. බර අඩු කර ගැනීමට උදව් වෙනවා.
  2. සමේ නීරෝගී බව වැඩි කරනවා.
  3. නිතරම කුසේ පිරුණු ස්වභාවයක් පවතිනවා.

මෙහි අවාසි

1.ආහාර වේල් මිල අධික වීම

  1. මාළු අනිවාර්යය නිසා වෙජිටේරියන් අයට ගැටලු ඇති වීම

කොහොම වුණත් ෆේස්ලිෆ්ට් ඩයට් එක මුහුණේ රැලි අඩු කර ලස්සන සමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝකය පුරා ජනප්‍රිය වෙන සංකල්පයක්.පෝෂණවේදියෙකුගේ සහය ද සමඟ ඔබට මේ සඳහා යොමු වෙන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles