ඔබගේ කිරි කැටියා සදහා කිරිපිටි තෝරා ගැනීමට පෙර ඔබ දැන ගත යුතු වැදගත් කරුණු

ඔබේ ළදරුවාට මාස 6 ක් දක්වා මව් කිරි  පමණක් ලබා දීම අනිවාර්‍ය වන අතර  පසුව අවු   1හෝ 2 ක් වන තුරු දරුවාට ද්‍රවමය හා ඝන ආහාර සමග මව් කිරි ලබා දීම කළ හැක.

නමුත් මාස 6 පිරුණු  ඔබේ ළදරුවාට මව් කිරි ලබා දීම අපහසු වන අවස්ථාවලදී ඔබත් ළදරු කිරිපිටි භාවිතයට පෙළබෙන මවක් විය හැක. එවන් අවස්ථාවලදී  ළදරුවාට ගැලපෙන  පෝෂ්‍යදායී කිරිපිටි වර්ගය තෝරා ගැනීම බුද්ධිමත් මවක් වන ඔබගේ වගකීමක්.ඒ සදහා ඔබට වැදගත් කරුණු කිහිපයක් ගැනයි අප අද කතා කරන්නේ.

ඔබ පළමු වරට සිගිත්තා සදහා ළදරු කිරි පිටි වර්ගයක් තෝරා ගන්නා අවස්ථාවේදී තෝරා ගන්නා ආගන්තුක කිරිපිටි වර්ගයෙන් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න එපා. මන්ද ඔබ මිලදී ගත් කිරිපිටි වර්ගයේ රසයට ඔබේ කිරිකැටියා  අකමැති වී ප්‍රතික්ෂේප කළහොත් වෙනත් කිරිපිටි වර්ගයකට මාරු වීම සදහා කුඩා ප්‍රමාණයකින් මිලදී ගෙන තිබීම වාසි දායක වෙන්න පුළුවන්.

මව් කිරි වල තරම්ම නොමැති වුවත් බොහෝ ළදරු කිරි පිටි වල සිගිත්තාට අවශ්‍ය විටමින්, පෝෂණය වගේම කැලරිත් අඩංගු වෙනවා.

සිගිත්තාට සුදුසුම කිරිපිටි වර්ගය තෝරා ගැනීමේදී….

  1. සිගිත්තාගේ සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ කොටස් අඩංගු කිරිපිටි වර්ගය යෝජනා කරන්නට වඩාත් සුදුසු පුද්ගලයා ඔබේ සිගිත්තාගේ වෛද්‍යවරයායි. එම නිසා සිගිත්තා සදහා කිරිපිටි වර්ගයක් තෝරා ගැනීමට පෙර දරුවාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.
  2. බොහෝ කිරි වර්ග නිෂ්පාදනය කර තිබෙන්නේ එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි වලිනි. එමෙන්ම බොහෝ වෛද්‍ය වරුන්ගේ තෝරා ගැනීමද එලදෙනුන් ගෙන් ලබා ගත් කිරි ආශ්‍රයෙන් නිපදවූ ළදරු කිරිපිටි වුවත්, සත්වමය කිරි සදහා ආසාත්මිකතා දක්වන  දරුවන් සදහා දරුවාගේ වෛද්‍යවරයා යොජනා කරනු ඇත්තේ සෝයා කිරි නිෂ්පාදනයි.
  3. ආසාත්මිකතා යනු ඔබේ පවුලේ සාමාජිකයන් අතර බහුලව දැකිය හැකි තත්වයක් නම් දරුවාගේ වෛද්‍යවරයා ජීර්ණය සදහා පහසු ජලමිශ්‍රිත (  Hydrolyzed formula ) කිරිපිටි නිෂ්පාදන තොරා ගැනීමට උපදෙස් ලබා දෙනු ඇත.
  4. ඇතැම් ළදරු කිරිපිටි නිෂ්පාදන ප්‍රෝබයොටික්ස් ( probiotics) එනම් යෝගට් වැනි නිෂ්පාදන වල අඩංගු හිතකර බැක්ටීරියා වලින් සමන්විත වේ. මව් කිරි වලද දැකිය හැකි මෙම හිතකර බැක්ටීරියා දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් සෞඛ්‍යමත් කරයි. එවැනි නිෂ්පාදන සදහා වැඩි ඉඩක් ලබා දීම නැණවත් තීරණයක් වේවී.
  5. ඔබ තෝරා ගන්නා ළදරු කිරිපිටි නිෂ්පාදන වල යකඩ අඩංගු වීම ඉතා වැදගත් සාධකයක්. නමුත් ඇතැම් සෞඛ්‍යමය තත්වයන් මත  ළදරුවාට යකඩ අඩංගු ආහාර ලබා නොදීමට වෛද්‍යවරයා  විශේෂයෙන්  උපදෙස් දී ඇත්නම්, එම උපදෙස් ඔබ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. නමුත් අනෙකුත් සෑම අවස්ථාවකදීම යකඩ අඩංගු ළදරු කිරිපිටි වර්ගයක් තෝරා ගැනීම ඔබේ දරුවා රක්තහීනතාවය වැනි රෝග වලින් දුරස් කර තබනු ඇත.

ඔබේ ළදරුවාගේ වර්ධක අවධියේ මුලික ආහාරයක් වන ළදරු කිරිපිටි තෝරා ගැනීමේදී ආදරණීය, බුද්ධිමත් මවක් වූ ඔබත් මේ කරුණු පිළිබදව අවධානය යොමු කරනවා නේද?

– එරන්දි –

Related Articles

Don't Miss


Latest Articles