ජිම් යන්නෙ නැතුව ගෙදර ඉඳන් මේ දේවල් කළොත් සිරුරේ බර වේගයෙන් අඩු වේවි.

මහත අඩු කර ගන්න, ඇඟ හැඩ කර ගන්න අපි හැමෝම කැමතියි.ඒත් ඩයට් ප්ලෑන් කරලා මහත අඩු කරගත්තත් ජිම් යන්න සමහරුන්ගේ වැඩි කැමැත්තක් නෑ. හේතුව තමයි සවෘත අවකාශයක දාඩිය දාගෙන ඇඟ වෙහෙසවන්න තියන අකමැත්ත. අත පය රිදිලි එක්ක හැමදාම එක වගේ එක්සයිස් කරන්න බෑ කියලා හිතෙනවා නම් අපි ටිකක් ෆන් එක්සයිස් ටිකක් හොයා ගමුද? මේ ඒ ගැනයි. ඒ වගේම මේ සමහර එක්සයිස් ජිම් යන්න වෙලාවක් නැති ඔබට එදිනෙදා කරන්න පුලුවන් ව්‍යායාම බව නොකියාම බැහැ.

ඩාන්ස් කරන්න.

ඩාන්ස් කරන්න කවුද අකමැති. සින්දුවක් දාගෙන හිතේ හැටියට නටන්න අපි ඕනෑම කෙනෙක් කැමතියි. ඔව්! ඩාන්ස් කිරිල්ලත් හොඳ ව්‍යායාමයක්.හාවඩ් සෞඛ්‍ය වාර්තාවකට අනුව කියවෙනවා රාත්තල් 125 බර කෙනෙක් දවසකට පැය බාගයක් ඩාන්ස් කරනවා නම් කැලරි 180ක් දහනය කරන්න පුලුවන් බව. පැය බාගයක් වේග රිද්ම ඩාන්ස් එකක් කිරීම මඟින් අපි ඕන කෙනෙක්ට කැලරි දෙසීයක් පමණ දහනය කර ගන්න පුලුවන්.

ඇවිදීම

ලස්සන පරිසරයක්, ජොගින් ට්‍රැක් එකක් තෝරාගෙන ඇවිදින්න යන එකත් සුන්දර අත්දැකීමක්.පැය බාගයක් ඇවිදීමෙන් අපිට කැලරි 200-300 අතර ප්‍රමාණයක් දහනය කර ගන්න පුලුවන්.

මොප් කිරීම

හපොයි බෝරිං වැඩක්! බෝරිං තමයි. ඒත් ඉතින් බර අඩු කර ගන්නත් ඕන කියලා හිතලා එක්සයිස් එකක් විදියට කරන්න. පැයක් මොප් කිරීම නිසා අපිට කැලරි 240 ක් දහනය කර ගන්න පුලුවන්. වැඩේ නරක නැහැනෙ! ස්මාර්ට් විදියට කෙට්ටු වෙන ක්‍රමයක්.

යෝගා ව්‍යායාම

යෝගා කිරීම ඔබේ සිරුර හැඩ කරගන්න හොඳම උපක්‍රමයක්. මිනිත්තු තිහක් තුළ විවිධ යෝගා වලින් ඔබට දහනය කර ගත හැකි කැලරි ප්‍රමාණය පහත වගුවෙන් දැන ගන්න පුලුවන්

පඩි නැගීම

අපි දැන් ලිෆ්ට් එකට ඇබ්බැහි වෙලා. කාර්යාලයේ පුටුවකට වෙලා සැපපහසුවට දවසම ඉන්නවා නම් ලිෆ්ට් එක පාවිච්චි නොකර පුලුවන් තරම් පඩිපෙළ පාවිච්චි කරන්න. ඔබ පඩිපෙළ 100 නැගීම ඔබට කැලරි 4.6 පමණ දහනය කරලා දෙනවා. ටිකක් වුණත් නිකම්ම ඉන්නවට වඩා හොඳ නිසා පඩිනැගලා කැලරි දහනය කර ගැනීමත් එදිනෙදා හොඳ ව්‍යායාමයක්.

ලිංගික ක්‍රියාකාරකම්

පැය බාගයක් පමණ වෙලාවක් ලිංගික කටයුතු වල නිරත වීම ඔබේ කැලරි 100- 150 අතර ප්‍රමාණයක් දහනය කරන බව පැවසෙනවා.

හයික් යාම

සැපපහසු චාරිකා විතරක් නෙවෙයි.අපට ඉඳහිට කුඩා ප්‍රමාණයේ කන්දකට හෝ හයික් එකක් යන්න පුලුවන්.කිලෝමීටර එකහමාරක් පමණ දුරක් කන්දක් නැගීමත් අපේ කැලරි 390 පමණ දහනය කරන්න සමත් වෙනවා.

ඉතින් ඔබට වැටහෙනවා ඇති බර අඩු කරගන්න ජිම් යන්නම ඕනෑ නෑ. එදිනෙදා ක්‍රියාකාරකම් සහ ඇවිදීම වගේ දේවල් ඔබේ බර අඩු කරන හොඳ ව්‍යායාම තමයි.

Related Articles

Don't Miss


Latest Articles