අත් යට හා ලිංගාශ්‍රිත ප්‍රදේශ වල රෝම ඉවත් කිරීමට ස්වභාවික වැක්ස් එකක් නිවසේදීම හදමු

වැක්ස් කිරීම හැම යුවතියක්ම අනිවාර්යයෙන් කරන දෙයක්.සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට තිබෙන ක්‍රම අතරින් වැක්ස් කිරීම ඉතා සාර්ථක ක්‍රමයක්.

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරන ක්‍රම

  • වැක්ස් කිරීම
  • ටච් අප් කිරීම
  • ත්‍රෙඩිං කිරීම
  • ටුවිසර් කිරීම
  • රේසර් කිරීම
  • වැක්ස් ක්‍රීම් ආලේප කර අනවශ්‍ය රෝම ඉවත් කිරීම

යන ක්‍රම වර්තමානයේ තරුණියන් අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සදහා භාවිතා කරනවා.මේ ක්‍රම අතරින රේසර් භාවිතය ඉතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස බොහෝ තරුණියන් භාවිතා කළත් ඉන් රෝම කූප ඝනකම් වෙනවා.ඒ වගේම සමෙහි තුවාල ඇති වෙන්නත් පුලුවන්.
ත්‍රෙඩිං කිරීම සුදුසු වන්නේ ඇහිබැම සැකසීමට පමණයි.
ඒත් කිහිලි, ඉකිලි, දෙපා දෑත් වල මේ ආකාරයන් ගෙන් රෝම ඉවත් කිරීමට වඩා වැක්ස් ක්‍රමය සාර්ථකයි.

වැක්ස් කිරීම සාර්ථක වීමට හේතු

  1. නැවත රෝම වර්ධනය වේගවත් නැහැ.
  2. ‍රෝම ඉවත් කිරීමෙන් පසු සමේ කැසීම් සහ ඉරිතැලීම් සිදු වීම ඉතා අවමයි.
  3. වැක්ස් කිරීමෙන් පසු සමේ දැවිල්ලක් නැත.
  4. යළි වර්ධනය වන රෝම සිනිඳු ස්වභාවයක් ගන්නා නිසා ඉවත් කිරීම පහසුයි.
  5. ඔබට තනිව වැක්ස් කිරීම සිදු කර ගත හැකියි.

සාමාන්‍යයෙන් සැලෝන් එකකට ගිහින් වැක්ස් කරන්න අපි පුරුදු වෙලා හිටියත් අපිට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා වැක්ස් එකක් ගෙදරදී කරගන්න පුලුවන්. මේ ලිපිය ඒ ගැනයි.

Soft wax ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

වැක්ස් මිශ්‍රණයට

  • සුදු සීනි කෝප්ප 1
  • දෙහි යුෂ මේස හැදි 1
  • මී පැණි කෝප්ප 1/4

සත්කාරයට

  • වැක්ස් ක්ලෙන්සර් එකක්
  • වැක්ස් රිමූව් ශීට්ස්
  • ලී හැන්දක් හෝ පතුරක්
  • බේබි පවුඩර්
  • බේබි ඔයිල් හෝ මොයිස්චරයිස් ක්‍රීම්

වැක්ස් එක කරන්නේ මෙහෙමයි.

  • මඳ රස්නයෙන් භාජනයක් තුළ සීනි උණු කරන්න.
  • සීනි කැරමල් වූ පසු එයට ලෙමන් යුෂ සහ මී පැණි එකතු කරන්න.
  • සීනි ඝන ඉටි ගතියක් සහිත නම් වතුර එක් කරන්න.
  • දැන් වැක්ස් එක සූදානම්.
  • වෙළඳපොළෙන් වැක්ස් ක්ලෙන්සර් එකක් මිලට ගෙන එය රෝම ඉවත් කරන ස්ථානයේ ආලේප කර ගන්න.
  • බේබි පවුඩර් ටිකක් ආලේප කර ගන්න.
  • ඉන්පසු සාදා ගත් වැක්ස් එක ලී හැන්ද ආධාරයෙන් ආලේප කර ගන්න.
  • වැක්ස් රිමූව් ශීට් එකක් ඒ මත අතුරා මඳක් තබා පහළට අදින්න.
  • අනවශ්‍ය රෝම පහසුවෙන් ඉවත් වෙනවා.
  • බේබි ඔයිල් හෝ මොයිස්චරයිස් ක්‍රීම් එකක් වැක්ස් එක ආලේප කළ ප්‍රදේශයේ ආලේප කර ගන්න.

මෙය සුදුසු වන්නේ කකුල් සහ අත් වැනි තැන්වල රෝම ඉවත් කිරීමටයි. සංවේදී ස්ථානවල රෝම ඉවත් කිරීමට මෙය ගැළපෙන්නේ නැහැ.

Sugar wax ක්‍රමය

අවශ්‍ය දේවල්

  • සීනි කෝප්ප දෙකක්
  • ලෙමන් යුෂ කෝප්ප 1/4
  • ශීත කළ වතුර මේස හැදි 2
  • ලුණු තේ හැදි 1
  • මේ සියල්ල හොඳින් උණු කර ගන්න.
  • සීනි කැරමල් වූ පසු ලිපෙන් බාගන්න.
  • භාජනයකට දමා නිවෙන්නට හරින්න.
  • හොඳින් නිවුණු පසු මෙය ඉටි ස්වරූපයක් ගන්නවා.
  • එය රෝම ඉවත් කරන්නට අවශ්‍ය ප්‍රදේශයේ ආලේප කරන්න.
  • ටිෂූ පේපර් එකකින් ඉහළට පිස දමන්න.
  • රෝම පහසුවෙන් ඉවත් වෙනවා.
  • ඇලෝ ජෙල් එකක් හෝ මොයිස්චරයිස් එකක් ආලේප කර ගන්න.

මෙය upper lip එකේ රෝම ඉවත් කිරීම, ඇහිබැම සකස් කිරීම සහ bikini areas වල රෝම ඉවත් කිරීමට යොදා ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles