එකම විදියට ගෙවෙන පීඩාකාරී ජීවිතේට සමු දීලා ජීවිතේට අලුත්ම වෙනසක් එක් කර ගනිමුද?

සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති ඔබේ ජීවිතය ඒකාකාරී වෙලා කියලා.ඒකාකාරී ජීවිතේ එකම විදියට ගෙවනකොට ලොකු ආතතියකට අපි පත් වෙනව. නමුත් ජීවන රටාවෙ පොඩි වෙනසක් කරල ආතතියෙන් මිදිල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති නම් මේ ලිපිය ඔයාට වැදගත් වේවි.

ඒ සදහා ඔබට ඔබේ ජීවිතේ යම් යම් වෙනස්කම් කර ගන්න නම් සිදුවේවී…ඔබව වෙනස් කර ගැනීමේදී ප්‍රධානවම ඔබේ අවදානය යොමු වෙන්න ඕන ඔබව දියුණු කර ගැනීමටයි. ඔබ ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනේ. ඔබ තුළ තියන සමහර පුරුදු අත් ඇරලා ගුණාත්මක පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගත්තම ඔබට වඩා සැහැල්ලුවක් දැනේවී. ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරගන්න ඔබට මොනවද කරන්න පුලුවන් ? බොහොම පහසු ක්‍රම කීපයක් අනුගමනය කරන එක විතරයි ඔබට කරන්න තියෙන්නේ

කැළඹිලි සහිත දේවල් ජීවිතෙන් ඉවත් කරන්න

ඔබගේ රැකියා ස්ථානය සහ නිවස සැමවිටම අවුල් සහගත නම් ඔබට ඔබේ ජීවිතයේ කවදාවත් දියුණු වෙන්න බෑ. පිළිවෙලට හා සංවිධානාත්මක වැඩ කරන්න පටන් ගන්න.අවුල් සහගත සියලු දේවල් ඉවත් කරන්න. ඔබ කරන සෑම කටයුත්තක්ම ආසාවෙන් කරන්න පටන් ගන්න

ලැයිස්තුවක් සාදන්න

මේ වසරේ ඔබට කිරීමට අවශ්‍ය සියලු දේ ලැයිස්තුවක් සාදන්න. ඔබ දැනටමත් එයට ප්‍රමාදයි කියලා හිතන්න එපා.ඔබට හැකි ඉක්මනින් ඔබේ ලැයිස්තුවේ වැඩ කිරීම ආරම්භ කරන්න.කළ යුතු දේ ලැයිස්තුවක් දිනපතාමත් පවත්වා ගෙන යන්න ඔබට උත්සාහ කරන්න පුලුවන්. උත්සහය අත් නොහැර එදිනට නියමිත වැඩ එදිනම කිරීමට උත්සහ කරන්න.පසුවට කල් තබන්න එපා

ඔබේ නරක පුරුදු අත්හරින්න

ඔබ අධික ලෙස දුරකථනයට හෝ රූපවාහිනීයට ඇබ්බැහි වී ඇතිනම් එය හැකි ඉක්මනින් සීමා කරන්න . කාලය නිකරුනේ කා දමන පුරුදු වලින් ඈත් වී එම කාලය ප්‍රයෝජනවත් යමක් සඳහා යොදවන්න ඔබට පුලුවන්

ඇඳුම් පැළඳුම්

හොඳින් ඇඳුම් ඇඳීම සහ මේකප් කිරීම මඟින් ඔබ ප්‍රියමනාප ලෙස සිටීම වැදගත්. නිවැසියන් හෝ ඔබේ රැකියා ස්ථානයේ අයට ඔබ ගැන පැහැදිමක් සහ පැහැදිලි සිතුවිල්ලක් ඇති කරන්නත් ඔබට ඔබ ගැන තෘප්තිමත් හැඟීමක් ඇති කරන්නත් එයින් පුලුවන් .ඔබට සුදුසු මිල අධික නොවන ඇඳුම් ,පිරිසිදු කල පොඩි නොවුන ඇඳුම් අඳින්නට ,සුදුසු මේකප් භාවිතා කිරීමටත් මෙහිදී වග බලාගන්න.

වේලාසනින් අවදි වන්න

අලුයම අවදි වීම මගින් ඔබේ දවස දිගු කරගැනීමටත් වැඩි වැඩ ප්‍රමාණයක් කරගැනීමටත් ඔබට පුලුවන්. මෙම කාලය ඔබ වෙනුවෙන් වෙන් කර ඔබේ දේවල් කරගන්න.ඉවුම් පිහුම් වලට අමතරව ව්‍යායාම කිරීම, කෝපි කෝප්පයක් රස විඳින ගමන් පුවත්පතක් හෝ පොතක් කියවීම කරන්න ඔබට පුලුවන් .එසේ නැතිනම් ජනේලය අසල වාඩි වී සොබාදහමේ සුන්දරත්වය විඳ ඔබේ මනසට නැවුම්බවක් එකතු කරගන්නත් ඔබට පුලුවන්

ඔබව පහතට ඇද දමන පුද්ගලයන්ගෙන් ඉවත් වන්න

ධනාත්මක බවින් පිරිපුන් පුද්ගලයන් සමඟ ඔබ එක් වී ඔබේ ජීවිතයේ සෘණාත්මක බව පතුරවන අයට සමුදෙන්න. ධනාත්මක පුද්ගලයන් අපගේ ජීවිතයේ ඉදිරියට යාමට දිරිගැන්වීමක් හා ශක්තියක් ලබා දෙන අතර විෂ සහිත සම්බන්ධතා සහ නරක මිත්‍රත්වයන් අපව සෘණාත්මක පුද්ගලයන් බවට පත් කරයි.එම නිසා දෙවරක් නොසිතා එවැනි පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න.

වැඩිදුර කියවන්න

ඔබ අලුත් පොතක් කියවන හැම අවස්ථාවකම වෙනස් ලෝකයක් අත්විඳීමට ඔබට හැකි වෙනවා. යම් කාලයක් වැය කර වැඩිදුර කියවීම පටන් ගන්න.ඔබ කැමති විශයක් යටතේ ලියවුනු පොත් ,නවකතා හො කෙටි කතා ,කවි ඇතුලු ඕනෑම දෙයක් කියවීම සඳහා දවසේ සුලු වේලාවක් හෝ වෙන් කරගන්න.

ඔබගේ ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න

ඔබ ඔබේ පවුලේ අය හෝ මිතුරන් සමඟ එකට වාඩි වී අවසන් වරට සාමාන්‍ය කතාබහක නිරත වූයේ කවදාද? ඔබගේ දුරකථනය රැගෙන ඔවුන්ට දැන්ම ආරාධනා කරන්න. පවුල සහ මිතුරන් සමඟ කාලය ගත කිරීම ඔබේ මනසට සුවදායි මෙන්ම වෙනස් හැඟිමක් එකතු කරාවි

නිසි ලෙස අනුභව කරන්න

සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න.ඔබ මොන තරම් කාර්‍යබහුල වුවත් ඔබේ ආහාර වේල් කිසි විටෙකත් මඟ නොහැරීමට මතක තබා ගන්න.

අන් අය සතුටු කිරීම නවත්වන්න

ඔබ ඔබේ මුළු ජීවිතයම අන් අය සතුටු කිරීමට පමණක් උත්සාහ කර ඇත්නම් එය වහාම නවතා දමන්න.ඔබේ සතුට වෙනුවෙන් ඔබ සතුටු වෙන දේවල් කරන්න කාලය වැය කරන්න. කිසිවෙකුටත් ඔබේ සතුට පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

ඔබේ සීමාවන් පිළිගන්න

ඔබට සෑම දෙයකින්ම විශිෂ්ට විය හැකි වන්නේ නෑ. ඔබ අතිනුත් වැරදි වෙන්න පුලුවන් . එම වැරදි නිසා ඔබ ආදරය කරන දේවල් කිරීමෙන් වැලකීමට ඉඩ නොදෙන්න. සෑම මිනිසෙකුම දෝෂ සහිත බවත්, එහි කිසිදු වරදක් නොමැති බවත් පිළිගන්න.

ජීවිතය යනු ඔබට ඕනෑ ආකාරයට පෙලගස්වා ගත හැකි එකක් නිසා එය ප්‍රයෝජනවත් ආකාරයට ගත කරනවාද නැතිනම් නිකරුනේ නාස්ති වන්නට ඉඩ දෙනවාද කියා ඔබ විසින්ම තීරණය කල යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇති. හැමදාම එකම තැන පල්වෙන ජීවිතේකට වඩා ඔබේ අරමුණු කරා අඩියක් හරි දිනපතා ඉදිරියට යන ජීවිතයක් බොහොම වටිනව. එසේ ක්‍රමයෙන් ඔබේ අරමුණු වෙත යෑමට නම් ඔබ වෙහෙසිය යුතුය. ඉහත ක්‍රම ඔබ අත් හදා බැලිය යුතු යැයි අප යෝජනා කරන්නේ ඒ නිසාය. මේ ක්‍රම තුලින් වෙනසක් එකතු කරන් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන ගමන් ඒ වෙනස ගැන අපිවත් දැනුවත් කරන්න කියල ආදරණීය ඉල්ලීමක් කරනව.

Related Articles

Don't Miss


Latest Articles