ඉක්මනින් කෙට්ටු වෙන්න නම් මේ විදියට කෝපි බොන්න.

ඔබ දවස ආරම්භ කරන කෝපි කෝප්පයෙන් සිරුරේ අනවශ්‍ය බර අඩු කරන බව පුලුවන් කියලා ඔබ දන්නවද? සිරුරේ බර අඩු කර ගන්න කැමති ඔබට සතුටු දායක් ආරංචියක් නේද ඒ ආරංචිය?

කෝපි කියන්නෙ ඉතාම රසවත්, ගුණවත්, සෞඛ්‍යයට හිතකර වගේම කවුරුත් අතර ජනප්‍රිය පානයක්. ඉතින් මේ කෝපි වලින් කොහොමද ඔබේ බර අඩු වෙන්නේ? ඒ ගැන මේ ලිපියෙන් නිවැරැදිව දැන ගමු.

බර අඩු කරගැනීම සඳහා වඩාත් සුදුසු කෝපි වර්ගය වන්නේ කලු කෝපියි ( black coffee ) . තරමක් කටුක රසයක් තිබුනත් බටහිර රටවල් වල වැඩිපුරම ජනප්‍රිය මේ කෝපි වර්ගයයි. සමහරුන්ගේ ප්‍රධාන ආහාර වේලේ කොටසක් තමයි මේ කලු කෝපි කියන්නේ.මේදය දහනය කරන මොන තරම් පාන තිබුනත් ඒ සියල්ල පරදවා කෝපි පානය මුල්තැන ගන්නවා.

කොහොමද කෝපි වලින් බර අඩු වෙන්නේ?

ශරීරයේ බර වැඩි කරන මේදය , කැලරි හා කොලෙස්ටරෝල් කෝපි වල අඩංගු වෙන්නෙ නැහැ

ශරීරයේ බර වැඩි කරන ඉහත සංඝටක කෝපි වල අඩංගු නොවෙන නිසා සෞඛ්‍යයට හානි නොකරන වාසිදායක පානයක් සොයන ඔබට කෝපි කියන්නේ සුදුසුම පානයක්

ඔබ ගන්නා ආහාර වල ඇති කැලරි ශරීරයට උරාගන්නා ප්‍රමාණය අවම කරනවා

ඔබ කොතරම් කැලරි අධික ආහාර ගත්තත් කෝපි වල ඇති කැෆේන් නැමති සංඝටකය මඟින් එම කැලරි ශරීරයට උරාගැනීම අවම කරනවා.

සිරුරේ ඇති මේදය වේගයෙන් දහනය කරනවා

සීනි රහිත කෝපි පානය මඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහල නංවන අතර එහිදි ශරීරයේ අනවශ්‍ය මේදය ,විශේශයෙන්ම උදරය ආශ්‍රිත මේදය වේගයෙන් දහනය කරනවා

කුසගින්න පාලනය කරනවා

කෝපි වල අඩංගු කැෆේන් නැමති සංඝටකය නිසා ඔබේ ආහාර රුචිය අවම කරනවා.ඒ වගේම කුසගිනි දැනෙන හෝමෝන නිකුත් වීමද අවම කරනවා

ක්‍රියාශීලිත්වය වැඩි වී ව්‍යායාම වලින් වැඩි ප්‍රතිපල ලබා දෙනවා

බොහෝ දෙනා ව්‍යායාම කිරීමට පෙර කෝපි පානය කරනවා.මෙයට හේතුව වන්නේ කෝපි පානය නිසා ශරීරයේ ක්‍රියාශීලිත්වය වැඩි වීමයි.එමඟින් ව්‍යායාම වලින් ඔබට වැඩි ප්‍රතිඵල ලබා දෙනවා

බර අඩු කරගන්න නම් කෝපි බොන්න ඕන කොහොමද ?

ඔබ දිනකට කෝපි කෝප්ප හතරක් හෝ පහක් පානය කරනවා නම් විනාඩි 30 ක් ව්‍යායාම කිරීමෙන් දහනය වන මේද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දහනය වෙනවා කියලා පරික්ශන වලින් සොයාගෙන තියනවා.
කෝපි පානයට සුදුසුම කාලය උදේ කාලය ලෙස සැලකෙනවා. නමුත් රාත්‍රියේදි ඔබ කෝපි පානය කරනවා නම් නින්දට යාමට පැය කීපයකට පෙර කෝපි පානය කල යුතුයි. එයට හේතුව වන්නේ කෝපි වල ඇති කැෆේන් මඟින් ඔබේ නින්ද අවම කිරීමයි.
ඒ වගේම කෝපි පානයේදි සීනි ඉතා අවම වශයෙන් භාවිතා කල යුතු වෙන අතර කිරි භාවිතා නොකර සිටීම වඩාත් සුදුසු වෙනවා

කෝපි වලින් ශරීරයට අත්වෙන වෙනත් වාසි මොනවද ?

හෘද රෝග ඇතිවීම අවම කරයි
මතක ශක්තිය වර්ධනය කරයි
අක්මාව පිරිසිදු කරන නිසා අක්මාව ආශ්‍රිත රෝග වැළඳීම වලක්වයි
උදරය පිරිසිදු කර උදරයේ ඇති විශ ඉවත් කරයි
පියයුරු පිළිකා ,බඩවැල් පිළිකා සහ ගුද මාර්ග පිළිකා වැළඳීම අවම කරයි
මානසික පීඩනය අවම කරයි

කෝපි පානය මඟින් සිරුරේ බර අඩු කරගන්න ක්‍රම ඔබ දැන් දන්නවා. නමුත් ඉරුවාරදය සහ මල බද්ධය සහිත අය කෝපි පානය කිරීම සුදුසු වන්නේ නැහැ. එම නිසා ඔබේ සෞඛ්‍ය තත්වය සලකා බලා ඒ අනුව ඔබේ බර අඩු කරගැනීම සඳහා කෝපි පානය කරන්න කියලා අපි ඔබට මතක් කරනවා

Related Articles

Don't Miss


Latest Articles