පිම්පල්ස් නිසා මුහුණේ ඇතිවන වලවල් හෙවත් Pores අඩුවීම සඳහා නිවසේදීම ප්‍රතිකාරයක්.

මුහුණ මත වළවල් ඇති වීම බොහෝ දෙනෙකුට තියන ගැටලුවක්.පෙනුමට හානි වීම සහ තවත් බොහෝ ගැටලු ඇති වීම නිසා ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර ගැනත් ඒවා ඇති වෙන්න හේතු ගැනත් අද අපි කතා කරමු.

ඇයි මේ වළවල් ඇති වෙන්නේ?

ප්‍රධානම ප්‍රශ්නය පිම්පල්ස්. පිම්පල්ස් නිසා මෙන්න මේ තත්ව ඇති වීමෙන් මුහුණේ වළවල් ඇති වෙනවා.

  1. පිම්පල්ස් එනවිටම පිම්පල්ස් අඩුවීමට අවශ්‍ය සත්කාර නොකර සිටීම නිසා එම ඇක්නි පැසවීම සිදුවනවා. ඒ පැසවන ඇක්නි ඉක්මනින් කැඩීයාමත් සමග විශාල වලවල් මුහුනේ ඇති වෙනවා. මෙය තමයි pores හෙවත් මුහුණේ වලවල් ඇතිවීමට ප්‍රධානම කාරණය. මීට අමතරව කුරුලෑ කැඩීමත් සමගම මුහුණ පුරා ඇක්නි ආසාදන තත්වයන් ඇතිවීම නිසා මුහුණ පුරාම දරුණු ලෙස ඇක්නි ඇතිවීමත් ඒ හරහා වලවල් මුහුණ පුරා ඇතිවීමත් සිදු වෙනවා.
  2. පිම්පල්ස් නියපොතු වලින් ඇල්ලීම හා කැඩීම කියන කාරණයත් නිසා වලවල් මුහුණ පුරා ඇති වෙනවා.

මේ තත්ත්වය වළක්වා ගන්නේ කොහොමද?

  1. පිම්පල්ස් පැසවීමට ඉඩ නොදී ප්‍රතිකාර කිරීම.
  2. පිම්පල්ස් නියපොතු වලින් නොකැඩීම.
  3. පිම්පල්ස් සහිත මුහුණ නිතරම ක්ලෙන්සර් කර පිරිසිදු කිරීම
  4. පිම්පල්ස් අනවශ්‍ය ලෙස මිරිකීමට නොයාම – එවිට විෂබීජ පැතිරී වර්ධනය වැඩි වෙනවා.
  5. පිම්පල්ස් වල සැරව අයින් කරද්දී නියපොතු භාවිතා නොකර ඇඟිලි තුඩු භාවිතා කිරීම.

මොනවද කරන්න පුලුවන් දෛනික සත්කාර?

අයිස් කියුබ් සත්කාරය

අයිස් කියුබ් එකකින් රවුමට මුහුණ මසාජ් කරන්න.

නිතර මුහුණ ක්ලෙන්සර් කරන්න.

ස්වභාවික ක්ලෙන්සර් වර්ග වන කෝමාරිකා මද සහ පිපිඤ්ඤා යුෂ මුහුණේ මිනිත්තු පහළොවක් පමණ ගල්වා තබා සෝදා හරින්න.

ස්ක්‍රබ් කිරීම

කෝපි කුඩු, සීනි සහ දොඩම් යුෂ මේස හැන්ද බැගින් රැගෙන මිශ්‍ර කර මුහුණේ මිනිත්තු විස්සක් ගල්වා තබා සෝදා හරින්න

ටෝනර් කරන්න.

දෙහි හෝ දොඩම් යුෂ වලින් මුහුණ ටෝනර් කරන්න

බේකින් සෝඩා සත්කාරය

බේකින් සෝඩාවලින් මුහුණේ මැරුණු සම ඉවත් වෙනවා. බේකින් සෝඩා තේ හැදි දෙකක් ඇල් ජලය සමඟ මිශ්‍ර කර මුහුණේ වලවල් මත තවරා විනාඩි තුනකින් සෝදා හරින්න.

පිරිසිදු පොල් තෙල්

මෙහි ලෝරික් අම්ලය මගින් මුහුණේ විෂබීජ ඉවත් කරනවා.පොල් තෙල් මුහුණේ තවරා මිනිත්තු තිහක් තබා මඳ උණු ජලයෙන් සෝදා හරින්න.විෂබීජ සහ ලප කැලැල් ඉවත් වෙනවා.

පිපිඤ්ඤා,මී පැණි සහ කුරුඳු කුඩු මිශ්‍රණයක් සාදා මුහුණේ තැවරීමත් හොඳ ප්‍රතිකාරයක්

මුහුණේ ඇති වලවල් සඳහා පැක් එකක් යොදමු

අවශ්‍ය දේවල්

  • ආමන්ඩ් කුඩු
  • මින්චි කොළ ඉස්ම
  • කස්තුරි කහ
  • කෝමාරිකා යුෂ
  • විටමින් E කරලක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර පැය බාගයක් පමණ වෙලාවක් මුහුණේ ගල්වා තබා සෝදා හරින්න.

මේ වගේ ස්වභාවික ප්‍රතිකාර ඔබේ මුහුණේ වළවල් ඇති වීම පාලනය කරන්නත් ඇති වී ඇති වලවල් ඉවත් කරන්නත් ඔබට උදව් වේවි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුද?

ඔබේ සිරුරේ දැඩි හෝමෝන ගැටලු නිසා හෝ සිරුරේ අධි බර නිසා නොනවත්වාම කුරුලෑ හට ගන්නවා නම් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුමයි.

චර්ම රෝග විශේෂඥවරයෙක් හමු වී වැඩි දුර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් ඇති නම් ස්වභාවික ප්‍රතිකාර වලින් නොසෑහි ඒ සඳහා යොමු වෙන්නත් අමතක කරන්නම එපා.

මේ ප්‍රතිකාර යම් කාලයක් නිවැරදිව කිරීමෙන් පමණයි මුහුණේ ඇතිවී තිබෙන මෙම වලවල් මඟ හැර ගන්න පුලුවන් වෙන්නේ කියන කාරණය ඔබ මතක තබා ගත යුතුමයි. අතරමග නතර කළොත් නම් මේ තත්වයේ කිසිදු වෙනසක් ලබා ගන්න ඔබට හැකි වෙන්නේ නැහැ.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Related Articles

Don't Miss


Latest Articles