ඔබේ ආදරණීය දරුවන් විෂබීජ වලින් ඈත් කර තබා ගන්නේ මෙන්න මෙහෙමයි !

1.හොඳින් අත් සෝදන්න.

කිසියම් ආගන්තුක දෙයක් ඇල්ලීමෙන් හෝ පිටත පරිසරයට නිරාවරණය වීමෙන් පසු අත් සේදීම අනිවාර්යයෙන් ම කළ යුතු බව කියාදෙන්න.ඒ වගේම නිතරම මුහුණ කට ඇස් ආදිය ස්පර්ශ නොකළ යුතු බව කියා දෙන්න.

දරුවන් විෂබීජවලින් වගේම ලෙඩදුක් වලින් ආරක්ෂා කර ගැනීම දෙමාපියන් සතු විශාල වගකීමක්.ඉතින් මේ වසංගත සමයේදී විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් වීමට සිදුවෙනවා.වැඩිහිටියන් තරම්ම තත්වයේ බරපතලකම දරුවන් නොදන්නා නිසා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීම කර ගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ සතුයි.

2.පිටතින් ගෙනෙන සියලුම දේවල් විෂබීජහරණය කරන්න.

ඔබ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස ගෙනෙන දේවල් සියල්ලම විෂබීජ වලින් පිරී ඇති බව අමතක කරන්න එපා.ඒවා දරුවන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයක තබන්න.විෂබීජ හරණයෙන් පසුව පමණක් පාවිච්චි කරන්න.

3.බැක්ටීරියා රෝග කාරක විනාශ කරන අහ්‍යාස පොත් සහ පෑන් ලබා දෙන්න.

ඇට්ලස් සමාගම මේ සඳහා විසඳුමක් රැගෙන ඇවිත් තිබෙනවා. ලංකාවේ පළමු බැක්ටීරියා නාශක අභ්‍යාස පොත් සහ පෑන් දැන් වෙළෙඳ පොළේ තිබෙනවා.ඉතින් බියකින් සැකයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒවා ලබා ගන්නට ඔබට වාසනාව උදාවී තිබෙනවා.
අභ්‍යාස පොත් වල පිට කවරයේ වානිෂ් ස්ථරයේ සහ පිටුවල අඩංගු සුවිශේෂී බැක්ටීරියා නාශක සංයෝගය එහි පෘෂ්ඨය මතුපිට ගැටෙන බැක්ටීරියා පැය 24ක් ඇතුළත 99.9%ක් විනාශ කර දමනවා.

පෑන් වල පිටත ආවරණය සාදා ඇති අමුද්‍රව්‍ය බැක්ටීරියා නාශක සංයෝගයකින් සාදා ඇති නිසා එහි පෘෂ්ඨය මතුපිට ගැටෙන බැක්ටීරියා 99.9% විනාශ කිරීමට සමත්.ඉතින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුව ම වද වෙන ඔබට මේ තොරතුර ඉතාමත් සතුටක් බව අප දන්නවා.ඉතින් මින්පසු අභ්‍යාස පොත් සහ පෑන් සමඟ විෂබීජ නිවසට පැමිණෙන්නේ නැති බවට ඔබට විශ්වාසයක් තිබෙනවා.

4.පිටතින් කෑම වර්ග ගැනීම හැකිතාක් අවම කරන්න.

නිවසේදීම රසවත් ආහාර සාදා ගන්නට ඔබට පුළුවන්.පවතින තත්වය ගැන නිසි අවබෝධයක් දරුවන්ට ලබා දීමෙන් පිටත ආහාර ඉල්ලමින් කරන යෝජනා අවම කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා.

5.ආරක්ෂා වීම විනෝදයක් කරගන්න.

පොඩිත්තන් සමඟ මෙය ක්‍රීඩාවක් ලෙස සිදු කිරීමටත් ඔබට පුළුවන්. මුලින්ම coronavirus එක පිළිබඳ ඔවුනට පැහැදිලි කර දෙන්න.එය බෝවිය හැකි ආකාර කියා දෙන්න.වෛරසය මිනිස්සු සොයමින් ගමන් කරන නිසා,තමන්ගේ රෝගය තව තවත් පැතිරවීමට මාන බලන නිසා නැවැත්වීමට අපට හැකි බව කියා දෙන්න.නිවෙසේ පුංචි ආරක්ෂක කණ්ඩායමක් නිර්මාණය කරන්න .ඉතින් ඒ වගකීම ඔවුන්ට දෙන්න.කිසිදු ආගන්තුක දෙයකට මේ ආරක්ෂක කණ්ඩායම හසුකර ගත නොහැකි බව පුංචි ආඩම්බරයක් කියාදෙන්න.ඇත්තටම වීරකමක් ආරෝපණය වන මේ ක්‍රීඩාවට පොඩිත්තන් නම් ඉහළින්ම කැමති වේවි.ඒ වගේම බැක්ටීරියා වලින් තොර ඇට්ලස් අභ්‍යාස පොත් සහ පෑන් විශේෂයෙන් නිපදවමින් විෂබීජ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට ඇට්ලස් සමාගම,SLINTEC ආයතනයේ සහයෝගයද ලබා ගනිමින් නිරතුරුව කටයුතු කරනවා.නමුත් මේ සියලුම ආරක්ෂක ක්‍රම වේදයන් සමග නිසි ලෙස අත් සේදීම ඇතුලු සියලුම සෞඛ්‍ය පුරුදු ,නොකඩවා අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles