උනන්දුව සහ කැපවීම තියනවා නම් සිරුරේ බර අඩු කර ගන්නවා කියන්නේ සිහිනයක් නෙවෙයි.

හැඩැති සිරුරක් වෙනුවෙන් බර අඩු කරගන්න වෙහෙස වෙන ඔබට අපි ව්‍යායාම ගැන, ආහාර රටා ගැන ලිපි නිතරම ඉදිරිපත් කරනවා. ඒවා අනුව යමින් සිරුර හැඩ කර ගන්න උත්සාහ කරද්දී දිරි ගැන්වීමේ කතාවකට සවන් දුන්නොත් ඔබට කැපවීමෙන් බර අඩු කරගන්න තවත් ශක්තිය ලැබෙයි.

මේ ඔබ වගේම සිරුරේ මහත අඩු කර ගන්න උවමනා වුණු ඒ වෙනුවෙන් කැප වූ ප්‍රතිඵල අත් කරගත් දිරිය කාන්තාවන් ඔබට කියන ඔවුන්ගේ කතා.

Linda Migliaccio

උසස් අධ්‍යාපනය හදාරන කාලයේ ඉඳන්ම ලින්ඩා සිටියේ ඇගේ සිරුරේ බර සමඟ සටන් කරමින්.ඇය ඩයට් කිරීම අවුරුදු පහළොවේ සිට ආරම්භ කර තිබුණා. එහෙත් ඇය අධික ලෙස ආහාර ගැනීමේ Disorder එකකින් පෙළෙන්නට පටන් ගත්තා. බර අඩු කර ගැනීම ඇය දොළොස් වතාවකටත් වඩා මඟ හැරී තිබෙනවා.

ලින්ඩාගෙන් වාර්තා වූ වැඩිම බර රාත්තල් තුන්සිය 349 ක්.ඇගේ මව මිය යාමත් සමඟ ලින්ඩාගේ බර රාත්තල් දෙසියකින් වැඩිව තිබෙනවා. නාන කාමරයේ ඇද වැටී දණහිසක සිදු වූ ආබාධයක් සහ මාංශ පේශී ඉරී යාමකට ලින්ඩා ලක් වන්නේ ඒ අතර. ශල්‍ය වෛද්‍යවරයා ඇයට පවසන්නේ තුවාලය සුව කිරීමට අසීරු තරම් ලින්ඩා බර වැඩි බවත්, ඇය බර අඩු කර නොගතහොත් වසරකට පසු රෝද පුටුවක ජීවිතයක් උරුම වන බවත්.

ඒ තමයි ඇගේ ටර්නින් පොයින්ට් එක.

ලින්ඩා එළවළු, පළතුරු,ධාන්‍ය සහ ඇට වර්ග සහිත ආහාර වේලක් ගැනීම ආරම්භ කරනවා.අසීරුවෙන් වුණත් රස කෑම මඟ හරිනවා.කරන්නම බැරි බව හිතනවිට පවා ඇය සටන් කරන්න තීරණය කරනවා.ඒත් ඇය ආහාර මඟ හැර නොගෙන පෝෂණය සහ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා.TOPS නම් බර අඩු කර ගැනීමට පිහිට වූ සංවිධානය ඇයට සවියක් වෙනවා. නිවැරදි ඩයට් ක්‍රම නිසා ඇය වසර දෙකකට පසු රාත්තල් 189 ක් අඩු කර ගන්නවා. තව දුරටත් දණහිසේ සැත්කම ඇයට අවශ්‍ය වන්නේ නෑ.

මම අවසානයේ මා සතුටු කරන ක්‍රමය හොයා ගත්තා. ඇය පවසනවා.

Ann Wulff

ගර්භනී භාවය ගැන ඈන්ට තිබූ අදහස “අවශ්‍ය ඕනෑම දෙයක් කෑමට ලැබුණු අවසරයක්” ලෙසයි. ගැබ් ගැනීම් තුනක් සඳහා මුහුණ දෙන මේ තිස් නව හැවිරිදි ගුරුවරිය රාත්තල් සියයක් දක්වා බර වැඩි වී එය රාත්තල් 360ක් දක්වා වර්ධනය කර ගන්නවා.

“මං දැනටම අධි බර නිසා පෝෂණීය සහ සෞඛ්‍යමත් ආහාර අවශ්‍ය නෑ..” ඇය එහෙම හිතිවිල්ලක් ඇති කර ගන්නවා. කුඩා දැරියන් තිදෙනා සහ රැකියාව නිසා කාර්යබහුල වෙන ඇය අයිස් ක්‍රීම් එකක් කෑමේ වරදක් දකින්නේ නෑ.

ඒත් ඇයට ක්‍රමයෙන් ගැටලු ගැන හැඟෙන්නට පටන් ගන්නවා.දියණියන් එක්ක උද්‍යානයට ගියාම විනාඩි පහක් ඇවිදීමට අසීරු වීම, කාර් රථයේ ආසන පටිය දමා ගැනීමට ඇඹරෙන්නට සිදු වීම නිසා ද නිතරම මතු වෙන හිසරදයක් නිසා ද ඇයට වෙනස් වීමේ උවමනාව දැනෙන්නට ගන්නවා.

“අවුරුදු තිස් ගණනේදීම ගැටලු ඇති බවත් නොහැකියාවන් මතුව ඇති බවත් මට වැටහෙනවා..”

ඈන් බර අඩු කරගැනීමේ පාඨමාලාවකට බැඳෙන අතර වසරක් පුරා වෙහෙස වීම රාත්තල් පහකින් ඇගේ බර අඩු කරනවා. වෙහෙස දැනුණත් ව්‍යායාම අත් හරින්න හිතුනත් ඇය ඇය එය දිරි ගැන්වීමක් කරගෙන ඩයට් කිරීම සහ ජොගින් කිරීම අරඹනවා.ඉතා වෙහෙසකර වුණත් ධෛර්යය සිඳී ගියත් ඇය දිගටම වෙහෙස වෙනවා.දෙවසරක් අවසානයේ ඇය රාත්තල් දෙසිය හතකින් බර අඩු කරගෙන අවසන්.

“මට ශාරීරිකව සහ මානසිකව ලොකු සැහැල්ලුවක් දැනෙනවා.ධනාත්මක බවක් සහ ශක්තියක් දැනෙනවා.” ඈන් එහෙම කියනවා.

ඒ ඔවුන්ගේ කතාව.
වෙහෙස වී අරමුණ කරා ගොස් ඔබේ කතාවත් අපිට කියන්න ඔබට 2022 දී හැකි වෙන බව අපට විශ්වාසයි. එදාට ඈන් සහ ලින්ඩාගේ කතාව වගේම ඔබේ කතාවත් ලියන්න මම මඟ බලාගෙන ඉන්නවා.

Related Articles

Don't Miss


Latest Articles