පොත් පත් කියවීම පොඩිත්තන්ගේ මානසික සංවර්ධනය කෙරෙහි බලපාන්නේ කොහොමද?

මා තුළ ඇති සෑම යහපත් දෙයක් වෙනුවෙන්ම පොත් වලට ස්තුතිවන්ත විය යුතුයි යනුවෙන් රුසියානු මහා ලේඛක මැක්ස්කිම් ගෝර්කි ප්‍රකාශ කළා.ඔහු තුළ පමණක් නොව අප තුළ ද එය එසේම බව අමුතුවෙන් කිව යුතු නැහැ.ඉතින් එය හෙටද එලෙසම පවතිනු ඇති.ඉතින් ඒ නිසා පොත් ඇසුරු කිරීමෙන් අවැඩක් නොවන බව කොතෙක් තහවුරු වුනත් අපේ මේ උත්සාහය තව දුරටත් ඒ ගැන දැනුවත් වීමටයි.

පොඩිත්තන්ට පොත් දිය යුතු වයස් සීමාව කුමක්ද?

මාස 3ක සිටම පොඩිත්තන්ට පොත් ලබා දෙන්නට පුලුවන්.මාස තුනේ දී රෙදි වලින් සෑදූ පොත් ද ඉන් ඔබ්බෙහි බෝඩ් බුක්ස්,හාඩ් බුක්ස්,බාත් බුක්ස් ආදී පොත් ලබා දීමත්,පසුව ඒ ඔස්සේ පින්තූර කතා ආදී පොත් වෙතට යොමුකිරීම සිදුකිරීමට හැකියි.අද ලංකාවේ නවීන පොත් සාප්පු වලින් වගේම ඔන් ලයින් බුක් ශොප්ස් වලින් ද මේ සියලුම පොත් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

පොත් මානසික සංවර්ධනය කෙරෙහි බලපාන්නේ කොහොමද?

Improve Concentration

පොඩිත්තන්ගේ අවධානය කිසියම් දෙයක් වෙත යම් වේලාවක් රදවාගැනීම පුහුණු කිරීමට පොත් තරම් සේවාවක් කිසිම දෙයකින් සිදුවන්නේ නැහැ .පින්තූර කතාව ඔස්සේ දරුවාගේ නිරීක්ෂණ හැකියාව වැඩිවීම වගේම ශ්‍රවණය කරන කතාව ඔස්සේ ඔහුගේ චිත්ත රූප මැවීමේ හැකියාව ද ඔහු කිසියම් දේකට ග්‍රහණය කර ගැනීමේ හැකියාව ද හැකියාව ද වර්ධනය වනවා.

Improves memory

තමන් බලන සහ කියවන පොතේ චරිත ,කතාව,එහි රසවත් බව මිනිස් නිසාම එය මතකය වර්ධනය කර ගැනීමට එක්තරා අභ්‍යාසයක් වනවා.

Brain Exercise

කියවීම, මතකය වර්ධනය වීම,සිතීම වර්ධනයවීම ,මොලයේ ක්‍රියාකාරීත්වය වර්ධනයට ආදියට උපකාර වනවා.කියවීම් අවස්තාවේදී මොලය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්වයෙන් යුතු බව විද්‍යාඥයන් පවසනවා.

Boost Critical Thinking Skills

විශේෂයෙන්ම ප්‍රබන්ධ දරුවාගේ Critical thinking හැකියාව ඉහළ දැමීමට විශේෂයෙන් සමත් වෙනවා.කතාව එහි අන්තර් ක්‍රියාකාරිත්වය,ඒ ඒ අවස්ථාවන්ට අනුව සිදුකරන හැසිරීම්,මේ සියල්ලම දරුවා ග්‍රහණය කරගනිමින් ,සසදමින් මොළයට ඉතාමත් ඉහළ අභ්‍යාසයක් ලබාදෙමින් සිටිනවා.

Develops Empathy

ඕනෑම ප්‍රබන්ධයක් කියවීමේ දී ඔබ ද නිතැතින්ම එහි චරිතයක් වන බව ඔබ දන්නවා .එම චරිතය කතාව තුළ මුහුණ දෙන සියලුම සිදුවීම් ආශ්‍රයෙන් දරුවා සහවේදනය පුරුදු පුහුණු වෙනවා.ප්‍රබන්ධ රාශියක් කියන්නේ අලුත් අලුත් සිදුවීම් රාශියක් ,විවිධ සංවේදන රාශියක් වෙතට දරුවන් නිරාවරණය වීම.ඉතින් ඒ සිදුවීම් ඔහුගේ සහවේදනය වර්ධනය වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා.

Develops and Expands Language Skills

පොතක් කියන්නේ භාෂාගාරයක් .නිවසේ සිටින දරුවාගේ භාෂාව ඉතාමත් සීමිත වපසරියක තමා වර්ධනය වෙන්නේ .ඉතින් පොත් කියන්නෙම විශාල ලෝකයක් විශාල අලුත් වචන රැසක් දරුවාට ගෙනෙන විශ්වකෝෂයක්.

Enhances Imaginations

පරිකල්පනය,විවිධ දේවල් මවා ගැනීමේ හැකියාව,පොත් කියවීමෙන් දරුවා තුළ වර්ධනය වෙනවා.පොතේ සිටින මකරා සමග
ඔහුගේ ඔහුටම අනන්‍ය චාරිකා රැසක් ඔහු නිර්මාණය කරගනු ඇති.

ඉතින් ඉහත සියලුම කරුණු දරුවෙකුගේ මානසික සංවර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් වෙනවා.සෙල්ලම් බඩු ,රස කෑම බීම ,ආදරය,රැකවරණය සමඟ පොත් කියන්නේ ඔක්සිජන් තරමටම අවශ්‍ය දෙයක් කියලා අමතක කරන්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles