රෙස්ටුරන්ට් menu එකකින් කෑම තෝරමු

සමරු දිනයට හෝ රාජකාරීමය හමුවීමකට එහෙමත් නැති නම් වෙනසකටත් එක්ක උසස් ගණයේ ආපන ශාලාවකට යෑමට සිදුවුණොත් ආහාර ඇනවුම්කරන්නේ කෙසේද යන ගැටළුව සුලබව පැනනඟිනවා. පැකිලෙන්නේ නැතිව ආහාර ඇනවුම්කරන්න පහත කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි.

බජට් එකක්

මෙම ආහාරවේල සඳහා ඔබනම් වියදම්කරන්නේ අනිවාර්යයෙන්ම ආහරවල මිල පමණක් නොව බදු (VAT ආදී බදු රැසක් එකතුවිය හැකියි), සේවා ගාස්තු/ටිප්ස් ආදිය පිළිබඳවත් සැලකිලිමත්වන්න. සමහර ආපන ශාලා ඔවුන්ගේ මෙනූ පත් ඔවුන්ගේ වෙබ් අඩවිවල අන්තර්ගතකරන අතර ආපන ශාලාවට යාමට ප්‍රථමයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගැනීම ප්‍රයෝජනවත්.

කෑම වර්ග

ඔබට පිළිවෙලටම කෝසස් අනුභවකරන්නට අවශ්‍යතාවයක් නැතිනම් ඔබ කැමති ආහාරවර්ගයක් හෝ ආහාරවර්ග කිහිපයක් පමණක් ඇනවුම් කළහැකියි. නිදසුනක් ලෙස එකවර ප්‍රධාන ආහාරය සහ අතුරුපස පමණක් ඇනවුම් කළහැකියි.

Menu එකක් ආකාර කිහිපකින් තිබිය හැක. ප්‍රධානම ආකාර 3:-

  • À la carte (අ ලා කාට්) – මෙය ප්‍රංශ භාෂාවෙන් පැමිණි යෙදුමක්. එහ තේරුමවනුයේ ආහාර ලේඛනයට/menu අනුව යන්නයි. ඔබට කැමති ආකාරයට ආහාර මෙහිදී ඇනවුම් කළහැකියි.
  • Prix fixe (ප්‍රි ෆික්ස්) – ඉංග්‍රීසි බසින් මෙය fixed-price එනම් මිලගණනන් නියම කල කෝසස් මෙනූපතයි. මෙහිදීඔබට කෝසස් (courses) කොටස් පහ, හත ආදී වශයෙන් ආපන ශාලාව මඟින් ගැලපෙන ලෙස සකස් කරන ලද ආහාර වේලක් ලබාගත හැකියි. බොහෝ ආපන ශාලා, ආහාර වර්ග ලෙස නොව මෙවැනි ආහාර වේලක් සඳහා  සමස්ත මිලක් නියමකර තබනවා. මෙවැනි course එකක් appetizer (කටගැස්ම/මුල්ම ආහාර) සුප්, ප්‍රධාන හා අතුරුආහාර සහ අතුරුපස/ කෝපි ආදී සියල්ලම ඇතුලත්වන පරිදි සැලසුම්කර ඇත.
  • Day’s menu/ Chef’s menu- මෙයත් fixed-price ආකාරයේ මෙනුපතක්. බොහෝ විට මෙම ආහාරවේල එදා දවසට පමණක් සකසන විශේෂිත ආහාරවේලක්වේ. ආපන ශාලාවේ ප්‍රධාන සූපවේදියා විසින් ආහාරවේල සැලසුම්කරනු ලබයි.

අධ්‍යයනය කරන්න, අහන්න

අනිවාර්යයෙන්ම menu එක හොඳින් කියවන්න. නොතේරෙන දෙයක් තිබෙනවා නම් ආපනශාලා සේවකයෙකුගේ ( wait staff) සහය පතන්න. කිසිඳු ගැටළුවක් නැතිව ඔවුන් ඔබට සහායවේවි. අමතකකරන්නේ නැතිව ඔබට ආසාත්මික ආහාර හෝ අකමැති ආහාර තිබෙනවා නම් ඒ සමබන්ධයෙන් විමසන්න.

මෙම ආකාරයෙන් ආහාර තිබෙනවා නම් ඇනවුම් කිරීම ලංකාවේ වගේම විදේශ රටවල ආපන ශාලාවලටත් පොදුයි. මේ අදහස් හිතටගත්තොත් ඔබටත් පුරුදුකාරයෙක් වගේ ඕනෑම උසස් ආපනශාලාවකින් ආහාර ඇනවුම් කලහැකියි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles