Chat with smartlady – රංගි රාජපක්ෂ

පුංචි තිරයෙන් මේ දවස් වල ටෙලි නාට්‍ය කීපයක් හරහාම ඔබේ ආලින්දයට එන ඔබට හුරුපුරුදු කෙනෙක් එක්කයි අද Chat With Smart Lady අපේ කතා බහ දිග හැරෙන්නෙ. ඇය නව පරපුරේ රංගන ශිල්පිනි රංගි රාජපක්ශ

මොනවද මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස් වල දාම් ටෙලිනාට්‍යය හරහා මම සිරස නාලිකාව එක්ක එකතු වෙලා ඉන්නවා.ඒකේ සමාධි ටීචර් කියන චරිතය.ඊට පස්සෙ අහස් මාළිඟා ටෙලිනාට්‍යයෙත් වැඩ කරනවා හිරු නාලිකාවේ. රූපවාහිනීයේ සහ ITN නාලිකාවේ අලුත් ටෙලිනාට්‍යය දෙකක් එක්ක තව සතියකින් දෙකකින් විතර එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා .ඒක බලමු ඉස්සරහට.

කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වන්නේ?

මම මුලින්ම නිරූපණය ගැන හැදෑරීමක් කලා.ඊට පස්සෙ මට මුලින්ම Commercial එකක් ආවා මැලිබන් එකෙන්.ඒක මැලිබන් බිස්කට් Commercial එකක්. නුවන් කලුආරච්චි අයියා තමයි ඒකට මාව සම්බන්ධ කරගත්තේ.ඊට පස්සෙත් මම ගොඩක් Commercial වල තමයි හිටියේ.තාමත් එහෙමයි. ඒවයින් මාව දැකලා තමයි තුශාර අයියා මට රාවණා එකට කතා කරන්නේ සහ සල් සපු නා එකට නාලන් මෙන්ඩිස් අයියා කතා කරන්නේ. එතනින් තමයි ටෙලිනාට්‍යය කතාව පටන් ගන්නේ.

රංගන ක්ශේත්‍රයේ නවක නලු නිලියන්ට කට කතා හැදෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.ඔබ මොකද ඒ ගැන හිතන්නෙ?

කට කතා ගත්තම හොඳ සහ නරක පැති දෙකටම තියනවා.මම දැනුවත්ව නම් තාම මට එහෙම එකක් හැදිලා නෑ.මේ ක්ශේත්‍රය ගත්තම එක්කෙනාට එක්කෙනා කැමති නෑ ඉදිරියට යනවට.හැබැයි හොඳින් ඉන්න අයත් ඉන්නවා.රංගන ක්ශේත්‍රයේ විතරක් නෙමෙයි ඕනම ක්ශේත්‍රයක ඒ දේවල් තියනවා.නමුත් මේ ක්ශේත්‍රයේ ඒ දේවල් ඉක්මනට උලුප්පනවා සහ හොයනවා වැඩියි.ඉතින් ඒකත් තමයි මේ දේවල් වෙන්නෙ.සමහර වෙලාවට පොඩි දෙයක් අල්ලගෙන ලොකු කතා හැදෙන වෙලාවලුත් තියනවා.තව සමහර වෙලාවට හේතුවක් නැතුව එහෙම කතා හැදෙන වෙලාවලුත් තියනවා.ඉතින් අපි කටකතා අහනවා නම් මං කියන්නෙ ඇස් දෙකෙන් දකිනකන් ඒ දේවල් විශ්වාස නොකර ඉන්නවා නම් හොඳයි කියලා .

ක්ෂේත්‍රයට පිවිසෙන සමහර රංගන ශිල්පීන් ක්ශේත්‍රයේ රඳාපවතිනවා හරි අඩුයි. ඒකට හේතු විදියට ඔබ දකින්නෙ මොනවද?

මං හිතන්නේ ඒක වෙන්නෙ කලාවට ආදරේ නැති කමත් එක්ක.ඕනම දේකට අපි ආදරේ කරනවා නම් අපි එතන රැඳෙනවා. මනුස්සයෙක්ට උනත් එහෙමයි.අපි ආදරේ නම් අවංක නම් අපි එතන රැඳෙනවා.ඉතින් ඒ වගේ තමයි කලාවත්.රැඳෙන්නේ නැතිකම කියන්නේ එක එක්කෙනාගේ මානසික මට්ටම තමයි.අපි කරන දේට අපි ආදරේ කරන්න ඕන.මුදල් පස්සෙම හඹා යන අයත් ඉන්නවා. මුලින්ම නිර්මාණයට ආදරේ කරන්න ඕන.එක ඩ්‍රාමා එකක් අපි බාරගත්තා නම් ඒ චරිතයට අපි ආදරේ කරන්න ඕන.එතකොට තමයි අපෙන් හොඳ Output එකක් එන්නෙ.අපිව තිරයේ ලස්සනට දකින්නේ අපි ඒ චරිතයට ආදරෙයි නම් තමයි.ඉතින් මම හිතන්නෙ කලාවට ආදරෙයි නම් ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑ.

ඔබ නිර්මාණ බාරගන්නේ තෝරාබේරා ගෙනද?

ඔව්. අපිට ගැලපෙන නිර්මාණ තෝරා බේරා ගන්න ඕනේ.මෙහෙම දෙයක් තියනවා.මම සමහර චරිත බාරගත්තට පස්සෙ සමහර අය මගෙන් අහලා තියනවා ඇයි ඔයා ඒ වගේ චරිතයක් ගත්තෙ ,ඔයා තාම තරුණයි කියලා. රාවණා එකේදි අන්තිම කාලෙදි ලොකු දරුවෝ ඉන්නවනේ.ඇයි ඒකට වෙන කෙනෙක් ගන්න කියන්නෙ නැතුව ඇයි ඔයා හිටියේ වගේ ප්‍රශ්නත් සමහරු අහලා තියනවා.හැබැයි මං හිතන්නෙ අපි අභියෝගයක් වෙන්න ඕන සහ අපි අභියෝග බාරගන්න ඕන.මට ඒක ප්‍රධාන චරිතයක්ද අතුරු චරිතයක්ද කියන එක නෙමෙයි අදාල වෙන්නෙ මට ඒ චරිතේ ඇතුලේ දෙයක් කරන්න පුලුවන් නම් ඒක බාරගන්න ඕන.අම්මා කෙනෙක්ගේ චරිතේ හෝ ඉස්කෝලේ යන ළමයෙක්ගෙ චරිතේ අපි ඒ විදියට කරනවා නම් එතනයි අපේ සාර්ථකත්වය තියෙන්නෙ.ඒක තමයි මම දරණ මතය.

නව පරපුරේ රංගන ශිල්පිනියක් හැටියට ඔබ අනිවාර්යයෙන්ම ඔබේ රූපය ගැන සැලකිලිමත් විය යුතු වෙනවා.ඒ වෙනුවෙන් ඔබ කාලය වැය කරන්නෙ කොහොමද ?

ඇත්තටම මම ජිම් යන්නෙ නෑ.කොහෙ හරි ගියාම නම් ඕන දෙයක් කනවා.ගෙදර ඉද්දි නම් රෑට කන්නෙ නෑ.ගොඩක් වෙලාවට බත් කන්නෙ නෑ. vegetable salad එහෙම ගොඩක් වෙලාවට හදාගෙන කනවා.මං මොකුත් කරන්නෙ නෑ කියන්නෙ නෑ.මං එහෙම දේවල් කරනවා.ජිම් යන්නෙ නෑ ඒත් කෑම පාලනය කරනවා.දවල්ට එහෙම බත් පොඩ්ඩයි වෑංජන ගොඩයි කනවා.
ඒ වගේම මං ගොඩක් කැමති දිගට අඳින්න.කොටට අඳින්නෙ නැත්තෙ නෑ.එහෙම ප්‍රශ්නයක් නෑ.ඒත් මං ගොඩක්ම කැමති දිග ගවුම් එහෙම අඳින්න.

ක්ශේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් ගෙන් නවකයන්ට ලැබෙන සහයෝගය කොහොමද ?

මෙහෙමයි.එක එක්කෙනා එක එක මත දරන්නේ ඒ අයට හම්බුන අයත් එක්කනේ ක්ශේත්‍රයේ.ඉතින් මට මේතාක් කල් හම්බ වෙච්ච අයත් එක්ක මට එහෙම Negative ආකල්ප නැහැ.සල් සපු නා එක ගත්තොත් රම්‍යා වනිගසේකර ආන්ටි දමිතා අක්කලා හැමෝම.මම එතනට යද්දි ආධුනිකම කෙනෙක් හැටියට නෙ මම එතනට ගියේ.එයාලා මාව සල් සපුනා පවුලට බාරගත්තෙ හරිම සුහදශීලි විදියට.මට හරිම ආදරයක් ඇතිවුනා මේ කලාවට එයාලා නිසා.මුලින්ම මම පය ගැහුවේ එතනට නේ.ඊට පස්සෙ රාවණා එකේදි ශ්‍යාම් අයියලා ,අමිත්ත අයියලා දැන් මේ දාම් එකේ හැමෝම, මේ තාක් දුරට හම්බුන පරණ අය හැමෝම මට වැඩ කරන්න පහසුවුනා.මහේන්ද්‍ර අයියලා දර්ශන් ධර්මරාජ් අයියලා එක්ක එහෙම මම ෆිල්ම් එකක් කලා.හරිම සුහදශීලියි.අපිට හැම දෙයක්ම කියලා දීලා හැම Position එකක්ම ,බලන බැල්ම පවා මට කියලා දුන්නා.ඉතින් මට හිතෙනවා මට හම්බුන අයත් එක්ක හරිම ලේසියි වැඩ කරන්න.එයාලා මාව හැදුවා කියන එක මට කියන්න පුලුවන්.

මෙගා ටෙලිනාට්‍යය ගැන ඔබේ අදහස මොකද්ද ?

මමත් මෙගා වල ඉන්නවනෙ.මං එහෙම නරකක් කියන්නෙ නෑ.හැබැයි මෙගා වලට වැඩිය කොටස් සීයට අඩු ඒවා හරි ලස්සනට ඉවර වෙනවා සහ කතාවක් තියනවා.මෙගා වල හිටියත් මම ඇත්ත කියන්න ඕන.හැබැයි මෙගා උනත් ලස්සනට ගලාගෙන යනවා නම් ලස්සන ස්ක්‍රිප්ට් එකක් ඇතුව කරගෙන යනවා නම් ඒකේ ප්‍රශ්නයක් නෑ.ඉතින් මං ඩිරෙක්ටර්ස්ලා හැමෝගෙන්ම ඉල්ලන්නෙ මෙගා උනත් ලස්සනට කරන්න කියලා .ඉතින් ඒ වගේ ඒවට මමත් සහභාගි වෙයි.ඒකේ ප්‍රශ්නයක් නෑ.

මේ ක්ශේත්‍රයට එකතු වෙද්දි රංගනය හැදෑරීමක් අනිවාර්යයෙන්ම කර තිබිය යුතුයි කියලා ඔබ හිතනවද ?

හැදෑරීමක් අවශ්‍යයි.මම ඇත්තටම Drama School ගිහින් එහෙම ලොකු හැදෑරීමක් කරලා ආපු කෙනෙක් නෙමෙයි.හැබැයි මං ක්ශේත්‍රයට ආවට පස්සෙ හැදෑරීම් කලා.Caurses කලා Drama School වල. ඒ දේවල් වලින් අපිට ගන්න යම් දෙයක් තිබුනා.නැත්තෙ නෑ.ප්‍රසන්න සර්ගේ ඇකඩමි එකෙන් අපිට ලොකු දේවල් ගන්න තිබුනා.සහජ හැකියාව ඕන කෙනෙක්ට තියෙන්න පුලුවන්.නැති අයත් ඉන්නවා.ඒ හැකියාව ඔප මට්ටම් කරගන්න හැදෑරීම් කරන එක ගොඩක්ම වටිනවා.

ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කරලා තිබුනා Calm ,quite , helpful and cheerful person කියලා. ඇත්තටම රංගි කියන්නෙ මොන වගේ කෙනෙක්ද?

මං හැමෝමත් එක්ක සුහදශීලියි.මං ඉතින් මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන යනවා.මං දන්නෑ අර කිව්ව වගේ ඉස්සරහට කට කතා මොනහරි හැදෙයිද කියලා.හැබැයි මම කතාවක් අහන්නෙ නැතිවෙන්න හැමෝටම උදව් කරගෙන වැඩ ටික කරගෙන යනවා.

ක්ශේත්‍රයේ ඉන්න සමහර ශිල්පීන් විවාහ උනාම ක්ශේත්‍රයෙන් සමුගන්නවා.ඔබ කොහොමද ඒ ගැන සැලසුම් කරගෙන ඉන්නේ?

ඇත්තටම මම කලාවට ආදරෙයි .ඒ ආදරෙත් එක්ක මට පුලුවන් තාක් කල් මම මේ ක්ශේත්‍රය තුල ඉඳියි. මට ගැලපෙන චරිත හරහා මම එයි. අපි දෙයක් කරද්දි ජොබ් එකක් හරි ආස දෙයක් හරි කරද්දි කාටවත් කරදරයක් නොවෙන්න කතාවක් අහගන්නෙ නැතුව කරනවා නම් එතන ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ.ඉතින් මම යන ක්‍රමයක් තියනවා. ඒ විදියට වැඩ ටික කරගෙන මම ඉස්සරහට යයි අනිවාර්යයෙන්ම.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles