කුෂන්,මෙට්ට,සෝෆා නිවැරදිව පිරිසුදු කරගන්නේ මෙහෙමයි.

නිවසක් පිරිසුදු කිරීමේදී කුශන්,මෙට්ට,සෝෆා ආදිය පිරිසිදු කිරීම තරමක් අසීරු කාර්‍යයක් වුනත් මාසයකට වතාවක් හෝ ඒවා පිරිසුදු කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතුම වෙනවා.නැත්නම් ඒවා අවපැහැ ගැන්වීම වගේම විවිධ විෂ බීජ වර්ධනය වීම නිසා ලෙඩ රෝග ඇතිවීමේ වගේම ඒවාගෙන් දුර්ගන්ධයක් නිකුත්වීමටද ඇති ඉඩ කඩ ඉතාමත්ම වැඩියි.

මේ ගැන සැලකිලිමත් වෙන්න.

  • කුෂන්,සෝෆා හෝ මෙට්ට රෙදි වලින් නිමවී ඇත්නම් පැල්ලමක් ඇති වූ ආසන්නයේම සේදීම ඉතාමත් වැදගත් වෙනවා.පැල්ලම පරණ වෙනවිට ඉවත් කිරීමට ඇති හැකියාව තරමක් අසීරු වෙනවා.
  • නිශ්පාදකයා විසින් පිරිසිදු කිරීම සම්බන්ධව සපයා ඇති උපදෙස් පිළිපදින්න.සෝෆා එකෙන් tag එකක් ලෙස හෝ වෙනම කැටලොග් එකක් ලෙස මේවා බොහෝවිට ලබා දෙනවා.

මේ තියෙන්නෙ පිරිසිදු කිරීම සම්බන්ධ එවැනි සලකුණු හා මගපෙන්වන කරුණු කිහිපයක්

Cleaning Code for the Fabric Sofa Chart

W – Water based cleaner.මේ වූ පිරිසිදු පිරිසුදු කිරීමේදී වතුර පමණක් යොදා ගැනීමට වග බලා ගන්න.වෙනත් රසායනික සංයෝග යෙදීමෙන් අවපැහැ ගැන්වීමට හෝ දිරා යාමට හැකියි.

S/W- Solvents and water based cleaners.වෙනත් පිරිසිදුකාරක සහ ජලය යොදා ගැනීමට හැකියාව තියෙනවා.

S – Solvents only.පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පිරිසුදු කාරක පමණක් යොදා ගැනීම වැදගත්.

වෙළඳපොලේ විශේෂයෙන් සෝෆා,මෙට්ට,කුශන් සඳහා ම නිපදවු පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.ඉහත විස්තරයට අනුව S,S/W ටැග්ස් ඇති ඒවා සඳහා එය භාවිතා කරන්නට පුළුවන්.

දුහුවිලි ඉවත් කිරීම සඳහා vacuum ක්ලීනරයක් යොදාගන්න.දාර ඇතුලත කුණු පහසුවෙන් ඉවත් කිරීමට ඒ මගින් හැකියාව ලැබෙනවා.

සෝෆා හා කොට්ට නිවැරැදිව පිරිසිදු කල හැකි නිවසේදීම සකස් කල හැකි පිරිසිදුකාරක කිහිපයක්

  • තද පැල්ලම් සදහා සුදු විනාකිරි මේස හැන්දකට සීතල වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර ,එයට රෙදි සෝදන කුඩු හැන්දක් මිශ්‍ර කරන්න.හොඳින් අතුල්ලා මතුපිට සෝදන්න.
  • ඩීප් ක්ලීනින් සදහා ඇල්කොහොල් සහ උණුසුම් වතුර හොඳින් මිශ්‍ර කරගන්න.එය අදාළ අදාළ ප්‍රදේශය මතට ස්ප්‍රේ කරන්න.තද පැල්ලම් ඇති ස්ථාන හොඳින් අතුල්ලා සෝදන්න.හොඳින් වියළා ගන්න.
  • බේකිං සෝඩා සහ වතුර සමාන ප්‍රමාණ වලින් ගෙන හොඳින් දියකර ගන්න.පැල්ලම මත තවරා විනාඩි විස්සක් පමණ තබන්න.ඊට පසු හොඳින් අතුල්ලා පිරිසුදු කරන්න.
  • පිරිසුදු කිරීමෙන් අනතුරුව වායු වියලනය ක් මගින් හොඳින් වේලා ගන්නටත් අමතක කරන්නට එපා.
  • ලෙදර් මතුපිටවල් සඳහා ලෙදර් සඳහාම සදහාම විශේෂයෙන් නිෂ්පාදිත පිරිසිදුකාරක ලබා ගැනීමට අමතක කරන්නට එපා.

විෂබීජ හරණය කරන්නෙ කොහොමද

  • ට්‍රී ටී ඔයිල් හෝ කිසියම් විෂබීජ නාශක තෙල් වර්ගයක් ස්ප්‍රේ ගන් එකක් ලෙස භාවිතා කරමින් අදාල විෂබීජහරණ ද්‍රව්‍යයන් මතුපිට ඉසින්න.
  • තනුක කරගත් ඩෙටෝල් ද මේ සඳහා යොදා ගන්නට පුළුවන්.
  • මද වේලාවක් තබා හොඳින් වියළා ගන්න.
  • මෙට්ට සහ කුෂන් සේදීමේදී කවර ගලවා ඒවා හොඳින් සෝදා අව්වේ වියළා ගන්න.එහි tag එකේ විශේෂයෙන් සඳහන් උපදෙස් ඇත්නම් ඒවා පිළිපදින්නට අමතක කරන්න එපා.
  • බාහිර ආවරණ අව්වේ වියලීම සුදුසු නැත්නම් ඩ්‍රයි ක්ලීන් කිරීම කල හැකියි.
  • මෙට්ට සහ කුෂන් වල ඇතුලත කොටස හොඳින් අව්වේ වියළා ගැනීම හෝ ඉහත ෆැබ්‍රික් සෝෆා සඳහා අනුගමනය කළ ක්‍රම යොදා ගන්නට පුළුවන්.විෂබීජහරණය ද එලෙසම සිදු කිරීමට හැකියි.

Related Articles

Don't Miss


Latest Articles