පරිප්පු උයන එකිනෙකට වෙනස් ක්‍රම 4 ක්.

පරිප්පු කියන්නේ අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය ආහාරයක් .ඉතින් හැමදාම එකම විදිහට කන පරිප්පුවට වඩා වෙනස් වෙනස් රසයකින් පරිප්පු කන්න තියෙනවා නම් කොතරම් හොඳද ?පුදුම පරිප්පුවක් තමයි වගේ කියමන් අපේ ජන ජනවහරට එකතු වීමෙන් ම පරිප්පු කොතරම් ජනප්‍රියද කියලා අප දන්නවා.ඉතින් ඇත්තටම මේ ඉදිරිපත් කරන්නේ “පුදුම පරිප්පුවක් “හදන හැටි තමා.පරිප්පු උයන එකිනෙකට වෙනස් ක්‍රම හතරක් තමයි මේ.

පරිප්පු බැදුම

  • පරිප්පු ග්‍රෑම් 100
  • අමුමිරිස් කරල් කිහිපයක් දිගට පලාගෙන
  • මිරිස් කුඩු තේ හැඳි එකහමාරක්
  • රම්පෙ සහ කරපිංචා
  • කුරුඳු පොත්තක්
  • කෑලි මිරිස් මේස හැන්දක්
  • ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට
  • කපාගත් ලොකු ලූණු ගෙඩියක්
  • කපා පොඩි කරගත් සුදු ලූනු සහ ඉගුරු
  • අවශ්‍ය පමණට තෙල්

සාදාගන්නා ආකාරය

  • පරිප්පු හොඳින් සෝදා ගන්න.මිරිස් කුඩු සහ වතුර දමා ඇට දියාරු නොවන ලෙසට හින්ද ගන්න.භාජනයකට තෙල් දමා හොඳින් රත් වූ පසුව,ලොකු ලූණු,මිරිස් කරල්,කුරුදු පොතු,ඉඟුරු සුදුලූනු ,රම්පෙ කරපිංචා ,ආදිය දමා හොදින් බැඳුණු පසු කෑලි මිරිස් එකතු කරන්න.එයට පරිප්පු එකතු කර,අවශ්‍ය පමණට ලුණු දමා ,අවසානයේ ගම්මිරිස් එකතු කර ලිප නිවාගන්න.

පරිප්පු මැල්ලුම

  • අවශ්‍ය දේවල්
  • පරිප්පු කෝප්පයක්
  • පොල් කෝප්ප භාගයක්
  • ගොරකා කැබැල්ලක්
  • රතු ලූනු
  • සුදු ලූනු
  • කරපිංචා කොළ
  • අමුමිරිස්
  • කුරුඳු කැබැල්ලක්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්
  • කහ කුඩු ටිකක්
  • අමුතුනපහ ටිකක්
  • තෙල් ටිකක්
  • අබ ඇට ටිකක්
  • වියළි මිරිස් කරල් කිහිපයක් කැබලි ලෙස කඩාගෙන

සාදන ආකාරය

  • පළමුව පරිප්පුවලට වතුර ටිකක් දමා,එයට ගොරකා කැබැල්ල ද එකතු කර තම්බාගන්න.
  • ඉහත සියළුම ද්‍රව්‍ය පොල් සමඟ එකතු කර අඹරා ගන්න.
  • පරිප්පු ටික තැම්බී වතුර සිඳුණු පසු ,ගොරකා කැබැල්ල ඉවත් කරන්න.
  • එයට පොල් මිශ්‍රණය එකතු කර කූරු ගාමින් හොඳින් මලවා ගන්න.
  • වෙනත් බඳුනකට තෙල් ටිකක් ලිප තබා එය රත් වූ විට අබ දමන්න.එයට කඩාගත් වියලි මිරිස් ද එකතු කරන්න.
  • ඒවා හොඳින් බැදුණු පසු පරිප්පු මිශ්‍රණය එකතු කර හොඳින් මලවා ගන්න.
  • ප්‍රනීත සුවඳක් සමඟ මතකයේ සිටින හරිම රසවත් කෑමක් වන බවට නොඅනුමානයි.

පරිප්පු ඉඩ්ලි

අවශ්‍ය දේවල්

  • පරිප්පු කෝප්ප එකක්
  • කැකුළු හාල් කෝප්ප එකක්
  • අබ සූදුරු ස්වල්පයක්
  • කහ ටිකක්
  • රස අනුව ලුණු
  • සාදන ක්‍රමය
  • පරිප්පු සහ හාල් හොඳින් සෝදා රැයක් පෙඟෙන්නට තබන්න.
  • ඒවා වෙන වෙනම පොගවා ගැනීමට වගබලා ගන්න.
  • පොගවා ගත් පසු වතුර බේරා පේස්ට් එකක් ආකාරයට හොඳින් වෙනම අඹරා ගන්න.
  • අඹරාගත් හාල් සහ පරිප්පු එකට මිශ්‍ර කරගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්නට හැර අබ ,සූදුරු,කහ ආදිය හොඳින් තෙම්පරාදු කර එයට අඹරාගත් මිශ්‍රණය එකතු කර කලවම් කරන්න.
  • ඉඩ්ලි හැඩයට සාදා ගෙන හුමාලයෙන් තම්බාගන්න.

පරිප්පු මසාලා

  • අවශ්‍ය දේවල්
  • පරිප්පු කෝප්පයක්
  • අබ ටිකක්
  • සූදුරු ටිකක්
  • ලූණු
  • සුදු ලූනු
  • තක්කාලි
  • අමුමිරිස්
  • කහ
  • ගරම් මසාලා
  • රම්පෙ කරපිංචා
  • මිරිස් කුඩු
  • ලුණු
  • තෙල්
  • කොත්තමල්ලි කොල
  • මිටිකිරි කෝප්පයක්

සාදන ආකාරය

පරිප්පු ටික තම්බා ගන්න.තෙල් රත්වෙන්නට තබා එයට අබ දමා පුපුරන විට සූදුරු ඇට සහ උළුහාල් එකතු කර හොඳින් බැඳෙන්න සලස්වන්න.එයටම කපාගත් ලූනු ලූනු තලාගත් ඉගුරු සුදු ළූණු රම්පෙ කරපිංචා තක්කාලි අමුමිරිස් දුනු අමු මිරිස් ලුණු ආදිය එකතු කර හොඳින් බැදෙනකම් තෙම්පරාදු කරන්න .
එයටම කහ ,ගරම් මසාල ,මිරිස්කුඩු ටිකක් කලවම් කරන්න.එයට මිටි කිරි ද එකතු කර පරිප්පු අවසානයට එකතු කරන්න.හොද්ද ඉතුරූ පසු ලිප නිවා ගෙන කොත්තමල්ලි කොල ටිකක් උඩින් අතුරා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles