වැලන්ටයින් දවසට ඔබේ පෙම්වතාට මේ වගේ තෑග්ගක් දෙමුද?

ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. “එයා” කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස් යමක් දෙන එක ගැන හිතමින් ඔලුව වෙහෙසවන ඔබට තමයි අපි මේ ලිපිය ලීවේ. ආදරවන්තයන්ගේ දිනයට විතරක් නෙමෙයි, ඔබගේ ඕනෑම වු විෂේශ දිනයක් සමරන දවසට මේ ලිපියේ තියන තෑගි ඔබට දෙන්න පුලුවන්.

Mug එකක්

රුපියල් 250 සිට ඉහලට ඔබට පහසුවෙන් හැඩකාර මග් මිලට ගන්න පුලුවන්. ආදරබර වාක්‍යයක් මුද්‍රනය කරපු එකක් එදිනෙදා වෙලදපලෙන් පහසුවෙන් හොයාගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔබෙත් ඔහුගෙත් ආදරනීය පින්තූරයක් අරන් මග් මුද්‍රනය කරන තැනකට ගියොත් ඔවුන් ඔබ කැමති දේවල් මුද්‍රනය කරලා දෙයි. තෑගි ගොන්නක් අතරට එකතු කරන්න වටිනා තෑග්ගක්. සමහරු ආසයි මේ වගේ සිහිවටන කාර්‍යාල මේසේ උඩ තියාගන්න. ඉතින් ඔබේ ආදරේ සැමරුම් අනික් අයටත් පේන්න හැඩට තියාගන්න කැමති ඔහුත් මේ වගේ හැඩ මග් එකකට ආසා වෙයි.

Engraved Wooden Docking Station

එහෙමෙහෙ විසිරුනු ඔහුගේ එදිනෙදා භාවිතා කරන භාණ්ඩ එක තැන තියන පුලුවන් වෙන්නයි මේක තියෙන්නේ. ජංගම දුරකථනය, කණ්නාඩි දෙක,වාහනයේ යතුර, පර්ස් එක මෙහි තියන්න පුලුවන්. මේකනම් ඔහු වෙනුවෙන්ම වෙනම හදන නිසා ඔහුගේ නම, ඔබේ ආදරය ප්‍රකාශය කරන වාක්‍යක් එහි කැටයම් කරලා දෙන්න පුලුවන්. මේවා අන්තර්ජාලය හරහා හෝ, customized design කරන නිර්මණකරුවන් හරහා ඔබට කරගන්න පුලුවන්.

Wireless Charger

ඔබේ ආදරවන්තයා තාක්ශනික දේවල්වලට ප්‍රිය කරන කෙනෙක් නම් ඔහුට ගැලපෙනම තේරිමක් මේ. වයර් ගොඩක් පටලාවගෙන අරගල කරන ඔහු ඔබේ මේ හුරුබුහුටි තෑග්ගට ආසා වෙයි.තාක්ශනික දේවල් ආඩම්බරයෙන් අනික් අය එක්ක බෙදාහදාගන්න අතර wireless charger එක ඔබේ තෑග්ගක් බව හැමෝටම කියාවි.

ආදර ලියමන්

සාහිත්‍ය ප්‍රියකරන, පොත් පත් කියවන්න කැමති, කලාත්මක ආදරවන්තයන්ට දෙන්න කියාපු තෑගි. රැයවල් කීපයක් නිදිවැරුවොත් හදවතේ තියන ලස්සන ආදර හැඟුම් වචන කරගන්න ඔබටත් පුලුවන් වෙයි. ඒ ලිපියේ ඔහු ඔබව දිරිමත් කරපු හැටි, ආදරේ දැනුන හැටි සමඟ ඔබේ මතු බලාපොරොත්තුත් කියන්න. පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසැරුවොත් මේ සඳහා ලියුම් කවරය හදන්න ලස්සන අදහසක් ඔබට හොයාගන්න පුලුවන් වෙයි.

Smartphone Camera Lens set

ඡායාරූපකරණයට ප්‍රිය කරන ඔහු ලොකු dslr කැමරාව යන යන තැන රැගෙන යනවා ඇති. මේ වගේ ගැජට් එකක් තෑගි කලොත් dslr එක ගෙදර තියලා ගියත්, තත්වය බාල නොවි හොඳ පින්තුර ගන්න පුලුවන්. Macro හෝ wide angle lens ඔහුට සමාජ ජාල ගත කරන්න හොඳ පින්තූර ගන්න උපකාරි වේවි.

සුවඳ විලවුන්

මේක නම් බොහෝම සම්ප්‍රදායික තෑග්ගක් උනත් කවුරුත් ලබන්න කැමති තෑග්ගක්. ඔහුගේ කැමතිම සුවඳ විලවුන් වර්ගය හෝ පිරිමින්ට ආවේණික සුවඳ වර්ගයක් ඇති විලවුන් එකක් මිලදීගෙන තැගි කරන්න. ඉතින් එතැන් සිට ඔහු දවස පටන් ගන්නෙ ඔබව මතක් කරගෙනමයි.

Wireless Earphones

කාර්‍ය බහුල ඔහුට ගැලපෙනම තෑග්ගක්. රාජකාරියේදී, ගමන් බිමන් යනකොටත් ඔහුට උපකාරී වෙයි. හොඳ සන්නාමයකින් යුක්ත earphone එකක් පහසුවෙන් ඔබේ නගරයෙන් හෝ අන්තර්ජාලය හරහා ඔබට ගන්න පුලුවන්.

Wooden Portrait

පිරිමින්ටම ගැලපෙන රලු පෙනුමක් සහ ඔබේ ආදරයේ සියුම් බව එක්කල ලීයෙන් කල ඔබ දෙදෙනාගේ පින්තූරයක් තෑගී කරන්න පුලුවන්. ප්‍රදාන නගරවල සිටින ජනප්‍රිය මුද්‍රන කරුවන් ඉතා කෙටි කාලයකින් ඔබේ පින්තූරය මුද්‍රනය කරලා දෙන නිසා අන්තිම මොහොතේ තෑගි තෝරන ඔබටත් කදිම විසදුමක්.

Personalized Wallet

හැමදාම කඩෙන් අරන් දෙන වොලට් එකෙන් එහාට ගිහින් ඔහු වෙනුවෙන්ම කරපු තෑග්ගක්. laser වලින් ඔබේ ආදර පණිවිඩය කැටයම් කරලා දෙන නිසා අවුරුදු ගණක් ගියත් ඔහු මේක අයින් කරන එකක් නෑ. මේවාත් අන්තර්ජාලයෙන් ඔබට ගන්න පුලුවන්.

Beard Care set

රැවුල වැවීම රැල්ලක් වෙලා තියන මේ කාලේ ඔහුගේ රැවුලට ආදරේ කරන ඔබට දෙන්න පුලුවන් අපූරු තෑග්ගක් මේ. බ්‍රශ් එකක්, කන්ඩිශනර් එකක්, කතුරක් සහ oil එකකින් සමන්විත වෙන මෙවැනි කට්ටලයක් ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කරයි.

Shaving Set

හොඳින් රැවුල කපලා ඉන්න මූණකට පෙම් බඳින ඔබට මේ වගේ classic තෑග්ගකට යන්න පුලුවන්. බ්ලේඩ් එකක් සමඟ එන මේ රේසර් එක වෙනසකට කැමති ඔහු කැමති වෙයි. මේ වගේ එකක් හොයාගන්න අමාරු නම් shaving machine එකක් සමඟ හොඳ ශේවින්ග් ෆෝම් එකක් සහ after shave gel එකක් දෙන්න අමතක කරන්න එපා.

ටයි පින් සහ සහ Cuff Links

ඔහු නිතර full formal අඳින කෙනෙක් නම් මේ තමයි ගැලපෙනම තෑග්ග. ඔහුගේ නමේ මුල් අකුරු කෙටූ ලී පෙට්ටිය, ටයි පින් සහ cuff link ඔබට අන්තර්ජාලය හරහා හෝ විශේශිත නිර්මාණ කරුවන් හරහා නිපදවා ගන්න පුලුවන්. මෙහෙම එකක් හොයාගන්න බැරි උනොත් ටයි එක, ටයි පින් එක සහ cuff link තියන සෙට් එක ඔබට පහසුවෙන් එදිනෙදා වෙළඳපොලෙන් හොයාගන්න පුලුවන්.

රස කැවිලි පිරුණු පෙට්ටියක්

රස කෑම එක්ක ආදරේ වැඩි වෙනවා කියනවනේ. ඉතින් රස කෑමට උනන්දු ඔබේ ආදරවන්තායාගේ රසයට ගැලපෙන සැර කෑම සහ පැනි රස කෑම වලින් වලින් පිරුනු පෙට්ටියක් ඔහුගේ ආදරය වැඩි කරයි. චොක්ලට්, කජු, කප් කේක් , පොප්කෝන්, මූස් වගේම ඔබේ අතින්ම හදපු රස කැවිල්ලකුත් ඔබට එකතු කරගන්න පුලුවන්. අන්තිම මොහොත දක්වා මොනවද දෙන්නේ කියලා හිතන ඔබ, මේ තෑග්ග ගත්තොත් ඔහුත් එක්ක බෙදාගෙනම කන්න පුලුවන්.

Love Pendant

රත්තරනින් හෝ stineless steel වලින් ඔබේ ආදර පණිවිඩය ඇතුලත් කරලා ඔහුට පෙන්ඩන්ට් එකක් තිළිණ කරන්න පුලුවන්. මේකටම ඔබට මුදු, බ්‍රේස්ලට් එහෙමත් එකතු කරන්න පුලුවන්.

Diy photo Album

ඔබේ ආදර මතක එකතු කරපු මේ වගේ තිළිණයක් ඔබටම හදල දෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් මේ වර්ගයේ ඇල්බම් අන්තර්ජාලයෙ පහසුවෙන් මිලදී ගන්න හෝ මේ වගේ ඒවා හදන කෙනෙක්ට ෆොටෝ සහ ඔහුගේ ලිපිනය සමඟ බාර දුන්නොත් ගෙදරටම ඩිලිවර් කරලා ඔහුව පුදුම කරවන්න පුලුවන්. උසස් වර්ගයේ බෝඩ් වලින් කරන මේ ඇල්බම් එක පෙට්ටියකට දාල යවන නිසා ඔබට කැමති තවත් පුංචි තෑග්ගක් මේකට දාන්න පුලුවන්. උදාහරණයක් විදිහට මුද්දක්, මාලයක්, සුවඳ විලවුන් බෝතලයක් වගේ දෙයක් එකතු කලොත් ඔහු තවත් කැමති වෙයි.

වෙනස්ම තෑග්ගක් එක්ක ආදරේ අලුත් කරන ඔබට ස්මාර්ට් ලේඩි අපිත් ආදරෙන් සුභ පතනවා

Related Articles

Don't Miss


Latest Articles