මැදි වයසින් පසු උදාවන ජීවිතේ මිහිරිතම කාලය සතුටින් ගත කරන්න වැදගත් කරුණු.

මැදි වයස ලැබුවට පස්සේ ගොඩක් අය හිතනවා ජීවිතේ විඳින එක වරදක් කියලා.හැබැයි මැදි වයසින් පසු උදාවන කාලය තමයි ඔබට ජීවිතේ විඳින්න පටන් ගන්න පුලුවන් හොඳම කාලේ. ඒ කොහොමද කියලා අද අපි කතා කරමු

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ජීවිතය විඳින්න ඒ වයස බාධාවක් කරගන්න අවශ්‍ය නෑ. ඔබ ගැනත් ඔබේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන ගමන් ජීවිතේ විඳින රහස් කීපයක් ගැන මේ ලිපියෙන් ඔබට කියන්නයි අපි ලෑස්ති වෙන්නෙ

ඔබ ගැනම සතුටු වන්න

ඔබේ වයස ගැන හිතනවට වඩා ඔබ සිටින ආකාරය ගැන ,ඔබේ පෙනුම ගැන ඔබ සතුටු වන්න.ඒ විතරක් නෙමෙයි මෙතෙක් ඔබට ලැබී තිබෙන දේවල් ගැන සෑහීමකට පත් වෙන්න. ඔබේ පෙනුම ගැන ,රූපලාවන්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ පෙනුමෙන් ඔබේ වයස කිව නොහැකි තරමට ඔබ ලස්සනට සහ ප්‍රබෝධමත් ලෙස ඉන්න උත්සහ කරන්න

සංචාරය කරන්න

මෙය ඔබේ මානසික සෞඛ්‍යයට ඉතා වැදගත්.ජීවත් වෙන පරිසරය එක් දිනකට හෝ දින කීපයකට වෙනස් වීම ඉතා හොඳ දෙයක්. ඔබේ සැමියා ,හිත මිතුරන් හෝ නෑදෑයින් කීප දෙනෙක් සමඟ මසකට වරක් හෝ මාස දෙකකට වරක් සුන්දර පරිසරයක නිවාඩුවක් ගත කරන්නට හෝ සංචාරය කරන්න යන්න.එය ඔබට හොඳ අත්දැකීමක් වෙයි

ඔබේ ශරීරයේ හැඩය ගැන සිතන්න

මැදි වයස අවසන් වෙද්දි බොහෝ විට ඔබට දරුවන් ලැබී අවසන්. ඉතින් ඔබට ඔබ තරුණ කාලයේ තිබුනු ලස්සන ශරීරය නැවත ලබා ගන්න පුලුවන් .ව්‍යායාම මධ්‍යස්ථානයකට හෝ නිවසේදි විවිධ ව්‍යායාම ක්‍රම අත් හදා බලන්න ඔබට පුලුවන්.සති කීපයකින් ඔබට ලොකු වෙනසක් දැනේවි

රූපය ගැන සැලකිලිමත් වෙන්න

රූපය ලස්සනට තියාගන්න ඔබ අධික ලෙස වියදම් කරමින් සැලෝන් එකටම යන්න අවශ්‍ය නෑ.ගෙදරදිම ඔබට Skin care routine එකක් අනුගමනය කරන්න පුලුවන්. ඒ වගේම දෙපා සහ දෑත් සත්කාර , මුහුණට පැක් එකක් දැමීම වගේ දේවල් වලින් ඔබට වයසට නොයා ලස්සනට ඉන්න පුලුවන්

අලුත් දේවල් ඉගෙන ගන්න.

ඔබේ දැනුම වැඩි කරගන්න මේ වයසට වඩා තවත් හොඳ කාලයක් නෑ. ඔබ වයසින් පරිණත උනත් ඔබට ඉගෙන ගන්න තවමත් බොහො දේ තියනවා.
අලුත් භාශාවක් , කේක් නිර්මාණය , විලාසිතා හෝ රූපලාවණ්‍ය වැනි දේවල් ඔබට ඉගෙන ගන්න පුලුවන් .ඒවාට කිසිසේත්ම ඔබේ වයස බලපාන්නෙ නෑ.ඒ විතරක් නෙමෙයි එවැනි දේවල් වලින් ඔබට අලුත් මිතුරන් හඳුනා ගන්නත් පුලුවන්

නිදන කාමරය ආදරණීය තැනක් කරගන්න

මැදි වයස කියන්නෙ කිසිසේත්ම ඔබ ඔබේ ලිංගික ජීවිතය අමතක කල යුතු වයසක් නම් නෙමෙයි. වයසට යනවිට මෙය වඩාත් වැදගත් කාරණාවක්.නමුත් ගොඩක් කාන්තාවන් නොසලකා හරින්නෙත් මේ කාරණාවයි. ලිංගිකත්වය අතින් ඔබට වඩා ක්‍රියාශිලි විය හැකි වයසක් තමයි මේක. ඉතින් ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. සැමියා සමඟ ඇති ඔබේ සබඳතාවය වඩාත් ශක්තිමත් කරගන්න උනන්දු වෙන්න. විශේෂයෙන් ආර්ථවහරණයත් සමග හදිසි ගැබ් ගැනීම් ගැන ඔබේ බියත් පහව යන නිසා සහකරු සමග සතුටින් ලිංගික ජීවිතේ ගතකල හැකි කාලයක්. ඒ නිසා ලමයිලොකුයි කියල සැමියාගෙන් ඈත් නොවී ඒ සබදතා ශක්තිමත් කර ගන්න ඔබට පුලුවන් මේ කාලෙදි.

ඔබේ මානසික සෞඛ්‍යයට අවධානය යොමු කරන්න

අපි අපේ ජීවිත ගත කරනකොට, අපි බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙනවා මේ වගේ දුෂ්කරතා බොහොමයක් අපට නොපෙනෙන කැළැල් ඇති කරනවා .ඉතින් ඔබට ජීවිතේ එවැනි අපහසු අවස්ථා තියෙනවා නම් එය දිනපොතක හෝ ලියා ඔබේ මනස සැහැල්ලු කරගන්න.එසේ නැත්නම් ඔබේ සැමියා හෝ විශ්වාසවන්ත මිතුරෙක් සමඟ කතා කරන්න.ඔබේ මානසික සෞඛ්‍ය හැම අතින්ම ඔබට වැදගත් නිසා ඒ ගැනත් හිතන්න

ඔබේ සෞඛ්‍යය ගැන හිතන්න

දියවැඩියාව ,කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය කියන්නේ මේ වයස වෙද්දි වැළඳෙන රෝග.ඉතින් ඒ ගැනත් අවධානය ඔබ යොමු කරන්න.නැත්තම් නිතර අසනීප වීම ඔබේ ජීවිතය වෙහෙසකර එකක් කරාවි.
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමටත් ඒ එක්කම ඔබ සැලකිලිමත් වෙන්න ඕන. රසකැවිලි ,ක්ශණික ආහාර ඔබෙන් ඈත් කරලා නැවුම් එළවලු පලතුරු , පිරිසිදු ජලය ජීවිතේට ලං කරගන්න

මිතුරන් සමඟ විනෝද වන්න කාලය වෙන් කරගන්න

මිතුරන් එක්ක සති අන්තයේ චිත්‍රපටයක් බලන්න ගියාට , සාදයක් පැවත්වූවාට කිසිම වරදක් නෑ.ඒ වගේම සංගීත සංදර්ශන , වේදිකා නාට්‍ය බලන්න යන්න සාප්පු සවාරි යන්න වගේ දේවල් වලටත් කාලය වෙන් කරන එක ඔබේ ඒකාකාරී ජීවිතයට ගොඩක් හොඳ විසඳුමක්

විනෝදාංශයක් සොයාගන්න

ඔබ ප්‍රිය කරන කුමක් හො විනෝදාංශයක් ඔබට මේ වෙද්දි තියෙන්නම ඕන.ගෙදර ඉන්න වෙලාවට රූපවාහිනි තිරය මත ඇස් රඳවගෙන ඉන්නවට වඩා පොතක් කියවන්න ,මල් පැල වලට සාත්තු කරන්ම ,එළවලු පැල ටිකක් හිටවන්න එහෙම නැත්තම් අලුත් ආහාර වට්ටෝරු අත් හදා බලන එක වගේ විනෝදාංශ වලට ඔබේ කාලය යොමු කරන්න

සුබවාදී වෙන්න

ජීවිතේ විඳින්න නම් මෙය ඔබට ඉතාමත් වැදගත්. ජීවිතේ ඉන්න කරදරකාරී මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඔබට ජීවිතේ ඉස්සරහට යන්න අත්වැලක් වෙන මිනිස්සු වගේම ධනාත්මකව හිතන අයව විතරක් ඔබ සමීපයේ තියාගන්න.එය ඔබේ මානසික සෞඛ්‍ය යහපත්ව තියාගන්න උදවු වෙන

මැදි වයසින් පසු ඔබ ඔබේ ජීවිතය අත් හැරිය යුතු නෑ.සතුටින් ජීවත් වන්නට නම් ඔබට කලහැකි දේවල් බොහොමයක් තියනවා.මේ කාරණා ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් තව දුරටත් ඔබට ඔබේ වයස ගැන වද වීමට අවශ්‍ය නෑ

Related Articles

Don't Miss


Latest Articles