කෑම මේසය රසවත් කරන අච්චාරු වර්ග 4 ක්.

ගැබිණි සමය ගත කරද්දී බොහෝ දෙනෙකුගේ කෑම අරුචිය පරදන හොඳම මිතුරා අච්චාරු. ඒ වගේම පොඩි පික්නික් එකක් රසවත් කරන්න අච්චාරුවකට පුලුවන්. ගෙදරදී ෆිල්ම් එකක් බලන ගමන්, පොතක් කියවන ගමන් කන්න අච්චාරුවක් හදා ගන්න පුලුවන්.

ඒ විතරද? ඉක්මන් කෑම වේලකට කෑම මේසය රසවත් කරන්නත් අච්චාරුවකට හොඳටම පුලුවන්. මැලේ අච්චාරු සහ සිංහල අච්චාරු රෙසිපි දැකලා දැකලා කටපාඩම් වුණු ඔබට අද අපි අරන් ආවේ පළතුරු සහ එළවළු වලින් හදා ගන්න පුලුවන් රස අච්චාරු වර්ග කීපයක්.

වෙරළු අච්චාරු.

අවශ්‍ය දේවල්:

  • හොදින් පැසුනු වෙරළු ගෙඩි
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • දුඹුරු සීනි
  • පොල් විනාකිරි

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම වෙරළු ගෙඩි වංගෙඩියක කොටාගන්න.
  • වියළි මැටි භාජනයක් ගෙන රස අනුව ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, සීනි විනාකිරි දමා උතුරන තෙක් මද ගින්නේ රත්.කරන්න
  • ඊට පසු කොටාගත් වෙරළු එකතු කරගන්න.
  • ඉන්පසු අඩු ගින්දරෙන් වෙරළු ටික තැම්බෙන තුරු භාජනය වසා තබන්න.
  • අන්තිමට තැම්බුනු වෙරළු අච්චාරු මිශ්‍රණය පිරිසිදු වියළි වීදුරු හෝ මැටි බදුනක අසුරාගන්න.

ගර්කින් අච්චාරු

අවශ්‍ය දේවල්:

  • පෙති කපාගත්ගර්කින් කෝප්ප 6
  • විනාකිරි කෝප්ප 1
  • ලුණු මේස හැදි 1
  • සුදු සීනී කෝප්ප 2
  • පෙති කපාගත් ළුෑණු කෝප්ප 1
  • පෙති කපාගත් බෙල් පෙපර් කෝප්ප 1

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම පොඩි භාජනයක් ලිපේ තබා ලුණු, සීනී, විනාකිරි දමා අඩු ගින්දරක උතුරවා ගන්න.
  • ලොකු භාජනයක් ගෙන කපාගත්ත ගර්කින් , ළුෑණු, බෙල් පෙපර්, ගම්මිරිස් කුඩු දමා කලවම් කරගන්න.
  • විනාකිරි මිශ්‍රණය ගර්කින්වලට දමා කලවම් කරගන්න.
  • පිරිසිදු වියළි බෝතලයක දමා ශීතකරණයේ තබන්න.

ගොරකා අච්චාරු

අවශ්‍ය දේවල්:

  • ගොරකා
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • සීනි
  • විනාකිරි

සාදාගන්නා ආකාරය:

  • ගොරකා සෝදලා ගලේ කොටන්න.
  • මඳක් තලා භාජනයකට දමන්න.
  • ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, විනාකිරි දාන්න.
  • හොඳින් අනන්න.

බීට් රූට් අච්චාරු

  • බීට් රූට් ගෙඩි කිහිපයක්
  • රතුලූනු
  • අමු මිරිස්
  • විනාකිරෙන් අඹරා ගත් සුදුලූනු සහ ඉගුරු
  • අඹරා ගත් අබ සහ සූදුරු
  • තලාගත් කරාබු නැටි සහ එන්සල් ස්වල්පයක්
  • මිරිස් කුඩු
  • කහ
  • ලුනු
  • රස අනුව සීනි
  • විනාකිරි

සාදාගන්නා ආකාරය:

  • බීට් රූට් සුද්ද කර සෝදා සිහින්ව දිගු අතර තීරු කපා ගන්න.
  • රතුළුනු සුද්ද කර සෝදා ගන්න.
  • අමු මිරිස් සෝදා ගන්න.
  • මැටි හට්ටියක් ලිප තබා වතුර වියලෙන්න හැර එයට විනාකිරි දාන්න.
  • එය රත් වී ගෙන එනවිට. සුදුලූනු ඉගුරු පේස්ට් එක, අබ පේස්ට් එක, තලා ගත් කරාබු නැටි, එන්සල්, ලුනු, සීනි, මිරිස් කුඩු, කහ දමා හොදින් කලවම් කරන්න.
  • එය තද පාටට හැරී ගෙන එන විට බීට් රූට් , රතුලූනු සහ අමු මිරිස් එකතු කර හොදින් කලවම් කරන්න.
  • විනාඩි කිහිපයක් ලිපේ තබා නිවන්න
  • බෝතලයක අසුරා දින දෙකකට පමණ පසු කෑමට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles