හැමදාම තරුණ බව රැකගන්න සමට කල හැකි ස්වභාවික Anti Ageing සත්කාර.

තරුණ පෙනුමක් ඇති සමක් කියන්නේ කාන්තාවක් හැමවිටම ආස කරන දෙයක්.වයසට යන්න යන්න කාන්තාවට අහිමි වෙන්නෙත් ඒ දේමයි.ඉතින් කොහොමද මේ තත්වය පාලනය කරගන්නේ? අපි ඒ ගැන අද කතා කරමු

ගොඩක් කාන්තාවන්ගේ වයසත් එක්කම ඔවුන්ගෙ පෙනුමත් වියපත් වෙලා යනවා.වයසට යාමත් එක්ක හම රැලි වැටීම ,ඇස් වටා අඳුරු බව ඇතිවීම,සම එල්ලා වැටීම, යටි පතුල් පැලීම වගේ දේවල් හරි ඉක්මනින් ඇතිවෙනවා. ඇත්තටම ඒක හරි පීඩාකාරි ගැටලුවක්.ඒ නිසාම ගොඩක් කාන්තාවක් පුරුදු වෙලා ඉන්නවා විශාල මුදලක් වැය කරමින් විවිධ ඖෂධ වර්ග ,එන්නත් වර්ග , පෝශණ අතිරේක සහ විවිධාකාර විටමින් වර්ග ලබාගන්න.නමුත් මේවා නිසා පසු කාලෙක ඇතිවන්නට පුලුවන් අතුරු ආභාධ ගැන ඔවුන්ට නිසි අවබෝධයක් නෑ.අපි අද කියන්න යන්නේ මේ වයසට යාමේදි ඇතිවන රූපලාවණ්‍ය ගැටලු වලට කිසිම අතුරු ආභාධයකින් තොරව අපිට නිවසේදීම කරගන්න පුලුවන් ස්වභාවික ප්‍රතිකාර ක්‍රම ගැනයි.

සම රැළි වැටීම ,සම එල්ලා වැටීමට කරන්න පුලුවන් සත්කාර මොනවද ?

මී පැණි

මී පැණි කියන්නෙ හොඳම ස්වභාවික මොයිස්චර්රයිසර් වර්ගයක්.මී පැණි වල සම ප්‍රාණවත් කරන ප්‍රතිඔක්සිකාරක අඩංගු වනවා.එමගින් සමෙහි රැළි ඇතිවීම හොඳින් පාලනය කරනවා.

කොහොමද මී පැණි සත්කාරය කරන්නේ ?

පිරිසිදු මී පැණි තේ හැඳි දෙකක් පමණ ඔබට මේ සඳහා අවශ්‍ය වෙනවා. මී පැණි ඇඟිලි තුඩු වලට ගෙන මුහුණත් බෙල්ලත් විනාඩි දෙකක් පමණ හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 15 – 20 ක කාලයක් මී පැණි මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න.මෙම සත්කාරය ඔබට දිනපතා කල හැකියි

බිත්තර ෆේස් මාස්ක් ( egg face mask )

බිත්තර සුදු මද වල ඔමේගා 3 , මේද අම්ල ,ප්‍රෝටීන් සහ සින්ක් වැනි පෝශක කොටස් අඩංගු වෙනවා.එමඟින් සම තද කරන අතර සම එල්ලා වැටීම වලක්වනවා.ඒ වගේම මෙමගින් සම සිනිඳු කිරීමද සිදු වෙනවා

කොහොමද බිත්තර ෆේස් මාස්ක් එක දාන්නේ ?

මේ සඳහා ඔබට බිත්තරයක සුදු මද අවශ්‍ය වෙනවා.එම සුදු මදයට නැවුම් කිරි තේ හැන්දක් සහ ලෙමන් යුශ තේ හැන්දක් එකතු කර මුහුණේ ආලේප කරන්න.විනාඩි පහලවක් පමණ මේ මාස්ක් එක මුහුණේ තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න.දින තුනකට වරක් මෙම සත්කාරය කිරීම ප්‍රමාණවත්

කැරට් සහ අර්තාපල් ෆේස් මාස්ක්

කැරට් වල ඇති විටමින් A මඟින් සමේ කොලජන් නිශ්පාදනය ඉහල නංවයි.කොලජන් සම තද කර රැලි ඇතිවීම වලක්වන අතර ඔබේ මුහුණට දීප්තිමත් බවක්ද ලබා දෙයි.
අර්තාපල් මඟින්ද සමෙහි රැලි ඇතිවීම අවම කරන අතර ස්වභාවික බ්ලීචින් අඩංගු නිසා සම පැහැපත් කරයි

කොහොමද කැරට් සහ අර්තාපල් ෆේස් මාස්ක් එක දාන්නේ?

කැරට් සහ අර්තාපල් තම්බා හොඳින් පොඩි කරගන්න.මෙයට කහ කුඩු සහ බේකිං සෝඩා ඉතා කුඩා ප්‍රමාණ වලින් එකතු කර මිශ්‍ර කරගන්න.ඉන්පසු වතුර ස්වල්පයක් එකතු කර පේස්ට් එකක් වනතුරු මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
සතියකට දෙවරක් මෙම සත්කාරය කිරීම ප්‍රමාණවත්

යෝගට් ෆේස් මාස්ක්

යෝගට් වල සම නැවුම්ව සහ දීප්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය විටමින් ,ඛනිජ ලවණ සහ එන්සයිම අඩංගු වන අතර සම රැලි වැටීම වලක්වන මේද අඩංගු වනවා.ඒ වගේම යෝගට් වල ලැක්ටික් අම්ලය සමෙහි ඇති සිදුරු හකුලා සම තද කරනවා

කොහොමද යෝගට් ෆේස් මාස්ක් එක දාන්නේ ?

යෝගට් තේ හැඳි 2 ට මේ පැණි තේ හැන්දක්, කහ ස්වල්පයක් ,විටමින් ඊ කරලක් සහ ලෙමන් යුශ තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න.ඉන්පසු එම පේස්ට් එක මුහුණ පුරා ආලේප කර විනාඩි 10 – 15 ක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න
මෙම සත්කාරය සතියකට දෙතුන් වතාවක් කිරීම ප්‍රමාණවත්

ඇස් වටා අඳුරු වීමට කරන්න පුලුවන් සත්කාර මොනවද ?

අර්තාපල් යුශ

අර්තාපල් කියන්නෙ සමට අහිතකර නැති ස්වභාවික බ්ලීචින් වර්ගයක්.මෙමගින් සම පැහැපත් කිරීමත් කරනවා

කොහොමද අර්තාල් යුශ සත්කාරය කරන්නේ ?

අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර කපු රෙදි කැබැල්ලක් මත තබා එහි යුශ පෙරාගන්න.ඉන්පසු එම යුශ වලින් කපු පුලුන් කැබැලි දෙකක් පොඟවා ඔබේ ඇස් මත තබන්න .විනාඩි 10 – 15 ක් අතර කාලයක් හිඳ පුලුන් ඉවත් කර සිසිල් වතුරෙන් ඇස් සෝදන්න .සතියකට දින තුනක් හෝ හතරක් මෙම සත්කාරය කිරීම ප්‍රමාණවත්

රෝස වතුර

ටෝනර් එකක් ලෙසත් භාවිතා කරන මේ රෝස වතුර දෑස් වල ඇති විඩාබර පෙනුම නැති කර දීප්තිමත්ව බවක් ලබා දෙනවා

කොහොමද රෝස වතුර සත්කාරය කරන්නේ ?

කපු පුලුන් කැබලි දෙකක් රෝස වතුර වල හොඳින් පොඟවා ඔබේ ඇස් මත තබන්න.මෙය විනාඩි 15 ක් පමණ තිබෙන්නට හරින්න.
දිනකට දෙවරක් මෙම සත්කාරය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය

යටිපතුල් පැලීම සඳහා කරන්න පුලුවන් සත්කාර මොනවද ?

රෝස වතුර සහ ග්ලිසරින් සත්කාරය

ග්ලිසරින් වලින් සම මෘදු කරනවා. ඒ වගේම රෝස වතුර වල ඇති විටමින් A ,B3, C,D මෙන්ම E ප්‍රතිඔක්සිකාරක හා විශබීජ නාශක ගුණ සම සුවපත් කරනවා

කොහොමද මේ සත්කාරය කරන්නේ ?

නින්දට යාමට පෙර රෝස වතුර සහ ග්ලිසරින් සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරලා යටිපතුල් වල ආලේප කරලා හොඳින් සම්බාහනය කරන්න.
මෙම සත්කාරය දිනපතා කල හැකියි

කිරි සත්කාරය

කිරි වල ඇති ලැක්ටික් අම්ලය සමේ මැරුණු සෛල ඉවත්කර නව සෛල සැදීමට උදව් කරන අතර යටිපතුල් වල වියළි බව දුරු කර යටි පතුල් පැළීම වලක්වයි

කොහොමද කිරි සත්කාරය කරන්නේ?

මඳ උණුසුම් ජලයට කිරි කෝප්පයක් එකතු කර කකුල් ඔබාගෙන සිටිය හැකි බේසමකට දමා විනාඩි 10ක් පමණ සිටින්න
ඉන්පසු පොල්තෙල් වලට සීනි එක් කර පේස්ට් එකක් සාදා යටිපතුලේ අලේප කර කවාකාර ලෙස හොඳින් පිරිමදින්න. විනාඩි 5-10ක් මෙසේ සිදුකර දෙපා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
මෙම සත්කාරය සතියට දින තුනක් කිරීම ප්‍රමාණවත්

ලෙමන් ලෙලි හෝ දොඩම් ලෙලි

ලෙමන් ලෙල්ලේ ඇති රසායනික සංඝටක වියලි හා ඉරි තැලුනු සම ඉවත් කරයි සම මෘදු කරයි

කොහොමද මේ සත්කාරය කරන්නේ ?

විලුඹ වසා දැමීමට පුළුවන් තරමට ප්රමාණයකින් යුත් ලෙමන් ගෙඩියක් තෝරා ගන්න.
යුෂ මිරිකා හැර ලෙල්ල අරගන්න. ලෙමන් ගෙඩිය හරි මැදින් කපාගැනීමට වග බලා ගන්න
ඉන්පසු මේස් එකක් ආධාරයෙන් දොඩම් ලෙල්ල විලුඹ වැසෙන සේ තබා ගන්න. පැයක් පමණ මෙය තබාගෙන සිටිය යුතු අතර රැයක් එළි වෙන තුරු තිබීමට හැකි නම් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.
මෙම සත්කාරය සතියට දින තුනක් පමණ කිරීම ප්‍රමාණවත්

මීට අමතරව වයසට යාම නිසා ඇතිවන රූපලාවණ්‍ය ගැටලු පාලනය කරගන්න පුලුවන් ක්‍රම මොනවද ?

  • හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකීම
  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම
  • නැවුම් එළවලු සහ පලතුරු ආහාර වේලට එකතු කරගැනීම
  • දිනකට වතුර වීදුරු 8 – 10 ක් පමණ පානය කිරීම
  • කෘතීම බීම වර්ග වෙනුවට පලතුරු යුශ පානය කිරීම
  • මත්පන් සහ දුම්පානයෙන් වැළකීම
  • ව්‍යායාම කිරීම

ඔබ වයසට යාම ඔබට නතර කරගැනීමට නොහැකි උනත් වයස්ගත පෙනුම පාලනය කරගන්න ඔබට පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ බොහොම ලේසියෙන් කරගන්න පුලුවන් මේ සත්කාර කිරීම විතරයි.ඉතින් ඔබේ වයස ගැන තවත් ඔබ බිය විය යුතු නෑ. ඒ වගේම මේ සත්කාර කරන්න කලින් ඒවාර භාවිතා කරන අමුද්‍රව්‍ය වලින් ඔබට යම් ආසාත්මිකතාවක් තියනවද කියලත් පරික්ශා කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles