ඕනෑම අවස්ථාවකට ගැලපෙන හැමදාම trend එකේ පවතින ලිනන් ඇඳුම් විලාසිතා.

අපි අද ස්මාර්ට් ඔබත් එක්ක බෙදා හදාගන්නේ ලිනන් ගැන. අතීතයේ ඉඳන්ම ප්‍රසිද්ද, ඉතා මෘදු, අලංකාර, කල් පවතින හොඳ වටිනාකමක් පේන, සිහිල් ගුණයෙන් යුතු , කල්පවතින රෙදි වර්ගයක් තමයි ලිනන් කියන්නේ. ඇඳුම් වල සිට තුවා, ඇඳරෙදි, ජනෙල් රෙදි දක්වා විශාල පරාසයක නිශ්පාදන ලිනන් වලින් කරනවා. ලිනන් රෙදි පිලි වලට යන්න කලින් ලිනන් ගැන මේ වටිනා තොරතුරුත් දැනගත්තොත් ඔබට තවත් ආසා හිතෙයි.

මොනවාගෙන්ද හදන්නේ?

ලිනන් හදන්නේ හණ වලින්. ශක්තිමත්, සැහැල්ලු කෙඳි වර්ගයක් වෙන හණ කෙඳි දික් අතට වියලා තමයි මේ රෙදි හදන්නේ. මේ කෙදිවල ගොරෝසු සහ ශක්තිමත් ගුණය නිසා තමයි ලිනන් වලට විෂේශිත texture එකක් තියෙන්නේ. හොඳම හණ වැවෙන්නේ ප්‍රංශය සහ ස්පාඤ්ඤයේ ( යුරෝපයේ) නිසා තත්වයෙන් උසස්ම ලිනන් හදන්නේ ඉතාලියේ.

ඇයි අපි ලිනන් අඳින්න ඕනි?

  • හොඳ වායු හුවමාරුවක් වෙන නිසා උශ්නත්වය වැඩි කාලයට ගැලපෙනවා
  • ඇදෙන සුලු බවක් නොමැති වීම නිසා ඔබ කොතරම වාර ගණනක් ඇඳලා හේදුවත් ඇඳුමේ හැඩය වෙනස් වෙන්නෙ නෑ.
  • හෝදන වාරයක් පාසා සුමුදු සුසුනිදු වෙන නිසා ඇඟට සුවපහසුයි.
  • පරිසරයට වඩා හිතකර වීම. පරිසරය ගැන හිතන මේ කාලෙ අඩුවෙන් ජලය උරාගන්නා, අඩු රසායනික ද්‍රව්‍ය ප්‍රමානයක් භාවිතයෙන් නිපදවන ලිනන් හරිම වැදගත්. Sustainability කියන මාතෘකාව වැඩි වැඩියෙන් කතා කරන මේ කාලේ ලිනන් ඇන්දොත් ඔබටත් එහි කොටස් කරුවෙක් වෙන්න පුලුවන්
  • ආසාත්මිකතා අඩු වීම

ලිනන් වල වටිනාකම දැන ගත්තාට පස්සේ දැන් අපි හැරෙමු ලිනන් රෙදි වලින් මහන ඇඳුම් පැත්තට.

හැම වයසටම ගැලපෙන ලිනන් ගවුම්

ලිනන් කියන්නේ හැමදාම trend එකේ තියන ඇඳුම් වර්ගයක්. සාමාන්‍යෙන් ලිනන් මිලෙන් ඉහල උනත් ඔබ ආයෝජනය කරන මුදලට වඩා වටිනා පෙනුමක් ඔබට දෙන්න ලිනන් සමත් වෙනවා. කල්පවතින නිසා බය නැතුව කාලයක් අඳින්නත් පුලුවන්.

ලිනන් වලින් මහපු පහත විලාසිතා වල ගවුම් ඔබට වෙලඳ පලේ මිලදීගන්න තියනවා.

  • Mini dress
  • Midi dress
  • Maxi dress
  • Wrap dress
  • Tunic

ලිනන් ගවුම් වල විශේශත්වය තමයි මේවා බොහෝවිට මහන්නේ සැහැල්ලු සහ ඇඟට හිර නොවෙන ලෙසයි. ලිනන් රෙද්ද තුලින් වායු හුවමාරුව පහසුවෙන් වන නිසාත්, ඇඟට තද නොමැතිව මසන නිසා ඔබට පහසුයි.

ලිනන් ගවුම් ඔබට casual හෝ formal ලෙස අඳින්න පුලුවන්. ඒ වගේම පාර්ටි, යාලුවො එක්ක එලියට යනකොට වගේ ඕනෑම අවස්තාවකට අඳින්න පුලුවන්. ස්මාර්ට් ඔබ පාර්ටියකට ලිනන් තෝරනවා නම් ආභරන විශාල ප්‍රමානයක් අවශ්‍ය නෑ. සරල පොඩි ආභරන වලින් සැරසෙන්න. මොකද ඔබේ තේරීම ලිනන් නිසා වටිනාකම පේනවා.

ටොප්ස් වලටත් හැඩයි

ලිනන් ශෝර්ට් එකකට හෝ ලිනන් කලිසමකට ගැලපෙන ලිනන් ටොප් ඔබට පහසුවෙන් එදිනෙදා වෙලඳපලෙන් තෝරාගන්න පුලුවන්. Crop top සිට kurtha top දක්වා විසිරුනු විලාසිතා ඇති මේ ටොප් ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙනවා. Wooden button, coconut shell button , sea shell button වගේම සරල එම්බ්‍රොයිඩර් විලාසිතාවක් මේවාගේ අගය වැඩි කරනවා.

ලිනන් ටොප්ස් සඳහා බොහෝවිට මාල පඳිනවා අඩුයි. සැහැල්ලු පෙනුම රදාපවත්වා ගන්න එහෙම කලත් මාල සඳහා උනන්දු ඔබටත් විසඳුම් තිබෙනවා. මේ වර්ගයේ ටොප්ස් සඳහා මාල කරාඹු පලදින්න කැමති ඔබ custom made necklace, ස්වභාවික ද්‍රවය වලින් කල හෝ වඩාත් සුලභ නොවන සරල ආභරණ වලට යොමු උනොත් හොඳයි. Wooden, coonut shells, sea shells , ස්වභාවික ගල් වැනි ස්වභාවික ද්‍රව්‍ය වලින් කරපු ආභරණ වඩාත් ගැලපෙනවා.

හැඩකාර ලිනන් ශර්ට්

පිරිමි අය අතර වඩාත් ජනප්‍රිය විලාසිතාවක්. විශේශයෙන්ම මැදිවියේ, ව්‍යාපාර කරන පිරිමි අය තමන්ගේ තත්වය පෙන්නුම කරන්න භාවිතා කරන විලාසිතාවක් කීවොත් නිවැරදියි. කර දක්වා බොත්තම් පියවූ ලා පැහැති මේ ලිනන් ශර්ට් ස්මාර්ට් ඔබටත් රාජකාරියට වගේම එදිනෙදා ගමනටත් තෝරාගන්න පුලුවන්.

Optical white, off white, light pink, light gray, natural lilnen colur වගේම ඉරි සහිත රෙදි (striped)බොහෝවිට මේ සඳහා පාවිච්චි වෙනවා. ස්මාර්ට් ඔබට සරල නමුත් ඉතා හොඳ පෙනුමත් සහිතව ගමනක් යන වෙලාවක ලිනන් ශර්ට් එක කියන්නේ හොඳ විලාසිතාවක්.

ඔබ චායාරූප ශිල්පය ප්‍රිය කරන,නිතර වනයේ හෝ පරිසරයේ සැරි සරන කෙනෙක් නම් ඉදිරි පසින් බොත්තම් කීපයක් විවෘත්ත කල කාකි කොල පාට ලිනන් ශර්ට් එක ඔබට වඩාත් ගැලපෙනවා.

ජම්ප්සූට් වලටත් කදිමයි

තරුණ ඔබේ ජනප්‍රියම ජම්ප්සූට් විලසිතාව ලිනන් වලිනුත් මිලදී ගන්න තියනවා. විශාල වර්ණ පරාසයක විසිරුනු ලිනන් ජම්ප් සූට් මගින් ඔබට ඔබට සැහැල්ලු පෙනුමක් ගෙන දෙයි. ඔබ විනෝද සවාරියකට නම් යන්නේ ලිනන් ජම්ප් සූට් එකක් මගින් තරුණ ඔබේ පෙනුම වඩාත් හැඩ කරයි.

ලිනන් ස්කර්ට් අඳිමුද?

ලිනන් සායවල් බොහෝවිට දිගෙන් වැඩි රැලි සහිත ,සැහැල්ලු ඒවා. Midi හෝ maxi කියන දිගට තමයී මේ සායවල අදිනන්නේ. ඒ කියන්නේ දණ හිසට පහලින් සහ බිම දක්වා කියන දිග. A line, high low, hankerchief, gathered, panel කියන විලාසිතා ලිනන් සායවල් සඳහා වඩාත් ගැලපෙන්නේ රෙද්දේ සැහැල්ලු බව වඩාත් කැපී පෙනෙන නිසායි.

ලිනන් වලට කැමති ඔබ ochra, aquamarine blue, vintage red, navy blue, forest වර්ණ වලින් ලිනන් සායවල් ඇඳලා බලන්නකෝ. ඔබටම ආසා හිතෙයි.

සැහැල්ලු බව පෙන්වන ලිනන් ශෝර්ට්

සැහැල්ලු ,හොද වායු හුවමාරුවක් සහිත ලිනන් ශෝර්ට් රස්නේ කාලේට කදීමට ගැලපෙනවා. සම්පූර්ණ ලිනන් වලින් මහපු ශෝර්ට් පොඩ්ඩක් රැලි වැටෙන බවක් පෙන්වනවා. ඒකේ ස්වභාවය එහෙමයි. නමුත් ලිනන් කපු මිශ්‍ර අවස්තාවේදී රැලි ස්වභාවය අඩුයි. විවිද වර්ණවලින් කරපු ලිනන් ශෝර්ට් අපි වගේ ඝර්ම කලාපීය රටකට කදීමට ගැලපෙනවා.අඩු බර නිසා සංචාරයේ යෙදෙන විට කදිමයි.

එදිනෙදා ගමනට, ගෙදරට,යාලුවොත් එක්ක ට්‍රිප් එකක් යද්දි, හොටෙල් එකකට යන වෙලාවට ඔබ ලිනන් ශෝර්ට් එකක් අරන් යන්න අමතක කරන්න එපා.

Flip flop , sandles, leather sandles, shoes වගේ හැම වර්ගෙම පාවහන් ඔබේ අවස්තාව අනුව ඔබට ගලපන්න පුලුවන්. ඒත් අපි ඔබට යෝජනා කරනවා සැහැල්ලු පටි සහිත leather sandles වඩාත් ගැලපෙන බව. Side bag එකත් ඒ වර්ණයටම ගලපන්න.

පුංචි රහසක්

ලිනන් අඳින ලාවට ඔබටත් මටත් තියන ප්‍රශ්නය තමයි හොදින් මැද ගැනීමේ අපහසුව. ඔබත් එක්ක මගේ retail field එකේ අත්දැකීම බෙදාගත්තොත්; අපි කරන්නේ ඇඳුම ටික වෙලාවක් relax වෙන්න hanger එකේ එල්ලලා තියනවා.ඊට පස්සේ ජලවාශ්ප spray කරලා හෝ වාශ්ප සහිත ඉස්තිරික්කයකින් හොඳින් මැද ගැනීම. ඒ වගේම ඔබ මිලදී ගත් ලිනන් රෙදි සෝදන්න පෙර දීලා tag එකේ දීලා තියන උපදෙස් කියවලා ඉන්න.

Related Articles

Don't Miss


Latest Articles