කියවන්න පොතක් – “සෑන්ඩ්ස්ටෝම්”

“එහෙනම් අපි බලමුකෝ කිසි කමකට නැති මේ අවලම් බිත්තිය ඇතුළෙ තියෙන්නේ මොනවද කියලා.” යළිත් වරක් ප්‍රේරකය ඇදි ඈ, මෙවර යකඩයෙන් තැනුණු පුරාවස්තුව වෙතට අවධානය යොමුකරමින් ඒ වටා ඇති පෙදෙසට ලේසර් කදම්භය එල්ල කළාය.

යළිත් වරක් බමනය වූ ලේසර් කිරණ මඟින් ස්ථර වශයෙන් බිඳ දැමූ වැලිගල දූවිලි බවට පුපුරවා හැරෙන්නට විය. පුරාවස්තුව වඩවඩාත් පැහැදිලි වන්නට වූ කල්හි එය ක්‍රිම්සන් රත් පැහැයෙන් යුතුව දිදුලන්නට විය. පාෂාණය තුළ සිට ක්‍රමයෙන් එහි ස්වරූපය ඉස්මතු වෙමින් පැවතිණි.

නාසයක්, පුළුල් නළල් තලයක්, ඇසක් සහ දෙතොලක කෙළවරක්.

ඒක මූණක්..!” සෆියා මිමිණුවාය.

කැසැන්ඩ්‍රා ප්‍රවේශම්කාරීව සිය කාර්යයේ නියුතු වෙමින්, පාෂාණ ස්ථරයන් පිසලන්නාක් බඳුව ඒවා ඉවත්කරමින් එයට යටින් තැන්පත්ව තිබූ මුහුණ නිරාවරණය කරමින් සිටියාය. එම රුව පාෂාණය තුළ හිඳ ක්‍රමයෙන් ඔවුන් වෙතට ළඟාවන්නාක් සේ දිස් වෙමින් පැවතිණි.

මගේ දෙවියනේ..!” කේන් මතුළේ දීප්තිමත් විදුලි පන්දම් ආලෝකයෙන් එය නහවා දමමිනි. එහි වූ අපූර්ව සහගත සමානතාවය කිසිදු අයුරකින් හෝ අහඹුවක් වීමේ හැකියාවක් නොවුණි.

කේන්, සෆියා වෙත දෑස් අයා ගත්තේය. “ඒ ……….!”

James Rollings ඇමරිකන් ලේඛකයෙක්.පශූ වෛද්‍යවරයෙක් ද ව සිට දැන් පූර්ණකාලීන ලේඛකයෙක් වන ඔහු Thriller සහ mystery ශානරයේ පොත් රචනා කරන ලේඛකයෙක්. Excavation ,Amazonia වැනි ශ්‍රී ලංකාවේ පවා ජනප්‍රිය වූ පොත් ද රචනා වූයේ ඔහු අතින්.

Sigma ලෙස හඳුන්වන්නේ ඇමරිකන් කණ්ඩායමක්.හොඳ විද්‍යාත්මක දැනුමක් ඇති ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටින කණ්ඩායමක්. Sigma Force හි නායකයා පේන්ටර් ක්‍රෝව්. ඔවුන්ගේ මූලික අරමුණ ඇමරිකාව සහ සෙසු ලෝකයට තර්ජනයක් වන දෙයින් ඇමරිකාව ප්‍රමුඛ ලෝකය බේරා ගැනීම.විවිධ ක්ෂෙත්‍ර සම්බන්ධ දැනුමක් ඇති සත්‍යය පලිහ කරගනිමින් දැනුම අසිපත කරගත් මේ කණ්ඩායම Sigma Froce නම් කතා මාලාව හරහා තමයි ඔබට හමු වන්නේ.

සෑන්ඩ්ස්ටෝම් මේ Sigma Force නම් කෘති මාලාවේ පළවෙනි පොත යි.නෞමි කත්‍යානා මහත්මියගේ පරිවර්තනයක් ලෙස ලාංකීය පාඨකයන්ට මේ කෘතිය රස විඳින්න දැන් හැකියාව තිබෙනවා.

අරාබි කාන්තාරය පත්ලේ මිහිදන් වූ නගරයක අදහා ගත නොහැකි විශ්මයන් පිරී තිබෙනවා. මේ ඒ සම්බන්ධ කතාන්දරයක්.යුග ගණනාවක් පැවති අබිරහස් ගෝත්‍රයක්, රජයේ රහසිගත නියෝජිතයන් ද රහස් සංවිධානයක් ද ඔබට මේ කෘතිය තුළ හමු වෙනවා.

මේ සියල්ලන්ම එක්ව සොයන්නේ කුමක් ද? අරාබි කාන්තාරය පත්ලේ අන්තරාදායක ගවේෂණයකට පසු වර්ෂ සිය දහස් ගණනක් ඔස්සේ දිවෙන මිනිස් ශිෂ්ටාචාරයක හැම දෙයක් ම වෙනස් කළ හැකි අසීමිත බලයක් ඔවුන් සොයා ගනීවි ද?

සෑන්ඩ්ස්ටෝම් සිංහල පරිවර්තනය මියුසස් පබ්ලිකේෂන් හි ප්‍රකාශනයක්. නෞමි කත්‍යානා ධර්මරත්න මහත්මියගේ පළමු පරිවර්තන වෑයම වන මෙය ඔබට අද්භූත බව සහ ෆැන්ටසියේ සිට භෞතික විද්‍යා මූලධර්ම, රසායන විද්‍යාව, ජීව විද්‍යාව පමණක් නෙවෙයි.බෞද්ධ දර්ශනය, ක්‍රිස්තු ධර්මය, ඉස්ලාම් ධර්මය සහ මේ සියලුම ආගම් වල ශිෂ්ටාචාරයන්, අරාබි ගෝත්‍ර සහ ශිෂ්ටාචාරයන් ඔබට හෙළි කරන්නක්. ආදරය සහ විරහවත් ඒ සමඟම ප්‍රබන්ධ රසය අඩු නැතිවත් ගෙන එන සෑන්ඩ්ස්ටෝම් ඔබේ පොත් එකතුවටත් එකතු කර ගන්න.

සිංහල පරිවර්තනයේ ඡායාරූප උපුටා ගැනීම – මියුසස් පබ්ලිකේෂන් ෆේස්බුක් පිටුව.

Related Articles

Don't Miss


Latest Articles