අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පහසුවෙන් සාදා ගත හැකි රසවත් කෑම වර්ග 3ක්.

ඩෙසර්ට් එකක් ඉක්මනින් වගේම පහසුවෙන් හදා ගන්න තියෙනවා නම් හොඳයි නේද? ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුලුවන් නම් පර්ස් එකටත් වාසියක්.ඒ නිසා අපි අද කියන්නේ ඒ විදියට හදා ගන්න පුලුවන් ඩෙසර්ට් වර්ග කිහිපයක් ගැන.

නෙක්ටෝ පුඩිම

අවශ්‍ය දේවල්

  • නෙක්ටෝ බෝතල් 1
  • සීනි තේ හැදි 2
  • ජෙලටින් තේ හැදි 4
  • ටින්කිරි ටින් බාගයයි

සාදන ආකාරය

  • නෙක්ටෝ වලින් 1/4 ගෙන ජෙලටින් ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න.
  • දියවූ පසු ලිපෙන් බාගන්න.
  • ඉතුරු නෙක්ටෝ ටික කලවම් කරගන්න.
  • නැවත ලිප තබා සීනි සහ ටින් කිරි එක් කර හොඳින් ක්‍රීම් කර ගන්න.
  • ලිපෙන් බාගෙන දීසියක දමා සෙට් වෙන්නට හරින්න.

රුලං ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං 500g
  • ඇස්ට්‍රා 100g
  • ටින්කිරි ටින් බාගයක්
  • සීනි 250g

සාදන ආකාරය

  • රුලං රන්වන් පාට නොවන සේ යන්තම් බැද ගන්න.
  • බටර්, සීනි, ටින් කිරි එකට කලවම් කර බැදගත් රුලං කලවම් කර ගන්න.
  • ඉන්පසු බටර් ගාගත් තැටියක දමා කෑලි කපා ගන්න.

ගී කේක් (බොම්බේ ස්වීට්)

අවශ්‍ය ද්‍රව්‍ය

  • එලඟි තෙල් 1/4 හෝ ඊට වැඩියෙන්
  • බේකිං පවුඩර් තේ හැදි 2
  • පිටි 500g
  • සීනි 500g

සාදන ක්‍රමය

  • පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න
  • එයටම එළඟිතෙල් සහ සීනි හොඳින් කලවම් කරන්න.
  • සිනිඳු මිශ්‍රණයක් සාදා ගන්න.
  • කුඩා බෝල සාදා මැද කුඩා වලක් සදන්න.
  • මිදි හෝ රට ඉඳි කැබැල්ලක් බිත්තර සුදු මදවල ගිල්වා තවරා අලවා ගන්න
  • 150 උෂ්ණත්වයට විනාඩි හතලිස් පහක් බේක් කර ගන්න.

(මෙයට බටර් ගන්නවා නම් 150g පමණ ප්‍රමාණයක් ඩබල් බොයිල් කර ගන්න.)

තොරතුරු සැපයීම – සන්ධ්‍යා සමන්මලී , සමන්මලී කේක් ඇකඩමි, (0762072401)

Related Articles

Don't Miss


Latest Articles