කවුරු හරි කෙනෙක් ඔයාට බොරුවක් කියන බව හඳුනා ගන්න පුලුවන් ඉඟි කිහිපයක්.

0
534

ආදරය, මිත්‍රත්වය අතර සියල්ල රැඳෙන්නේ විශ්වාසය මතයි. ඔබ ආදරය කරන විශ්වාස කරන කෙනෙක් ඔබට බොරුවක් කරන බව දැන ගත්තොත් ඔබට විශාල දුකක් සහ හිත් පීඩාවක් දැනෙන බව අපි දන්නවා. නමුත් ඔබට බොරු කියන බව නොදැන ඔබ රැවටීමක ජීවත් වනවා නම් ඒ වේදනාව ඊටත් වැඩියි නේද?

ඒ නිසා කවුරු හෝ ඔබට බොරු කරනවද කියලා හරියටම හොයාගන්නේ කොහොමද කියලා තමයි අපි අද ඔබට කියන්නේ.

උවමනාවටත් වඩා විස්තර ඉදිරිපත් කිරීම.

පවසන බොරු සිදුවීම ගැන ඔබට අනවශ්‍ය තරමේ විස්තර ගෙන එන්න පුලුවන්. සිදුවීමකට ආටෝප දමමින් දිගින් දිගටම එය විස්තර කරමින් ඔබ නොදන්නා සිද්ධියක් සජීවී ලෙස මවාපෑමක් කරනවා නම් එය බොරුවක් විය හැකියි. බොහෝවිට මේ ආකාරයෙන් පැමිණෙන්නේ බොරු කේලාම් බවත් අමතක කරන්නම එපා

එකම දේ සහ වචන නැවත නැවත කියවීම

“මං හරියට දන්නේ නෑ” වගේ වචන වැඩියෙන් පාවිච්චි කරමින් ඔබ අහන දේ මඟ හරින්න උත්සාහ ගන්නවා නම්, ඒ කියන දේ නැවත නැවතත් තහවුරු කරමින් කියවනවා නම් ඒ කියන්නේ බොරුවක් විය හැකි ඉඩ වැඩියි. ඔබේ ප්‍රශ්න මඟහැර ඔවුන්ගේ අදහසම ඉස්මතු කරමින් ජයගන්න මේ අවස්ථාවල ඔවුන් ක්‍රියා කරනවා.

කියවන්න :  ලෝකයේ ඉන්න සතුටුදායකම ගැහැනිය ගොඩ නගන්න ආදරණීය පිරිමි හිතකට පුළුවන්.

ඒ නිසා කල්පනාවෙන්!

විවිධ හැසිරීම්

කකුලේ ඇඟිලිවලින් පොළොව හාරමින් කතා කරනවා නම්, තොල් සපමින් කතා කරනවා නම්, බෙල්ල අල්ල ගන්නවා නම්, හුස්ම බර වෙනවා, කටහඩ ඉතා පහත් හෝ ඉතා උච්ඡ වෙනවා වගේම උරහිස හැකිලෙන්න ඉඩ වැඩි නම් ඒ කියන්නේත් බොරුවක් වීමේ ඉඩ බොහොම වැඩියි.

කියන විස්තර පැහැදිලි නැති වීම

“ඇත්තටම මෙයා මේ මොකක්ද කියන්නේ” කවුරු හෝ කතා කරද්දී ඔබට එහෙම හිතෙනවා නම් ඔබ ඒ අසමින් ඉන්නේ අසත්‍ය කතාවක් වෙන්න පුලුවන්. බොරු කියන අය එය කියන්නේ මවමින් නිසා ඒ කතාව අභව්‍ය වෙන ඉඩකඩ සෑහෙන වැඩියි. ඒ වගේම පටලමින් කතා කරද්දී ඔබත් පැටලී යන ඉඩ වැඩියි.ඒ නිසා හරිම පරිස්සමින්.

හැසිරීම හරිම වෙනස්.

අපි එදිනෙදා ජීවිතයේ කතාබහ කරන්නේ හරිම සැහැල්ලුවෙන්. ඒත් බොරුවක් කියන කෙනෙක් ඉන්නේ චංචල වෙලා. අධික දහඩිය දැමීම නිසා නොසන්සුන් වීම එයාලගේ ප්‍රධානම ලක්ෂණයක්.ඊට අමතරව බොහොම සීරුවෙන් හිටගෙන කතා කිරීම, උස් හඬින් කතාකිරීම,විවාදාත්මක හඬකින් කතා කිරීම ඔවුන් අතින් වෙන්න පුලුවන්. අපි සන්සුන්ව හිටියොත් මෙය තේරුම් ගන්න අපට පුලුවන්.

කියවන්න :  විවාහ ජීවිතේ ගැටලු ඇති කරන ලොකුම වැරදි 3 ක් ගැන දැන ගනිමු.

දෑස් වල චංචල බව.

මුවින් නොපවසන දේ ලියවෙන්නේ දෙනෙත්වල.සමහරුන් බොරු කරද්දී අනෙකාගේ දෑස් දෙස හැඟීම් විරහිතව බලා සිටින අතර සමහරු ඔබේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන අසත්‍ය කරුණු පවසන්න ඉඩ තියෙනවා. ඒ වගේම මවාගත් හිනාවක් ද බොහෝ අය සතුයි.

ඔබේම පවුලේ අය, කාර්යාලයේ අය,අසල්වැසියන් බොරු කේලම් සහ අසත්‍ය ප්‍රවෘත්ති ඔබට කියන බව නිකමට හරි හිතුණොත් මෙන්න මේ සංඥාවන් ගැන සැලකිලිමත් වෙන්න. කිසිවෙකුගේ අරමුණු සහ විවිධ හේතු මත ගොඩ නැගෙන බොරුවලට හසු නොවී ස්මාර්ට් විදියට පරිස්සම් වීම ඔබේ හපන්කමක්.

ඔබට කුඩා කාලයේ ඉගෙන ගත් විද්‍යාව පාඩමක් මතකද? ඕනෑම ක්‍රියාවකට සමාන ප්‍රතික්‍රියා අපිට ලැබෙන්න පුලුවන්. ඒ නිසා ඔබ අසත්‍ය තොරතුරු පතුරවන කෙනෙක් නම් ප්‍රවේසමෙන්. ඔබට අනිත් අයත් සලකන්නේ ඒ ආකාරයෙන්ම වෙන්න පුලුවන්.

ඒ වගේම මේ ලක්ෂණ මනෝ වෛද්‍යවරුන් සහ මනෝ විශ්ලේෂකයන් සාමාන්‍යයෙන් බොරු කියන අය හඳුනා ගන්න සඳහන් කරන ලක්ෂණ. සැක කරන්න නෙවෙයි ප්‍රවේසම් වෙන්න මේ දේවල් උදව් කර ගන්න.

2.3 3 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments