අමුත්තන්ට සංග්‍රහ කරන්න මේසයක් ලෑස්ති කරගනිමු

ඔබට අමුත්තන්ට සංග්‍රහකරන්න සිදුවුණොත් කෑම මේසය කොහොමද සකසගන්නෙ කියන ගැටලුව අනිවාර්යයෙන්ම පැන නඟිනවා. ආවාට ගියාට කෑම මේසය පිළියෙල කිරිම නිවැරදි නැහැ. පිළිගන්වන කෑම වගේම එම කෑම පිළිගන්වන ආකරයත් ඉතාම වැදගත්. ඒ නිසා මීළඟ වතාවේ අමුත්තන්ට කෑම මේසය පිළියෙලකරන්න කලින් මේ දේවල් ගැන හිතලබලන්න.

මේසයේ ප්‍රමාණය

පැමිණෙන අමුත්තන්ට පහසුවන ආකාරයට අමුත්තන් සියල්ලන්ටම එකට සිටිය හැකි සේ තනි මේසයක්ද මේස කිහිපයක් පනවන වාද යන්න තීරණය කරන්න. අනවශ්‍ය ලෙස ඉඩ වැඩියෙන් තැබුවොත් අමුත්තන්ට කතාකරීමට සහ කෑම පිළිගන්වන්නට අසීරුවනබව මතක තබාගන්න.

මේස රෙදි

ඔබ භාවිතාකරන්නේ ප්‍රධාන කෑම මේසය නම්  ලිනන්, ලේස් ආදී වැඩි පෙනුමැති මේස රෙදි එකතු කරගන්න පුළුවන්. මේස රෙද්දකට අකමැතිනම් අලංකාර table runner එකක් ඒ වෙනුවට භාවිතාකරන්න පුළුවන්. විවිද හැඩැති Table mats වෙනම ලස්සනක් ඔබේ කෑම මේසයට එකතුකරාවී.

මේස අලංකරණ

කැම මේසය ලස්සන කරගන්නත් අමතක කරන්න එපා. ලස්සන සහ පිරිසිදු පිඟන් කෝප්ප, හැඳි ආදිය එකතුකරගන්න. මල්, එළවළු හෝ පලතුරු එකතුනරගත් සරළ සැරසිල්ලක් වැඩි අලංකාරයක් ගෙනදේවි. ඉටිපන්දම් වුණත් එකතුකරගන්න පුළුවන්. වඩා විශාල සැරසිලි කැම මේසයට වාඩිවන අමුත්තන්ට අපහසුවක්වේවි.

ඔබටම ආවේණික කෑම මේසයක්

ඔබේ අමුත්තන්ට නැවතවතාවක් එන්න හිතෙන ආකාරයේ ලස්සන ඔබටම ආවේණික කෑම මේසයක් සකසන්න. ඔබ පිලිගන්වන ආහාර ප්‍රභේද අනුව කැම මේසය සකස්කරගෙන අමුත්තන්ව පුදුම කරවන්න පුළුවන්. නිදසුනක් ලෙස ඔබ ඉන්දියානු ආහාර පිළිගන්වනවා නම් ඉන්දියානු සැරසිල්ලක් එකතුකරගත හැකියි.

බලන්න, ඔබට කරන්නට ඇත්තේ සුළු වෙනස්කම් කිහිපයක් පමණයි. මෙවර ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ව තරු පන්තියේ හෝටලක වගේ ලස්සන කෑම මේසයකින් පුදුම කරවන්නට අනිවාර්යයෙන්ම ඔබට හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles