ඔබෙ දරුවා බිලිගැනීමට මාන බලන පිරිස් ගැන ඔබ දැනුවත්ද?

මවක් ලෙස ඔබ සියළු කරදර උවදුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට දිවා රෑ වෙහෙසන බව අප දන්නවා. නමුත් ඔබ නොසිතන පිරිසක්, ඔබ නොසිතන අකාරයෙන් , තම කූට උපාය යෙදා ගනිමින් ඔබේ දරුවා ඔබෙන් ඩැහැගැනීමට මාන බලන බව ඔබ නොදන්නවා විය හැකිය‍. ඵ් පිළිබදව දැනුවත් කිරීමට අපි විශේෂ ලිපි පෙලක් ගෙන ඵ්මට සූදානම්…..

දරුවා මව් කුස තුල සිටින අවදියේ සිටම දරුවන් වෙළෙඳ සමාගමේ ඉලක්කයක් වන අතර එම නිෂ්පාදන අතර හිතකර මෙන්ම අහිතකර නිෂ්පාදනයන් ද ඇත. නමුත්, තම නිෂ්පාදනයන්ට ඉහළ වෙළෙඳපොළක් ලබාගැනීමේ අරමුණින් අහිතකර නිෂ්පාදනයන් පවා ඉතා සූක්ෂම අයුරින් ආකර්ෂණීය ලෙස ප‍්‍රචාරණය කරන අවස්ථා ඔබ දැක ඇති.

අරක්කු, බියර් හා සිගරට් යන නිෂ්පාදනයන් ද එලෙස ඉතා සූක්ෂම අයුරින් ප‍්‍රචාරණයන් සිදුකරන බහුජාතික සමාගම් වේ. බොහෝවිට ඔබට සිතෙන්නේ ”අපේ දරුවො තාම පුංචියිනෙ. ඒකනිසා දැන්ම ඒවා ගැන හිතන්න  ඕනෙ නෑ.” කියලා වෙන්නට පුළුවන්. එසේත් නැතිනම් ”මට ඉන්නේ දුවලා. ඒකනිසා ඒ ගැන ප‍්‍රශ්නයක් ඇත්තෙම නෑ” කියලා වෙන්නටත් පුළුවන්. නමුත් ඔබ දන්නවාද ? අරක්කු හා සිගරට් සමාගම්වල ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ ළමයින් බව. සිගරට් සමාගමේ වාර්ෂික වාර්තාවල දැක්වෙන පරිදි ඔවුන්ගේ ඉලක්කය වන්නේ, තොල් තියෙන  ඕනම කෙනෙක් යන්නයි.

ශී‍්‍ර ලංකාවේ අරක්කු, බියර් හා සිගරට් සමාගම්වල ප‍්‍රචාරණ කටයුතු කිරීම සඳහා යම්කිසි පාලනයක් තිබුණද එම සමාගම් එම නීති, ප‍්‍රතිපත්ති වලට හසුනොවන පරිදි ඉතාමත් සූක්ෂම අයුරින් තම ප‍්‍රවර්ධන කටයුතු සිදුකරනු ලැබේ. සමහර ටෙලි නාට්‍ය, චිත‍්‍රපටි, පුවත්පත් සහ අන්තර්ජාලය හරහා ඔවුන් ඔවුන්ගේ ප‍්‍රවර්ධනයන් ඉතාමත් ආකර්ෂණීය අන්දමින් සිදුකරනු ලබයි.

චිත‍්‍රපටිවල දුම්පානය කරන අවස්ථා 50ක් නැරඹූ දරුවන්ට වඩා දුම්පානය කරන අවස්ථා 160කට වඩා නැරඹූ ළමුන්ගෙන් 31% ක් දුම්පානය අත්හදා බැලීමට පෙළඹී ඇති බව සොයාගෙන තිබේ. එමෙන්ම, තම පි‍්‍රයතම තරුව දුම්පානය කරන දර්ශන නරඹන ළමුන්ගේ මනස දුම්පානයට ආකර්ෂණයවීම , එවැනි දර්ශන නොබලන දරුවන්ට වඩා 16 ගුණයකින් වැඩි බව සොයාගෙන තිබේ.

එසේනම්, ඔඪ එකේ දරුවන් නරඹන වැඩසටහන් ගැනත් ඔබ සැළකිලිමත්විය යුතුයි නේද?

පේෂානි.

 

Related Articles

Don't Miss


Latest Articles