Bridal Jacketඑක සකසාගන්නට පෙර

0
4320

ශ්‍රී ලාංකික තරුණියන් බොහෝ දෙනා සිය විවාහ මංගල්‍යය සඳහා පහතරට ක්‍රමයට සාරිය හෝ උඩරට ක්‍රමයට ඔසරිය හෝ ඇඳීමට ප්‍රියකරති. මංගල සාරියට වගේම එහි හැට්ටයටත් හිමිවන්නේ ප්‍රමුඛතම තැනක්. ළඟදී මනාලියක්වන්නට සිටින ඔබ Bridal Jacketඑක නිර්මාණයකරගන්නේ කෙසේදැයි සිතමින් පසුවෙනවා අති. මේ tipsටික smart bride කෙනෙක් වන ඔබටයි.

සිරුරේ හැඩය

Bridal Jacketඑකක සැකැස්ම තීරණයවන්නේ මනාලියගේ සිරුරේ හැඩය අනුවයි. මන්ද සාරියේ හැඩය මතුකර පෙන්විය හැකිවන්නේ සිරුරේ හැඩයට ගැලපෙන සාරි හැට්ටය මඟිනි. අනවශ්‍ය ලෙස තදට හැට්ටය මැසීමෙන් ඔබේ ශරීරයේ හැඩය විකෘතිකර පෙන්විය හැකි නිසා  නිසි මිම්මට සකස්කරවාගන්න.

හැට්ටයේ කර

ඔබ සිරුරින් කුඩා අයෙක්නම් නොගැඹුරු කරක් ඔබට වඩාත් ගැලපේවි. තරමක පළල් සිරුරින් යුත් අයෙක් නම් ගැඹුරු කරක් සිරුරේ හැඩය මතු කිරීමට උපකාරීවේවි. කර කැපූ හැට්ටයකට අකමැතිනම් illusion neckline හෝ high neck කරක් යොදාගත හැක. කර පළල දිගු නම් කෝඩ්එකක් එක්කර ගැනිමෙන් හැට්ටය වැටීම වළක්වාගන්න පුළුවන්. සිප් එකක් අල්ලනවා නම් අනිවාර්යයෙන් ඊට ඉහළින් හක් එකක් හෝ බොත්තමක් අල්ලන්න. එවිට සිප් එක පහළට ඒමෙන් වළකීවි. කර ගැඹරට කපා තනි බොත්තමක් හෝ බොත්තම් කිහිපයක් අල්ලනවානම් ප්‍රවේශමෙන් කටයුතුකරන්න. බොත්තම් ගැලවුණොත් ඔබ දැඩි අපහසුතාවකට ලක්විය හැක.

හැට්ටයේ අත

බෙල් අත සහ දිගු බෝරිච්චි අත මේ දිනවල  සාරි ඔසරි භේදයක් නොමැතිව ජනප්‍රිය අත් වර්ගයි. හැට්ටයේ අත තීරණය කිරීමේදී අතේ පළල වගේම දිගත් සලකා බැලීම වැදගත්. දිගු අත් ඇති Bridal Jacketඑකක්  අඳින්න කැමති ඔබ කලින් දිග අත් ඇති සාරි හැට්ට ඇඳ නොමැති නම් තරමක අපහසුවක් දැනේවි. එසේම හැට්ටයේ අත් අනවශ්‍ය ලෙස වැලමිට ප්‍රදේශයෙන් තද වුවහොත් ආහාරගැනීම, වැඳීම ආදී ක්‍රියකාරකම්වල යෙදීම අපහසුවේවි.

ආබරණ, සාරිය සහ රෙදි වර්ගය

සාරිය ඉතා චාම් නම් හැට්ටයට, විශේෂයෙන්ම එහි පසු කොටස පබළු වැනි දෙයකින් හෝ ආබරණයක් එක්කොට අලංකාර කල හැක. අත් රේන්ද, ලී පබලු, ගල් වර්ග දේශීය අමුද්‍රව්‍ය නවමු අලංකාරයක් ගෙනදේවී. සාරි හැට්ටයට යොදාගන්නා රෙදි සාරියේ රෙදිවර්ගයට ගැලපිය යුතුයි. Lining එකෙහි වර්ණය ගැලපෙනවාදයි සැලකිලිමත්වන්න. ඔබ භාවිතාකරන්නට සිටින ආබරණවලට සාරි හැට්ටය ගැලපෙනවාද කුමන ආබරණ සාරි හැට්ටයට ගැලපෙනවාද යන්න පිළිබඳවත් සැලකිලිමත්වන්න.

මංගල උත්සවය පවත්වන ස්ථානය

ආගමික ස්ථානයක මංගල උත්සවය පවත්වනවා නම් තද වර්ණ සහිත සහ වැඩියෙන් කර කැපූ සාරි හැට්ට භාවිතය එතරම් උචිත නොවේ. එළිමහනෙහි හෝ A/C නොකළ ශාලාවක මංගල උත්සවය පවත්වනවා නම් දහඩිය දැමීම අඩු රෙදි වර්ගයක් තෝරාගන්න.

ලස්සන මනාලියක්වන්නට ලස්සන Bridal Jacket එකක්  අත්‍යාවශ්‍යයි. මතක ඇතිව එහි ලස්සන පමණක් නොව ආරක්ෂාකාරීබව ස නිසි නිමාව පිළිබඳවත් සැලකිලිමත්වන්න.

– කල්හාරී –