වයසට යාම අඩු කර ඔබේ තරුණ බව වැඩි කාලයක් රැකදෙන රහස් 8 ක්

වයසට යාම අපිට නතර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.හැබැයි අපිට ඒක බොහොම ලේසියෙන් පාලනය කරගන්න පුලුවන්.ඒ කොහොමද කියලා දැනගන්න ඔබ මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න

වයසට යාම වේගවත් වීමට අපේ සමහර පුරුදු තදින් බලපානවා.ඉතින් නිකරුනේ වියපත් පෙනුමක් ලබාගන්නවට වැඩිය හොඳ පුරුදු ඇති කරගන්න එකෙන් ලස්සනට ඉන්න අපිට පුලුවන්.එහෙම පුරුදු කීපයක් ගැනයි අපි අද ඔබට කියන්න හදන්නේ

බර අඩු කරගැනීම

ඔබේ ශරිරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වීමෙන් අනිවාර්යයෙන්ම ඔබේ පෙනුම තවත් වියපත් වෙලා පේනවා.ව්‍යායාම කිරීම ,ආහාර පාලනය ,ක්ශණික ආහාර ගැනීම නතර කිරීම මගින් ඔබට මේ තත්වය මග හරවා ගන්න පුලුවන් . ඒ විතරක් නෙමෙයි විනෝදාංශයක් ලෙස ඇවිදීම ,සෝපානය වෙනුවට පඩිපෙල භාවිතා කිරීමෙනුත් යම් ව්‍යායාමයක් ඔබට ලබාගන්න පුලුවන්

නැවුම් එළවළු සහ පලතුරු

ඔබේ දෛනික ආහාර වේලට එළවලු සහ පලතුරු අනිවාර්යයෙන්ම එකතු කරගන්න.එය ඔබට හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උදවු වෙනවා වගේම නැවුම් එළවලු සහ පලතුරු වල අඩංගු විටමින් වර්ග සහ ඉහල ජල අන්තර්ගතය ඔබේ සම නීරෝගී ලෙස පවත්වාගෙන යන්නත් ලොකු උදව්වක් වෙනවා

අමු බීට් රූට් යුශ පානය කරන්න

අමු බීට් රූට් යුශ වල බොහෝ පෝශ්‍ය පදාර්ථයන් අඩංගු වෙන නිසා දවසක් ඇර දවසක් හෝ මෙය පානය කරන්න පුලුවන් නම් ඉතාමත් හොඳයි .කුරුලෑ, ලප කැළැල් ඉවත් කිරීමට වගේම සම පැහැපත් කිරීමටත් මෙය ඉතා හොඳ පානයක්.මෙම බීට් රූට් යුශ වලට තැඹිලි සහ කැරට් එකතු කිරීම මගින් රසය සහ පෝශන ගුණයත් වැඩි කරගන්න පුලුවන්

මානසික ආතතියට ඉඩ නොදෙන්න

ඔබේ මනසේ සැහැල්ලුව පිළිබඳව ඔබ නිතරම සැලකිලිමත් වෙන්න.නිවාඩු දිනවල ඔබ කැමති තැන්වල ඇවිදින්නට යාම , පවුලේ අය සමඟ කාලය ගතකිරීම ,මිතුරු හමුවීම් වලට යම් වේලාවක් වෙන් කරන්න. ඒ විතරක් නෙමෙයි ,පොත් කියවීම ,චිත්‍රපට නැරඹීම වගේ විනෝදාංශ වලටත් යොමු වෙන්න

හොඳ නින්දක් ලබා ගන්න

මෙය ඉතාමත් වැදගත් දෙයක්.සමේ කොලජන් නිශ්පාදනය වැඩි කිරීමට හොඳ තත්වයේ නින්දක් උපකාරි වෙනවා.ඒ වගේම හානියට පත්වුනු සමේ සෛල අලුත්වැඩියා කිරීමත් සුව නින්දක් මගින් සිදුවෙනවා.ඒ නිසා අවම වශයෙන් පැය හතක වත් නින්දක් ඔබ ලබා ගන්නම ඕන

ඩාක් චොකලට් ආහාරයට ගන්න

ඩාක් චොකලට් ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමගින් රුධිර සංසරණය වැඩි දියුනු කරන අතර හිරු එළිය නිසා සමට ඇතිවන හානිද අවම කරයි

සැටින් රෙද්දෙන් නිම කල කොට්ටයක් භාවිතා කරන්න

කපු රෙදි වලින් නිම කල කොට්ට සහ කොට්ට උර භාවිතය මගින් සමෙහි ආසාදන ,කුරුලෑ තත්ව වැඩි වීමත් ,සමෙහි රැළි සහ සිහින් රේඛා ඇතිවීමත් සිදුවනවා.ඊට හේතු වන්නේ කපු රෙදි මත ඉක්මනින් විසබීජ සහ බැක්ටීරියා එකතු වී රැඳී තිබීමයි. නමුත් සැටින් රෙදි වල මේ තත්වය ඊට සාපෙක්ශව අඩු නිසා සැටින් කොට්ටයක් භාවිතා කිරීම සුදුසු වන අතරම එහි ඇති සිනිඳු බව නිසා ඔබේ මුහුණෙහි සම ඔබ නිදා සිටින අතර තුර රිලැක්ස් වෙනවා. එය සමේ තරුණ බව රැකීමට ඉතාමත් වැදගත් වෙනව.

මුහුණ පිරිසිදු කිරීමට සබන් භාවිතය නවත්වන්න

බොහෝ සබන් වලින් සම අධිකව වියලෙන නිසා මුහුණේ ඇති හිතකර තෙල් ඉවත්ව යනවා.එමගින් සම රැළි වැටීම ,ඇස් වටා සම එල්ලා වැටීම සිදු විය හැකි නිසා මූහුණ පිරිසිදු කිරීම සඳහා මෘදු පිරිසිදු කාරකයක් භාවිතා කරන්නට පුරුදු වන්න

මේ වගේ පුරුදු ජීවිතයට එකතු කරගන්න එකෙන් ඔබට වියපත් වෙන එක වලක්වා ගන්න එක එතරම් අමාරු දෙයක් නෙමෙයි.ඉතින් ඔබේ වයසට යාම ගැන නිතර වද වෙන ඔබට මේ ක්‍රම මගින් හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles