අවපැහැ සම රන්වන් පැහැ කරන කැරට් ඔයිල්

රූපලාවණ්‍ය සත්කාර සඳහා නිවසේදීම හදා ගන්න පුලුවන් අපූරු ඔයිල් එකක් තමයි කැරට් ඔයිල් කියන්නේ.ඇස් යට කළු වීම, බෙල්ල ප්‍රදේශය කළු වීම වගේ ගැටලු එක්ක සම අවපැහැ ගැන්වුණු තරුණියන්ට ඒ තත්ත්වයන් වලකා සම දීප්තිමත් කර ගැනීමට කැරට් ඔයිල් උදව් වෙනවා. ඉන්දියාවේ අතිශය ජනප්‍රිය රූපලාවණ්‍ය සත්කාරයක් වන මේ ඔයිල් එක හදා ගන්න ආකාරය අපිට කියා දෙන්නේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි මධූ ජයවීර මහත්මිය යි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ටීම් කරගෙන වතුර නොදා ග්‍රයින්ඩ් කරගත් කැරට් අලයක්
  • කස්තුරි කහ තේ හැදි 3
  • සුදු පොල් තෙල් තේ හැදි 10
  • ඔලිව් තෙල් තේ හැදි 10

කැරට් ඔයිල් හදා ගන්නේ මෙහෙමයි.

  • ග්‍රයින්ඩ් කරගත් කැරට් අලයේ ඉස්ම හොඳින් පෙරා ගන්න.මෙයට වතුර එකතු කරන්න එපා.වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න මෙයට වතුර එකතු නොකර ඉන්න.වැඩිකල් තබා ගන්නත් වතුර නොදැමීම හේතුවක්.
  • සුදු පොල් තෙල් අවපැහැ සමට හොඳ ඖෂධයක්.එය ද එක් කරන්න.
  • ඔලිව් ඔයිල් ද එකතු කරන්න.
  • ඉන්පසු හොඳින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු එය ඩබල් බොයිල් කර ගන්න.
  • (ඩබල් බොයිල් කරන්නේ උණුවතුර භාජනයක් උණු කර බඳුන ඒ තුළින් තැබීම මඟින්. මෙහි වාසිය වන්නේ කෙලින්ම භාජනය උණු කරද්දී විටමින් වලට හානි වෙන්න පුලුවන් නිසා.)
  • විනාඩි විස්සක් මඳ ගින්නේ පමණ ඇලුමිනියම් භාජන භාවිතා කරමින් උණු කර ගන්න.
  • ඒ අතර හැදි ගාන්න.
  • මිනිත්තු විස්සකට පසු බාගන්න.
  • රස්නය තිබියදීම කස්තුරි කහ එකතු කරන්න.(අමු කහ ගැලපෙන්නේ නෑ)
  • ඉන්පසු නිවෙන්නට හැර ජීවාණුහරණය කළ වීදුරු බොට්ල් එකකට දමා වසා තබා ෆ්‍රිජ් එකකට දමා ගන්න.
  • ශීතකරණය තුළ සති දෙකක් පමණ තබා ගන්න පුලුවන්

කැරට් ඔයිල් ආලේප කරන්නේ මෙහෙමයි.

  • සිරුරේ අවපැහැය වැඩි තැන්වලට මේ ආලේපය ගල්වන්න පුලුවන්.
  • ඇස් යට සහ රහස් ප්‍රදේශවල වුවත් කිසිම ගැටලුවක් නැතිව ආලේප කරන්න පුලුවන්.
  • කැරට් ඔයිල් ආලේප කරන්න කලින් ආලේප කරන ස්ථාන හොඳින් පිරිසිදු කර ගන්න.
  • ආලේප කර මඳ වෙලාවක් සම්භාහනය කරන්න
  • ඉන්පසු පැය 2ක් පමණ තබා සෝදා හරින්න.

සුවිශේෂී කරුණු

  • මෙය උදෑසන කාලයේ ආලේප කිරීම වඩාත් සුදුසුයි
  • නමුත් මෙය ආලේප කිරීමෙන් පසු හිරු එළියට නිරාවරණය වෙන්න එපා.
  • හොඳින් පිරිසිදු කරගත් සිරුරේ හෝ මුහුණේ ඔබ පාවිච්චි කරන බොඩි ලෝෂන් එකට මිශ්‍ර කර ආලේප කිරීමෙන් මුලු සිරුරේම සම පැහැපත් හා දීප්තිමත් කර ගන්න ඔබට පුලුවන් .

කුරුලෑ සහිත සමකට කැරට් ඔයිල් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

කුරුලෑ සහිත සමකට වුවත් මේ ඔයිල් එක ගැලපෙනවා.නමුත් ආලේප කරන විට පහත කරුණු අනුගමනය කරන්න

  • ෆේස්වොෂ් එකකින් මුහුණ සෝදන්න
  • සමේ තෙත් ගතිය ඉවත් කිරීමෙන් පසු කැරට් ඔයිල් ආලේප කරන්න
  • මිනිත්තු විස්සක් පමණ තබා මඳ රස්නය සහිත වතුරින් ෆේස්වොෂ් යොදා සෝදා හරින්න.
  • ප්‍රතිපල ගන්න දිනපතා පාවිච්චි කරන්නත් අමතක කරන්නම එපා.

ඔබේ සමේ දීප්තිමත් බව වැඩි කරන්න උදව් වෙන කැරට් ඔයිල් ඉතා පහසුවෙන් සකසා ගෙන ඔබ දිනපතා ආලේප කරන බොඩි ලෝශන් එක සමඟ මිශ්‍ර කර සිරුරේ ආලේප කරන්න ඔබටත් පුලුවන්. ඒ තුලින් මුලු සිරුරේ ම සම එකම දීප්තිමත් පැහැයකට ගන්න ඔබට පුලුවන් .

පහසුවෙන් ලස්සන වෙන්න අපෙන් සුබ පැතුම්!

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Related Articles

Don't Miss


Latest Articles