ලස්සනට ඔෆිස් යන්න විලාසිතා 5 ක්

හැමදාම එකම විදියට ඇන්දාම ඔබට විතරක් නෙමෙයි දකින අයටත් එපාවෙන්න පුළුවන්. එහෙම කියල ගෙදරම ඇඳුම්වලින් පුරවන්න අවශ්‍ය නැහැ. පෞද්ගලික අංශයේ හෝ සාරි ඇඳීම අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය ආයතනයක සේවයකරන ඔබට කාර්යාලයට යෑමට මෙවැනි විලාසිතා ලස්සනට ගැලපේවි.

collar

ලා අලුපැහති ankle glazer pencil cut trouser එකක් සහ සුදු පැහැයට හුරු අළු පැහැති topඑකක් සමඟ ගලපාගෙන ඇත. කොළ වර්ණයේ ප්‍රභේදයන්ගෙන් යුතු Collar necklace එක ගෙනදෙන්නේ වෙනසම ලස්සනක්. මෙහි ලා අළු පැහැති පාවහන් භාවිතාකර තිබුණත් ඒ වෙනුවට තද අළුව, කළු හෝ රතු වැනි වර්ණයක පාවහන් සමඟ ගලාගැනීමෙන් වැඩි අලංකාරයක් ගෙනදෙන්න පුළුවන්.

unnamed

මෙම සරළ විලාසිතාව beige වර්ණයේ collar සහිත shirt එකක් සහ කළු පැහැති pencil cut trouser එකකින් සමන්විතයි. නිල් පැහැති හෑන්ඩ් බෑගය ලස්සන වෙනසක්. කළු පැහැති පාවහන් වෙනුවට shirtඑකේ පාටම පාවහන් එකතුකරගත්තත් ලස්සනයි.

මෙය නිතර දක්නට නොලැබෙන විලාසිතාවක්. Tartan පැටර්න් එකක් සහිත pencil skirt එකක් සහ කව සුදු සිල්ක් shirt blouse එකකින් සමන්විතයි.

රතු සහ නිල් යන මූලික වර්ණයන්ගෙන් ගලපාගෙන ඇති මෙම විලාසිතාවට රන් පැහැති මාලයෙන් ලැබෙන්නේ අමුතුම එළියක්.

නිල් පැහැති මෙම ගවුමට රතු පැහැති පාවහන් එකතුකරගැනීමෙන් වැඩි ලස්සනක් එකතුකරගන්න පුළුවන්. ඒ වගේම Collar necklace එකක් භාවිතාකරල තවත් දයසක තවත් වෙනස් පෙනුමක් ලබාගන්නත් පුළුවන්.

එදිනෙදා රාජකාරී සමඟ ගැටෙන ඔබට ගැලපෙන, විවිධවූ විලාසිතා කරන්නට ඉතාමත් ප්‍රියවුණත් ඒ සඳහා වෙලායක නොමැතිවන්නට පිළිවන්. එනිසා මේ වගේ ඇඳුම් ටිකක් ළඟතබාගත්තොත් ඒ ඇඳුම් ටිකම එකිනෙක ගලපාගෙන ඇන්දත් ඔබට දිනෙන් දින නවමු විලාසිතා මවන්නට හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles