මේ ලස්සන සිනහව, ඔයාගෙ නේද?

සුන්දර සිනහවකට දිනාගත හැකි ලෝකය විශාල බව ඔබ දන්නවා.සුන්දර සිනහවකින් පිටතට ගලා එන්නේ ඔබේ හදවතේ තිබෙන ආදරය,කරුණාව සහ මිත්‍රශීලී බවයි. නමුත් ඒ සිනහව නිසා ඔබේ පෞරුෂය,ලස්සන බිඳ වැටෙන්නටත් පුලුවන්.ඒ නිසි ලෙස මුඛ සෞඛ්‍යය රැක ගැනීම සිදුනොකළහොත්. ඒ නිසා,ලොවක් ඔබ ඉදිරියේ දණ නවන, සුන්දර සිනහවක් වෙනුවෙන් ඔබේ මුව,නිසි පරිදි සෞඛ්‍යමත්ව පවත්වාගෙන යාමට කළ යුතු දේවල් මොනවාද කියා ඔබ දැනගත යුතුමයි.

ආත්ම විශ්වාසය සහ සිනහව.

ආත්ම විශ්වාසයෙන් පිරුණු සුන්දර සිනහවක් ඔබ සතු නම් ඔබ අනිවාර්යෙන් මුළු ලොවම දිනූවෙක් බව අමතක කරන්නට එපා.ඒ වගේම ඔබේම සුන්දර සිනහවට හැකියාව තිබෙනවා ආතතිය ඉවත්කර සතුටින් ඔබව පුරවා තබන්නට.පර්යේෂකයන් පවසන්නේ නිරෝගී මුඛයක් නොමැති බොහෝ දෙනා සිටින්නේ අසතුටින් සහ අසහනයෙන් බවයි.

නිරෝගී මුව මඬලක් මෙන්න මේ වගෙයි

සුන්දර සිනහවක් ගැන කතා කිරීමේ දී දත් ඒ වගේම මුඛ සෞඛ්‍යය අංක එක ස්ථානයේ තබා කටයුතු කිරීම හරිම වැදගත්.ඒ ඔබේ සිනහවේ ලස්සන සම්පූර්ණයෙන්ම ඔබේ මුඛය මත රැඳී පවතින නිසා.නිරෝගී විදුරු මස්,සුදු මුතු මෙන් බබළන දත් ඔබට නිරෝගී සිනහවක් උරුම කර දෙනවා.

දත් මුල් රැක ගත යුතු ඇයි?

දත් රැක ගැනීමට නම්, දත් නිරෝගීව පවත්වාගෙන යාමට නම් දත්මුල් නිරෝගීමත් විය යුතු වෙනවා.
දත්මුල් ශක්තිමත් නොවීම (බුරුල් වීම),විදුරුමස් අවපැහැ හෝ කලු පැහැවීම,දුර්ගන්ධයක් හැමීම ආදිය දත්මුල් නිසිලෙස සෞඛ්‍යමත්ව පවත්වා නොගැනීම නිසා ඇතිවන රෝගී තත්වයන් අතර ඉදිරියෙන්ම තිබෙනවා.

මුඛ සෞඛ්‍යය සහ ලුණු

මුඛ සෞඛ්‍යය රකින ප්‍රධානම දෙයක් ලෙසට ලුණු හඳුන්වන්නට පුළුවන්.නවීන විද්‍යාත්මක නිෂ්පාදන නොතිබුණු අතීතයේ අප මුතුන් මිත්තන් දත්,දත්මුල්, විදුරුමස් රැක ගැනීම සඳහා ලුණු භාවිතා කළා.
ලුණු මිශ්‍ර වතුර මුඛයේ නිරෝගීතාවට හිතකර ph අගයක් තබා ගැනීමට උදව් කරනවා වගේම බැක්ටීරියා වර්ධනය වීම අවම කරනවා.ඇත්තටම ලුණු කියන්නේ දත් මුල් දියවීම සමනය කරන දිව ඔසුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ නිසා ලුණු මිශ්‍ර ජලයෙන් මුඛය සේදීම දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා හොඳ පිළියමක්.

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට්(Clogard Natural Salt)නිසා මුඛ සෞඛ්‍යය රැකෙන්නේ මෙන්න මෙහෙමයි.

ඉතින් ලුණු වල ඇති මේ විශ්මිත සුව කිරීමේ බලය නිසාම,ඔබට පහසුවෙන් එය භාවිතා කිරීම සඳහා ලුණු වලින් පොහොසත් දන්තාලේපයක් හඳුන්වා දී තිබෙනවා.ඉතින් දත් මදින සෑම අවස්ථාවකදීම ලුණු අඩංගු වුනේ දන්තාලේපය ඔබේ මුඛ සෞඛ්‍ය නැවත නැවතත් රැකගනු නියත බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඔබට, මිහිරි වදනින්,සොඳුරු සිනහවකින් ලොවම ජයගත හැකි බවට දැන් විශ්වාසයි නේද?

Related Articles

Don't Miss


Latest Articles