නිවසට නව පෙනුමක් ගෙන දෙන සරළ මල් සැකසුම්

නිවස ලස්සනට තියාගන්න කවුරුත් කැමතියි. විශේෂයෙන්ම අමුත්තන් එන අවස්ථාවක තවත් වැඩියෙන් නිවස අලංකාර කරගන්න අපි වැඩියෙන් උනන්දු වෙනවා. ලස්සන මල් සැකසුමක් කියන්නෙ අනිවාර්යයෙන්ම නිවසට නව එළියක් ගෙන දෙන්නක්. විශේෂයෙන්ම ස්වාභාවික මලින් සැකසූ නිර්මාණයක් නෙතට රසඳුනක්.

නමුත් කාටද ඕවා කරන්න වෙලාවයි සල්ලියි තියෙන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒකට පුංචි විසඳුමක් තමයි මේ.

1

මෙම පළමුවෙනි මල් සැකසුම සඳහා ඔබට අවශ්‍යවන්නේ විනිවිද පෙනෙන උස මල් බඳුනක්, මල් ඉත්තක් සහ විසිතුරු කොළ අත්තක් පමණයි. මල් ඉත්ත සහ විසිතුරු අත්ත ප්‍රතිවිරුද්ධව රඳවාගන්න. අඟලක් පමන වතුර පුරවා තනි මලක් පාවෙන්නට තබන්න.

2

දෙවන මල් සැකසුම සඳහා ඔබට අවශ්‍යකරන්නේ රන් හෝ රිදී පැහැයෙන් යුතු මල් බඳුන් හතරක් සහ මල් ඉති හතරක් පමණයි. මල් බඳුන් හතරට සහ මල් ඉති හතර දමා තැබීම පමණයි ඔබ කලයුතුව ඇත්තේ. මල් ඉති වෙනුවට විවිධ විසිතුරු කොළ අත්තු එකතු කරගන්න ඔබට පුවවන්.

3

මෙම මල් සැකසුම සඳහා ඔබට අවශ්‍යවන්නේ විනිවිද පෙනෙන මල් බඳුන් කිහිපයක්, සුදු පැහැ මල් කිහිපයක් සහ වර්ණක එකතු කල ජලය පමණයි. පිච්ච මල් ඉත්තක්, අරලිය මල් පහසුවෙන්ම මෙයට එකතු කරගත හැකියි.

4

අලංකාර මෙම මල් සැකසුම සඳහා අවශ්‍ය කරන්නේ විසිතුරු තද පැහැති මල් බඳුන් හෝ වීදුරු දෙකක් සහ කහ පැහැති මල් ඉති දෙකක් පමණයි. ගෙවත්තේ අටපෙතියා වැනි මල් සොයාගත හැකි නම් ලෙහෙසියෙන්ම සකසාගත හැකියි.

5

මෙම මල් සැකසුම සඳහා ඔබට අවශ්‍යවන්නේ කුඩා වීදුරු, පෙති දිගු මල් සහ ඉටිපන්දම් පමණයි. මෙය රාත්‍රී සාදයක් සඳහා වැඩි අලංකාරයක් ගෙනදේවි.

විනාඩි කිහිපයක් වැය කරල, නිවසේ ඕනෑම තැනකට ගැලපෙන මේ ලස්සන මල් සැකසුමක් සකස්කරගත්තොත් ඔබේ නිවසට නව පෙනුමක් එකුකරගනන්නඑක හරිම පහසුයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles