සැලෝන් නොයා ගෙදරදීම ස්වභාවික ද්‍රව්‍යවලින් ක්ලීනප් එකක් කරමුද?

0
4052

ඕනෑම තරුණියක් කැමතියි තමන්ගේ සම මේකප් එකක් නැතුව උනත් ලස්සනට තියාගන්න.ඉතින් මේ කියන්න යන්නෙ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ගෙදරදීම ක්ලීනප් එකක් කරගන්න විදිය ගැනයි

පෝශ්‍යදායි ආහාර සහ විටමින් වලින් සමට අභ්‍යන්තර පෝශණයක් දෙන ගමන් සමට බාහිර සත්කාර කරන එකත් වැදගත්.අධික මුදලක් මේවාට වැය කරනවට වඩා නිවසේදීම ස්වභාවික දේවල් වලින් මේ සත්කාර ඔබට කරගන්න පුලුවන්. ඉතින් මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ විදියට ක්ලීනප් එකක් කරන විදිය ගැනයි

Cleanser කිරිම

ක්ලෙන්සර් කිරීම මගින් ඔබේ සම පිරිසිදු කරන ගමන් සමට හොඳ පෝශණයක් ලබා දෙනවා.ඒ වගේම සමෙහි තියන කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් ඉවත් කරනවා

ස්වභාවික Cleanser වර්ග

  • කඩල පිටි සහ යෝගට්
  • මී පැණි සහ ලෙමන්
  • මී පැණි සහ යෝගට්
  • පිපිඤ්ඤා සහ මී කිරි

මෙම ඕනෑම ක්ලෙන්සර් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් විනාඩි කීපයක් මුහුණ කවාකාරව පිරිමදින්න.මද උණුසුම් ජලයෙන් ඔබේ ඇඟිලි තෙත් කරමින් විනාඩි කීපයක් මෙසේ මුහුණ හොඳින් සම්බාහනය කරගන්න.ඉන්පසු සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදා ,පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්න

Scrub කිරීම

ඔබේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට ස්ක්‍රබ් එකක් භාවිතා කල යුතුයි.එමෙන්ම ස්ක්‍රබ් කිරීම මගින් සමට දීප්තිමත් පෙනුමක් සහ මෘදු බවක් ලබා දෙනවා

ස්වභාවික Scrub වර්ග

  • නැවුම් කිරි සහ කෝපි කුඩු
  • ඕට්ස් සහ යෝගට්
  • යෝගට් සහ කෝපි කුඩු
  • කෝමාරිකා මදය සහ කෝපි කුඩු
  • මී පැණි සහ ඕට්ස්
කියවන්න :  මේක් අප් නැති ජිවිතයක් ගැන නිකමටවත් හිතලා තියෙනවද?

මේ අතරින් ඔබ කැමති ස්ක්‍රබ් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් කවාකාරව පිරිමදින්න.මෙහිදි කට දෙපස , නහය දෙපස සහ නිකට යන ප්‍රදේශයෙන් විශේශයෙන් ස්ක්‍රබ් කරන්න ඔබ මතක තබාගන්න.විනාඩි හතරක් හෝ පහක් ඇඟිලි තෙත් කරමින් මෘදු ලෙස ස්ක්‍රබ් කර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

වාශ්ප ඇල්ලීම

වාශ්ප ඇල්ලීම ඔබේ මුහුණේ සම ගැඹුරින් පිරිසිදු කිරීමටත් , black heads සහ white heads ඉවත් කිරීමටත් ,සම වියලීම වලක්වා ගැනීමටත් උපකාරි වෙනවා.

වාශ්ප ඇල්ලීම සඳහා වෙළඳපලේ විවිධ උපකරණ තිබෙනවා.එසේ නැත්තම් නිවසේදි ඔබට පිරිසිදු භාජනයකට උණු වතුර පුරවාත් මෙය කරගන්නට පුලුවන්
විනාඩි පහක් වැනි කාලයක් වාශ්ප ඇල්ලීම ප්‍රමාණවත්

Black heads සහ white heads ඉවත් කිරීම

වාශ්ප ඇල්ලීමෙන් පසුව black heads සහ white heads ඉවත් කරගැනීම ඔබට ඉතාම පහසු වෙනවා.මේ සඳහාම වූ කුඩා tool එකක් වෙළඳපොලේ මිලදී ගන්නට තිබෙනවා.එමගින් මේවා ඉවත් කරගැනීම පහසු වන අතර එය සම මත ඉතා තදින් නොතැබීමට ඔබ මතක තබාගන්න ඕන.එහෙම නැත්තම් සම තුවාල වෙන්න ඉඩ තියෙනවා

Face pack

මෙය cleanup එකකදි අත්‍යවශ්‍යයම පියවරක් නෙමෙයි.නමුත් ඔබට මෙය සිදු කරන්නට පුලුවන්.
මෙමගින් සමට පෝශණයක් ලබා දෙන අතර ,සම පැහැපත් කරගැනීමට සහ සමට දීප්තිමත් බවක් ලබාගන්නටත් පුලුවන්

කියවන්න :  උසින් අඩුද..? විලාසිතා තෝරා ගන්න කලින් මේ ගැනත් හිතන්න

ස්වාභාවික Face pack වර්ග

  • කඩල පිටි ,මී පැණි සහ යෝගට්
  • කෝපි කුඩු ,කඩල පිටි සහ නැවුම් කිරි
  • සුදු හඳුන් සහ රෝස වතුර
  • ලෙමන් යුශ සහ මී පැණි
  • මී කිරි සහ කඩල පිටි

මේ අතරින් ඔබේ සමට ගැලපෙන ඔබ කැමති පැක් එකක් සාදා සම මත ගල්වා ,විනාඩි පහලවක් හෝ විස්සක් තිබෙන්නට හැර වියලුනු පසු, සාමාන්‍ය ජලයෙන් තෙත් කර මෘදු ලෙස පිරිමදිමින් ඉවත් කරන්න

Toner කිරීම

මෙය ඉතාම වැදගත් පියවර සහ අවසන් පියවර වෙනවා.Toner කිරීම මගින් සමේ විවෘත වී ඇති සිදුරු වැසීම , සමේ තෙතමනය ආරාක්ශා කිරීම සිදුවෙනවා.

ස්වාභාවික toner වර්ග

  • රෝස වතුර
  • අයිස් වතුර
  • කෝමාරිකා ජෙල්
  • සහල් වතුර

Cleanup එකකින් තියන වාසි මොනවද?

  • සමේ වර්ණය වැඩි දියුණු කරයි
  • සම දීප්තිමත් කරයි
  • සම පෝශණය කරයි
  • සමේ තෙතමනය ආරක්ෂා කරයි
  • බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් නැවත ඇතිවීම අවම කරයි
  • මුහුණේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි

සම ලස්සනට තබාගැනීම යුවතියකට ගොඩක් වැදගත්.ඒ වගේම නීරෝගි සමක් කියන්නේ වටිනා ආභරණයක්.ඉතින් ඔබට විශාල මුදලක් වැය කිරිමකින් තොරව ස්වාභාවික ක්ලීනප් එකක් නිවසේදීම කලොත් ලබාගන්න පුලුවන් වාසි බොහොමයි.ඒ වගෙම මේ සත්කාරය සති දෙකකට වරක් කරන්නත් ඔබ මතක තබාගන්න

නාට්‍ය පිටපත් රචිකාවක ලෙස රේඩියෝ නාලිකාවක සේවය කර ඇත.ටෙලිනාට්‍යය කිහිපයකට තේමා ගීත රචනයෙන් දායක වී ඇත.වෘත්තියෙන් ගී පද රචිකාවක් ලෙස කටයුතු කරයි.
5 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments