“දරුවන් ඊළඟ පාසල් වාරයට අලුත් කරමු”

අගෝස්තු මාසය එන තෙක් දරුවන් අසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ මාසයකට අසන්න  දීර්ඝ නිවාඩු කාලයක් ලැබෙන නිසා.

අද Smart Lady තුලින් ඔබ වෙත ගෙන එන්නේ, දරුවන් මෙතෙක් ගෙවූ සම්ප්‍රදායික නිවාඩු කාලයට වඩා වෙනස් වූ නිවාඩු කාලයක් ඔවුන්ට ලබා දී දරුවන් සතුටින් තබමින් කුසලතා, දැනුම සහ ආකල්ප  වර්ධනය කල හැකි ආකාර කිහිපයකි.

නිසි අධ්‍යාපනය දරුවාට අත්‍යවශ්‍ය දෙයක්. පොතේ දැනුම මෙන්ම ඔවුන්ගේ ආකල්ප , කුසලතා වර්ධනය ද සීග්‍රයෙන් දියුණු වන අද ලෝකයට අත්‍යවශ්‍ය දෙයක්. අනාගත ලොව ජයගන්නට ඔවුන්ට මෙතෙක් පැවති ක්‍රමවේදයන්ගෙන් වෙනස් වූ නව ක්‍රම වේදයන් උපකාරී වනු ඇත.

මාසයකට අසන්න නිවාඩු කාලය තුල දරුවන් ඊ ළඟ පාසල් වාරයට සවිබල ගන්වන්නට මේ ක්‍රමවේදයන් අනුගමනය කර බලන්න.  ඔවුන් වඩාත් සතුටට ත් උද්යෝගයට ත් පත් වේවි.

  • දරුවා පසුගිය වාර පරීක්ෂණයේදී වැඩි ලකුණු ලබාගත් විෂයන් පිලිබඳ ඇගයීමක් කරන අතරතුර අඩු ලකුණු ලබාගත් විෂයන් සඳහා උනන්දු කරවීම සඳහා  දරුවාට  නිවැරදිව අවබෝධ නොවූ පාඩම්, සංකීර්ණ බවක් දැනී ඇති කොටස් පිලිබඳ නැවත අවබෝධයක් ලබාදෙන්න.
  • ළමා චිත්‍රපට නැරඹීමට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න.( ඉංග්‍රීසි සහ වෙනත් භාෂා ඇතුලුව) හැකියා තුලින් ඉදිරියට යන චරිත සහිත චිත්‍රපට ඔවුන්ට ලබාදීමෙන් ඔවුන් තුල ධනාත්මක සිතිවිලි ඇති කිරීමට හේතුවනු ඇත.
  • සතියකට එක පොතක් හෝ කියවීමට දරුවන්ට ලබාදෙන්න. ( මෙය කතන්දර පොතක් හෝ පරිවර්ථන කතා පොතක් කරගන්න ) එමගින් ඔවුන්ගේ පරිකල්පන හැකියා  වර්ධනය වන අතර ඔබේ දරුවාගේ නිර්මාණශීලි  හැකියා වර්ධනයට ඉවහල් වේ.
  • දරුවා දක්ෂතා දක්වන ( ගායනය , වාදනය, නර්ථනය, නව නිපැයුම්, සිතුවම්කරණය,නාට්‍යකරණය…) අංශ සඳහා නිවාඩු කාලය තුල සහභාගී විය හැකි වැඩ සටහන්, වැඩමුළු සඳහා ඔවුන් සහභාගී කරවන්න.
  • දියුණු වන  තාක්ෂණය සමග එක්‌ වූ  කෙටි කාලීන ක්‍රියාකාරකම් වල නියැලෙන්න ඔවුන්ට අවස්ථා සොයා දෙන්න. ( ඩිජිටල් තාක්ෂණික අංශ, විද්‍යුත් මාධ්‍ය  අධ්‍යයනය , වැසටහන් නිෂ්පාදනය, සංස්කරණය…….)
  • යෝගා(yoga), ආත්මාරක්ෂක සටන් ක්‍රම, ක්‍රීඩා  වැනි මානසික සහ ශරීර සෞඛ්‍ය වර්ධනය වන වැඩ සටහන් සඳහා දරුවන් සම්බන්ධ කරන්න.
  • මේවන විට ශ්‍රී ලංකාවේ ද දරුවන්ගේ පෞරුෂය වර්ධනය ,  නායකත්ව හැකියා  වර්ධනය ඉලක්ක කරගත් වැඩ සටහන් පාසල් නිවාඩු කාලය තුල පවත්වන අතර ආරක්ෂාව සහ වගකීම සොයාබලා එවැනි අවස්ථා සඳහා දරුවන් සහභාගි කරවන්නත් ඔබට පුළුවන්.
  • දරුවන් විනෝද චාරිකාවක්  රැගෙන යන්න. ජීවිතයේ සියලු දේවල්  මුදල් මත තීරණය නොකර දරුවන් සමග විනෝදයෙන් විවේක කාලයක් ගත කිරීමට ද  කාලය වෙන් කරගන්න. එවැනි කුඩා දේ දරුවන්ට ජිවිත කාලයටම සුන්දර මතක සටහන් එක් කරනු ඇත.
  • මවු භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාවට  අමතර විදේශීය භාෂාවක් ඉගෙනීමට ද  දරුවන්ට පැය කිහිපයක් වෙන් කර එහි වැදගත් කම දරුවන්ට පැහැදිලි කර දෙන්න.
  • දරුවන් එළිමහන් ස්ථාන වලට රැගෙන යන්න. ඔවුන්ට ස්වභාවික පරිසරයේ නිදහස විඳින්න අවස්ථාව ලබා දෙන්න.

මෙවැනි ක්‍රියාකාරකම් සමග අලුත් වන දරුවා පාසල් නිවාඩුව අවසන් කර නැවත පාසලට යන විට  මනසින් සැහැල්ලු වූ , අලුත් දෙයක් තම ජීවිතයට එක කරගත්, උද්‍යෝගිමත් දරුවකු ලෙස  පාසල්ට  පිය නගනු ඇත.

ඔබේ දරුවාගේ නිවාඩු කාලය සාර්ථක කර දීමට දැන්ම සැලසුම් කරන්න. smart විදියට හිතන්න.smart පරපුරක් බිහි කරන්නට Smart Lady සමග එක් වී දැනුම හා අදහස් බෙදා ගන්න.

නිලක්ෂි වීරවර්ණ.

 

Related Articles

Don't Miss


Latest Articles