Fems ඇය “ ඔසප් සනීපාරක්ෂාව නැංවීමේ ජාතික මෙහෙවරට මුල පුරයි.

අපේ රටේ බොහෝ කාන්තාවන්ට ඔසප් සනීපාරක්ෂාව ගැන නිසි අවබෝධයක් නොමැති අතර සනීපාරක්ෂක තුවා භාවිතයට දැනුවත් කමක් ද නැත .මේ ලෝක කාන්තා දිනයේදී කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන පිලිබඳ දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන හේමාස් ආයතනයේ Fems විසින් කාන්තා සනීපාරක්ෂාව පිලිබඳ සමාජ ගැටළුව සඳහා අත්‍යවශ්‍ය විසඳුමක් ලෙස Fems ඇය හඳුන්වා දෙන ලදී. එමෙන්ම ලංකාවේ කාන්තාවන් අතර බහුල ගැටළුවක් වන නිසි ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ දැනුම බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඔසප් සනීපාරක්ෂාව නැංවීමේ ජාතික මෙහෙවරට Fems ඇය දායකත්වය ලබා දුනි.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ සමාරම්භක උළෙල ලෝක කාන්තා දිනයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගරු. ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගී විය.

මෙහි වටිනාකම ඉහල නංවමින් කාන්තා පරපුර උදෙසා සේවය සැලසීමටත් ඒ තුළින් ඔසප් සෞඛ්‍ය පිළිබඳව දීර්ඝ කාලීනව පැවති දුර්මත සහ මිත්‍යා මත දුරු කිරීමටත් Fems තවත් ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳ ගනී.එනම් Arka Initiative, MJF පදනම , සර්වෝදය කුලඟන ව්‍යාපාරය සර්වෝදය Fusion ආයතනය ද ඒ අතර වේ.

රටේ පවතින කාන්තා සනීපාරක්ෂක ගැටලුවට විසදුම් ලෙස හඳුන්වා දෙන ලද Fems “ඇය” වයාපෘතිය තුළින් දනුවත්වභාවය වැඩි දියුණු කරන අතරම කාන්තාවන් සනීපාරක්ෂක තුවා භාවිතයට හුරු කිරීමත් අරමුණු කරගෙන ඇත. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ලංකාවේ කාන්තාවන් බහුතරයක් සනීපාරක්ෂක තුවා භාවිත නොකිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණපාන බව සමීක්ෂණ මගින් සොයා ගෙන ඇති බවයි.

Arka Initiative සංවිධානය යනු දැනටමත් ලංකාව පුරා ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන් මාලාවක් පවත්වන තරුණ වෛද්‍යවරු, මනෝ විදයාඥයින්, නීතීඥයින් මෙන්ම සමික්ෂකයන්ගෙන් සැදුම් ලත් සංවිධානයකි. ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ අපේ රටේ තරුණියන්ට අවැසි ඔසප් සෞඛය සම්බන්ධ දැනුමින් සහ මෙවලම් තුළින් ඔවුන්ව සන්නද්ධ කිරීමයි.
MJF පදනම සමග සහයෝගිතාවයෙන් Fems බලාපොරොත්තු වන්නේ 10000කට අධික වතු කම්කරු යුවතියන්ගේ / කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාව නංවාලීමයි.MJF පදනම ශ්‍රී ලාංකිකයන්ගේ ජිවිත නගාසිටුවීම සඳහා සුවිශේෂී ප්‍රජා කටයුතු වල නිරත වන අතර විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වැනි විවිධ ප්‍රජාවන්ට සහයෝගය ලබා දෙයි.

සර්වෝදය කුලඟන ව්‍යාපාරය හරහා අපේ රටේ ග්‍රාමීය කාන්තා පරපුර වෙනුවෙන් දැනුම බෙදා දීමත් සේවය සැලසීමත් Fems “ඇය” ව්‍යාපෘතියේ අරමුණයි.සර්වෝදය කුලඟන ව්‍යාපාරයේ කාන්තා ගැටළු මෙහෙයවීමේ වසර ගණනාවක අත්දැකීම් සහ ඔවුන්ගේ ජිවිත නංවාලීමේ අත්දැකීම් තුලින් මෙම වැඩසටහනට මහගු දායකත්වයක් ලැබෙනු ඇත. සර්වෝදය Fusion ආයතනය මගින් “ඇය” වැඩසටහන් ඔන්ලයින් පැවැත්වීමටත් ඩිජිටල්කරණයටත් අවශ්‍ය තාක්ෂණික සහය ලැබෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ හේමාස් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය සඳහන් කරේ “ඇය” ව්‍යාපෘතිය ඉතාමත් කාලීන වැඩසටහනක් වනවා මෙන්ම බොහෝ කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ලබා ගත නොහැකි තත්වයක, පහසු මිලට හදුන්වා දෙන “ඇය” නිෂ්පාදනය ඉතාමත් වටිනා හදුන්වා දීමක් වනු ඇති බවයි. ඇය තවදුරටත් පවසා සිටියේ අපේ රටේ කාන්තාවන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය පහසු කිරීමටත් ඔවුන්ගේ අභිප්‍රායන් කරා ගමන් කිරීමටත් බාධාවක්ව පවතින ඔසප් සනීපාරක්ෂාව පිලිබඳ ගැටළු නිරාකරණය කිරීමට “ඇය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවයි. සමාජීය වගකීමෙන් කටයුතු කරන Fems “ඇය” වයාපෘතිය හරහා සෞඛ්‍යාරක්ෂිත දේශයක් උදෙසා කාන්තාවන් සවිබල ගන්වනු ඇති බව ඇය තහවුරු කළාය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට වැඩි දුරටත් අදහස් දක්වමින් හේමාස් FMCG සහ හේමාස් සමූහ ව්‍යාපාර ඩිජිටල් අංශ ප්‍රධානී ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා පවසා සිටියේ ඔවුන් සිදු කරන මෙම කර්තව්‍ය හුදෙක් නිෂ්පාදනයක් වෙළදපලට හදුන්වා දීමක් නොවන බවත් ඉන් ඔබ්බට ගිය පියවරක් බවත්ය.

දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවකට අමතරව “ඇය” නමින් තත්වයෙන් උසස්ව, පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්‍ෂක තුවායක් හදුන්වා දෙන ලදී. මෙම නව නිෂ්පාදනය කපු වැනි මතුපිටක් සහිතව කාන්තාවන්ගේ සුව පහසුව සහ සුරක්ෂාව වෙනුවෙන් නිපදවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Fems යනු Hemas Consumer ආයතනය විසින් කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දී ඇති, SLS තත්ත්ව සහතිකය මෙන්ම සමට හිතකර බවට සායනිකව තහවුරු කළ එකම නිෂ්පාදන පෙළයි. ශ්‍රී ලාංකික කාන්තාවන්ට දිරියෙන් නැගී සිටින්නටත් ඔවුන්ගේ සිහින හඹා යන්නටත් අවැසි සහය සහ මඟ පෙන්වීම Fems හි මහඟු මෙහෙවරයි.ඒ සඳහා තත්ත්වයෙන් උසස්, විද්‍යාත්මක සහ තාක්ෂණිකව නිර්මිත නිෂ්පාදන ලබා දීම Fems හි අභිප්‍රායයි.

Related Articles

Don't Miss


Latest Articles