ආහාර අතිරේකයක් ලෙස Fish oil ලබා ගැනීමෙන් කාන්තාවන්ට ලැබෙන වාසි.

Fish oil ගැන බොහෝ දෙනා කතා කරනවා උනාට හරියටම මේ මොකද්ද කියලා ගොඩක් දෙනා දන්නේ නෑ.සමහරු මෝර තෙල් ,මෝර ගුලි කියලාත් එහෙම නැත්තම් Cod liver oil කියලත් මේ fish oil හඳුන්වනවා. ඇත්තටම මොනවද මේ ? ඒ ගැන මේ ලිපියෙන් අපි දැනුවත් වෙමු.

සාමාන්‍යයෙන් තෙල් කියන්නේ ශරීරයට  ටිකක් අහිතකර දෙයක් කියල අපි දන්නවා.නමුත් ශරීරයට අහිතකර නොවෙන තෙල් වර්ගත් තියෙනවා. Fish oil කියන්නෙත් එහෙම දෙයක්.
Fish oil කියන්නේ මාලු පටක වලින් ලබාගන්න තෙල් හෝ මේදයයි.ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සතියකට මසුන් 1 – 2 ආහාරයට ගැනීමටයි.ඊට හේතුව වෙන්නෙ මාලු වල ඇති ඔමෙගා 3 මේද අම්ල රෝග රැසකින් ආරක්ශා වීම ඇතුලු සෞඛ්‍යමය වාසි රැසක් ලබා දීමයි.

මොනවද මේ Fish Oil වල ප්‍රයෝජන?

ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි

Fish oil වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරනවා. වියපත් වන කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා fish oil ඉතාමත් ම ගුණදායක ය.මේ නිසා බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට,fish oil ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද  භාවිතා කිරීම සුදුසු ය.

ආසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි

ඔමෙගා 3 වගේම විටමින් A ,D  සහ E යන ගුණ වලින් පිරිපුන් fish oil ආසාත්මිකතා ,ඉදිමුම් වගේ තත්වයන් වලට එරෙහි වන බව අධ්‍යන වලින් හෙලිවෙලා තියෙනවා.ඔමෙගා 3 ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලියට මනා දායකත්වයක් ලබා දෙනවා

තරුණ පෙනුම රැකදෙයි

Fish oil වල අඩංගු ඔමෙගා 3 වියපත් වීමේ ක්‍රියාවලිය අවම කරන අතර ඔබව සෞඛ්‍ය සම්පන්න නිරෝගි පුද්ගලයෙක් බවට පත් කරනවා.

පියයුරු පිළිකා මර්දනය කරයි

Nurses නමැති සෞඛ්‍ය අධ්‍යනය මඟින්, පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා fish oil ගුණදායක බව හඳුනාගෙන තිබේ. එමෙන් ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන් ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින් ද මෙය හඳුන්වයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස fish oil සුදුසු බව වෛද්‍ය මතය වේ. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බව ය.

මානසික අවපීඩනය අවම කරයි

ශෝකය ,උදාසීනතාවය සහ ජීවිතය පිලිබඳව සාමාන්‍ය උනන්දුව නැතිවීම වැනි මානසික අවපීඩනයේ ලක්ශන වලට ගොදුරු වීම fish oil භාවිතය මගින් අවම කරනවා.

ගර්භණි මව්වරුන්ට වැදගත්

Fish oil වල ඇති ඔමෙගා 3 ළදරුවන්ගේ මොළයේ වර්ධනයට සහ සංවර්ධනයට ඉතා වැදගත් වේ.ඒ වගේම දරුවාගේ බුද්ධිමත් බව,හොඳ සන්නිවේදනය සහ සමාජ කුසලතා චර්යාත්මක ගැටලු අවම වීම අනෙකුත් වාසි ලෙස සැලකෙනවා

ඔසප් වේදනාව අවම කිරීම

Fish oil වල ඇති ඔමෙගා 3 මගින් ඔසප් වේදනාව අවම කරන බව වෛද්‍ය පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.ඔසප් වීමේදි දරුණු වේදනාවන්ට ලබා දෙන ඖෂධ වලට වඩා ඔමෙගා 3  අතිරේකය වඩාත් ඵලදායි බවත් සොයාගෙන තියනවා

හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි

Fish oil වල ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කෙරේ. එසේ ම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමටත් එයට හැකියාවක් තියනවා.

මානසික ‍සෞඛ්‍යයට හිතකරය

ඔමේගා 3 පෝෂණ සංඝටකය මනසෙහි ඇතිවන සංකූලතා අවම කරනවා. සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද fish oil භාවිතා කිරීමෙන් අඩු කර ගන්න පුලුවන්. එසේ ම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූල බව පාලනය කිරීමටත් ද මෙය දායක වෙනවා

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි

බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී තිබෙන්නෙ,fish oil භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බව ය. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් ය. Fish oil වල අඩංගු විටමින් A මඟින්, පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරනවා

නීරෝගී සමක් ලබා දෙයි

සමෙහි කුරුලෑ ඇතිවීමේ අවධානම අඩු කර ,තෙතමනය සහිත නීරෝගි සමක් මෙන්ම රැලි ඇතිවීම් අඩු සමක් fish oil මගින් ලබා දෙනවා

Fish oil වලින් ඔබට ලැබෙන වාසි රැසක් ගැන අපි ඔබට කිව්වා.කෙසේ වෙතත් ඔබේ සෞඛ්‍ය තත්වය අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත , නිසි ප්‍රමිතියකින් යුතු fish oil ලබා ගැනීමට ඔබ විශේශයෙන්ම සැලකිලිමත් විය යුතු බව අපි ඔබට මතක් කරනවා

Related Articles

Don't Miss


Latest Articles