උදෑසන ආහාරයට පහසුවෙන් පිළියෙල කර ගත හැකි රසවත් ඔම්ලට් රෙසිපි 3 ක්.

සරල උදෑසන ආහාර වලට කැමති ඔබට ලේසියෙන්ම හදාගන්න පුලුවන් ඔම්ලට් වර්ග තුනක් මේ. රැකියාවට යන කාර්‍යබහුල ඔබටත් මෙය ගොඩක් වැදගත් වෙයි

Noodles omlet

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • තම්බා ගත් නූඩ්ල්ස් කෝප්පයක්
  • බිත්තර දෙකක්
  • කොටු කපාගත් බීළූණු
  • කොටු කපාගත් කැරට්
  • කුඩාවට කපාගත් අමුමිරිස්
  • හීනියට කපාගත් ලූනු කොල
  • කොටු කපාගත් බෙල් පෙපර් වර්ණ දෙකකින්
  • සෝයා සෝස් තේ හැන්දක්
  • ලුණු
  • ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

භාජනයක් ගෙන එයට තම්බාගත් නූඩ්ල්ස් සහ අනෙකුත් සියලු අමුද්‍රව්‍ය ද එකතු කර රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න
සියල්ල හොඳින් මිශ්‍ර කර සාමාන්‍ය ඔම්ලට් එකක් ආකාරයෙන් පෑන් එකකට බටර් දමා දෙපැත්ත බදිමින් නූඩ්ල්ස් ඔම්ලට් එක සකසා ගන්න

Chicken omlet

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • කුඩා තීරු කපාගත් කුකුළ් මස්
  • බිත්තර දෙකක්
  • කොටු කපාගත් බීළූණු
  • කුඩාවට කපාගත් අමුමිරිස්
  • කුඩාවට කපාගත් තක්කාලි
  • කොටු කපාගත් කැරට්
  • ලුනු
  • ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

  • පෑන් එකක් ලිප තබා එයට බටර් ස්වල්පයක් දමා දියවෙන්නට හරින්න
  • එයට කපා පිරිසිදු කරගත් කුකුළ් මස් තීරු දමා හොඳින් බැදගන්න
  • කුකුළ් මස් හොඳින් බැදුනු පසු එය භාජනයකට දමා බිත්තර ඇතුලු අනෙකුත් අමුද්‍රව්‍යද , රස අනුව ලුණු සහ ගම්මිරිස් ද එකතු කර මිශ්‍ර කරගන්න
  • නැවතත් පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එකතු කර සාමාන්‍ය ඔම්ලට් එකක් ආකාරයෙන් දෙපැත්තම හොඳින් බැදගන්න

Potato omlet

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • කුඩාවට කපාගත් ලොකු අල ගෙඩියක්
  • හීනියට ලියාගත් බීළූණු ගෙඩියක්
  • බිත්තර තුනක්
  • හීනියට කපාගත් අමුමිරිස්
  • කොටු කපාගත් බෙල් පෙපර් වර්ණ දෙකකින්
  • කොටු කපාගත් කැරට් ගෙඩියක්
  • හීනියට ලියාගත් කරපිංචා ස්වල්පයක්
  • ලුණු
  • ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

  • පෑන් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතු කර එයට කපාගත් බීළූණු වලින් ස්වල්පයක් සහ කපාගත් අල දමා මද ගින්නේ පිසගන්න
  • අල හොඳින් පිසුනු පසු ඒවා භාජනයකට දමා අනෙක් සියලු අමුද්‍රව්‍ය ඊට එකතු කර රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරගන්න
  • නැවතත් පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් දමා සාමාන්‍ය ඔම්ලට් එකක් ආකාරයෙන් දෙපැත්ත දමමින් දෙපැත්තම හොඳින් බැදගන්න

Related Articles

Don't Miss


Latest Articles