වැඩි කාලයක් අලුත් පෙනුමට හෑන්ඩ් බෑග් එක තියා ගන්න මේ ටිප්ස් ඔයාට වැදගත් වේවි.

0
438

My bag කියන ටැග් එකෙන් අපේ රටේ වගේම විදේශ රටවල ජනප්‍රිය කාන්තාවන් කරන යූ ටියුබ් වීඩියෝ ඔබේ ඇසට ඕනතරම් ලක් වෙලා ඇති. මේ හැම වීඩියෝ එකකම කමෙන්ට්ස් කියවද්දී දකින්න ලැබෙන පොදු කතාන්දර කිහිපයක් තමයි,

“බෑග් එක ඔච්චර ක්ලීන් එකට තියා ගන්න අපිට නම් බෑ..”
“අපේ බෑග් අස්සේ නම් නයි පොළොංගුත් ඉන්නවා..”
“කුණු ගෑවිලා නැති හෑන්ඩ් බෑග්.. මේ මේකට එන්නම ගත්ත එකක්..”

තමන්ගේ හෑන්ඩ් බෑග් එක සහ පසුම්බිය කුණු තැවරුණු, නයි පොළොංගුත් ඉන්න එකක් නම් ඒ උජාරුවෙන් කියන්න දෙයක් නෙවෙයි.අපි ගැහැනු.ස්මාර්ට් වෙන්න උත්සාහ කරන ගැහැනු.හැඩට වැඩට ඉන්නවා වගේම අපි පිරිසිදුකම අංක එකට තබා ගත යුතු ගැහැනු.

අන්න ඒ නිසා තමයි අපේ පර්ස් එක, හෑන්ඩ් බෑග් එක පිළිවෙළකට සහ පිරිසිදුවට තබා ගන්න අපි කරන්න ඕනෑ දේවල් අද ඔබ එක්ක කතා කරන්න හිතුවේ.

බෑග් එක ඇතුළත පිරිසිදුව තබා ගන්න.

බෑග් එකට අත දාලා යමක් හොයන්න විනාඩි පහක් වත් ගත වෙනවද? අයිඩී කාඩ් එක හොයන්න අත දැම්මම අතට එන්නේ මේකප් බ්‍රෂ් එකක් ද? බෑග් එක තුළ කුඩා බෑග් කිහිපයක් තබා ගන්න. මේකප් බෑග් එකක්, අත්‍යවශ්‍ය කාඩ් දමන කුඩා වොලට් එකක්.නෝට් බුක් සහ පෑන් පැන්සල් සහිත තව කුඩා බෑග් එකක් වගේ බෑග් එක ඇතුළත පිරිසිදුව පිළිවෙළකට සැලසුම් වුණාම ඔබට පහසු වෙයි.ඒ වගේම අනවශ්‍ය බිල්, අපිරිසිදු ටිෂූස්, මාස්ක්, ආහාර දවටන ආදිය පිළිවෙළකට ඉවත් කරන්න. ඔබේ බෑගය තුළ චොකලට් එකක්, කුඩා බිස්කට් එකක් ආදිය තියනවා නම් එය ආරක්ෂිතව අසුරලා කූඹි ලැගුම්හලක් නොවන ලෙස බෑගය තබා ගන්නත් පරිස්සම් වෙන්න.

කියවන්න :  කොරෝනා කාලයේ ඔබට ඇඳුමක් Shop එකකින් මිලදී ගන්නම වුණොත් ආරක්ෂාකාරීව මිලදී ගන්නේ මෙහෙමයි .

බෑග් එක බිම තියන්න එපා.

රෙස්ටොරන්ට් එකකට ගියාම, සැලෝන් එකකට ගියාම මීටින් රූම් එකේදී හෑන්ඩ් බෑග් එක බිම තියන අය අත උස්සන්න බලන්න. ඔව්! ඒක වැරදියි.බෑගයේ අඩියට හානි වෙන්න ඒක ලොකු හේතුවක්. ඒ නිසා මීට පස්සේ බෑග් එක බිම තියන්න නම් එපා.

පර්ස් එකක බෑග් එකක හැඩය වෙනස් කර ගන්න එපා.

සීමාවක් නැතිව බඩු පුරවනකොට ඔබේ බෑග් එකේ හැඩය විකෘති වෙනවා. හෑන්ඩ් බෑග් එක අතට අරන් බලන්න.කඩෙන් ගේනකොට ඕවල් හැඩයට තිබ්බ බෑග් එකට දැන් තියෙන්නේ හතරැස් හැඩයක් ද? මීට පස්සේ බෑග් එකට පුංචි පර්ස් පිලෝ එකක් දාලා බඩු ඒ මත අහුරා ගන්න.

බෑග් එක පිරිසිදු කර ගන්න.

ගමනක් ගිහින් ආවම බෑග් එක පිරිසිදු කරන්න. රෙදි බෑගයක් නම් ප්‍රවේසමෙන් සෝදා වේලා ගන්න පුලුවන්. වොෂින් මැෂින් එකට නොයොදා හෑන්ඩ් වොෂ් කිරීම සුදුසු වෙයි. ඒ වගේම ලෙදර් බෑග් එකක් නම් තෙත ස්පොන්ජ් එකක් ආධාරයෙන් පිරිසිදු කර ගන්න ඔයාට පුලුවන්.
තත්ත්වයෙන් උසස් හෑන්ඩ් බෑග් වලට Protection cream වර්ග තිබෙනවා. ඔබට එවැනි බෑග් එකක් තිබෙනවා නම් ඒ ක්‍රීම් එකක් ආලේප කිරීමත් කළ යුතුම දෙයක්.

කියවන්න :  නිතරම කොණ්ඩය යනවා නම් සහල් වතුරෙන් කරන මේ ප්‍රතිකාර අත්හදා බලන්න..

අන්තර්ජාලයේ ඇති ක්‍රම ඔබේ මිල අධික බෑගය පිරිසිදු කරන්න යොදා ගන්න එපා.

අන්තර්ජාලයේ පවතින DIY හැක්ස් හැම දේටම හරියන්නේ නෑ. ඔබට තියෙන්නේ ඉහළ මිලක හොඳ බ්‍රෑන්ඩ් එකක බෑග් එකක් නම් කොහෙන් හෝ හොයා ගන්න ක්‍රම එහි සමට , තීන්ත වලට හානියක් වෙන්න පුලුවන්

පැල්ලම් තබා ගන්න එපා.

මේකප් පැල්ලම්, කෑම හැලුණු පැල්ලම් ආදිය ඔබේ හෑන්ඩ් බෑග් එකට ලස්සනක් ගෙන එන්නේ නෑ. ඒවා දුටු වහාම මඳ උණුසුම් ස්පොන්ජ් එකකින් අතුල්ලා ඉවත් කරන්න.කහට පැල්ලම් ආදියෙන් බෑගයට අපිරිසිදු අවලස්සන පෙනුමක් එනවා.

අලුත්වැඩියා කරන්න.නැතිනම් ඉවත් කරන්න.

කැඩුණු සිප් සකසා ගැනීම, ඉරී ගිය තැන් මැසීම සහ බෑගයේ අඬු අලුතින් දැමීම සිදු කරලා බෑග් එකට පොඩි අලුත්වැඩියාවක් දෙන්න ඔබට පුලුවන්.ඒත් බෑගයේ පෙනුම අවුල් වෙනකොට එය ඉවත් කර දමන්න. මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ ෆස්ට් ගිෆ්ට් එක වගේ සංවේදී හේතු ඔබට ඇති. ඒත් එය පරෙස්සම්සහගත තැනකින් තියලා වෙනත් බෑගයක් පාවිච්චි කරන්න.

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ පිරිසිදුකම පිළිවෙල බාහිර පෙනුමෙන් විනිශ්චයට ලක් වෙනවා.ඔබ මිල අධික ඇඳුම් ඇඳලා ලස්සන මේකප් එකක් දාලා ලස්සනට කොණ්ඩය සකසලා හිටියත් කුණු ගෑවුණු පරණ පෙනුමැති බෑග් එකක් තියාගෙන ඉන්නවා නම් ඉන් හානි වෙන්නේ ඔබේ පෙනුමට.

ඒ නිසා හෑන්ඩ් බෑග් එකටත් ඔබව ස්මාර්ට් කරන්න පුලුවන් කියලා අමතක කරන්නම එපා.

0 0 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments