තේ බොන මග් එකේ චොක්ලට් කේක් හදමු.

ගෙදර හදල උණු උණුවෙම චොක්ලට් කේක් එකක් කන්න තියෙනවනම් කොච්චර හොඳද? ගෙදරදීම උණුසුම් අතුරුපසක් රසවිඳින්නට තිබෙනවා නම් කදිමයි නේද. මේ තියෙන්නෙ ලෙහෙසියෙන්ම අඩු වියදමකින් හදාගන්න පුළුවන් චොක්ලට් කේක් එකක්.විශේෂ විදියේ චොකලට් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන්පිටි තේ හැඳි 3
  • සීනි තේ හැඳි 2
  • කොකෝවා පවුඩර් තේ හැඳි 2
  • බේකිං පවුඩර් තේ හැඳි 1/4
  • කිරි තේ හැඳි 3
  • බටර් තේ හැඳි 1
  • වැනිලා බිංදුවක්
  • මිල්ක් චොක්ලට් තේ හැඳි 1

සාදන අයුරු:

මයික්‍රොවේව් එකට දැමිය හැකි 250 ml පමණ ධාරිතාවෙන් යුත් සෙරමික් මග් එකක් ගන්න. පාන්පිටි, සීනි, කොකෝවා පවුඩර්, බේකිං පවුඩර්, කිරි, බටර් සහ වැනිලා මග් එකට දමා හොඳින් කලවම්කර බැටරය සාදාගන්න. සාදාගත් බැටරයට උඩින් මිල්ක් චොක්ලට් ටික ග්‍රේට්කර දමාගන්න. තත්පර 45ක් පමණ කේක් එක සෑදෙන තුරු මයික්‍රොවේව්කරගන්න. විනාඩි 5ක් පමණ නිවෙන්නට තබා ආහාරයට ගන්න.

හදිසියේ ගෙදරට ආපු යළුවෙක්ට පිළිගන්වන්නත් කදිමයි. නැතිනම් පුංචි කෝප්පවල හදල අතුරුපසක් විදිහට අයිස් ක්‍රීම්, විප් ක්‍රීම් හෝ චොකලට් චිප්ස් සමඟ අතුරුපසක් ලෙස පිළිගන්වන්නත් පුළුවන්. සීතල දවසක පොතක් කියවන ගමන් කන්න හදල බලන්න.

Related Articles

Don't Miss


Latest Articles