බර වැඩි කර නොගෙන Party එකේදි කෑම කන්න ටිප්ස් 8 ක්.

නිතර සාද වලට සහභාගී වන ඔබට ඔබේ ශරීරයේ බර වැඩි වෙන එක නම් නතර කරගන්න එක ගොඩක් අමාරුයි.කොහොමද එහෙම බර වැඩි නොවී හිතේ හැටියට සාද වලට ගිහින් කෑම කන්නේ ? අපි අද ඔබට කියන්න යන්නේ ඒ ගැන රහස් කීපයක්. මේ රහස් කීපය නිතර සාද වලට ගිහින් විනෝද වෙන ඔබට ගොඩක් වැදගත් වෙයි

දැඩි කුසගින්නෙත් සාද වලට යන්න එපා.

ඔබ අධික කුසගින්නකින් සාදයකට ගියොත් ඔබට සාදයේ තියන ඕනෑම කෑමක් කන්න හිතෙන එක නම් වළක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. එතකොට තෙල් අධික ආහාර, සීනි බහුල ආහාර ඇතුලු ඕනෑම දෙයක් ඔබ ආහාරයට ගන්න පුලුවන් . ඉතින් ඔබ සාදයකට යනවා නම් ඇපල්, කෙසෙල් හෝ වෙනත් පලතුරක්, ආමන්ඩ් බටර් සමග තිරිඟු ටෝස්ට් පෙත්තක් , ගෘහ චීස් ස්වල්පයක් ආහාරයට ගන්න.එය ඔබේ කුසගින්න තරමක් දුරට අඩු කරනවා

සාදයට යාමට පෙර අධි ප්‍රෝටීන් ආහාරයක් කෑමට ගන්න

සාදයට යාමට මිනිත්තු 15 කට විතර කලින් අධි ප්‍රෝටීන් සහිත සුලු කෑමක් ගැනීමෙන් ඔබට දිගු වේලාවක් කුසගින්න දැනෙන්නෙ නෑ.ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ගැනීමෙන් ඔබේ තෘප්තිමත් හෝමෝන වැඩි කරන අතර කුසගින්න දැනෙන හෝමෝන පාලනය කර තබනවා.එයින් ඔබ අධික කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට ඇති ඉඩකඩ අඩු කරනවා

සෞඛ්‍ය සම්පන්න විකල්පයකට යන්න

නැවුම් පලතුරු, එළවළු ආදිය ඔබේ ආහාර පිඟාන පුරවා ගැනීම ඉතා හොඳ විකල්පයක් වෙනවා. සැකසූ ආහාර,ක්ශණික ආහාර හා ගැඹුරු තෙලේ බැදපු ආහාර ඔබට නොගෙනම ඉන්න පුලුවන් නම් වඩාත් හොඳයි

සෙමින් ආහාර ගන්න

සෙමින් ආහාර ගැනීමෙන් ඔබට අධික ආහාර ප්‍රමාණයක් කෑම වළක්වා ගන්න පුලුවන්. ඔබ සෙමින් ආහාර ගන්නා විට මිනිත්තු 20 ක් ඇතුළත ඔබට පූර්ණ හැඟීමක් දැනෙන්න ගන්නවා.ඒ ඔබ කුස පිරී ඇති බවට හොඳ ඉඟියක්

කුඩා ප්‍රමාණයේ ආහාර පිඟානක් තෝරා ගන්න

කිසි විටෙකත් පිඟාන ආහාර වලින් පුරවා නොගන්නට ඔබ මතක තබාගන්න ඕනෙ.ඒ වගේම ආහාර බෙදා ගන්න කුඩා ආහාර පිඟානක් තෝරා ගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න. ඒ වගේම විශාල වීදුරු වල බීම පානය නොකරන්නත් ඔබ වග බලාගන්න ඕන

බුෆේ මේසයෙන් ඉවතට යන්න

සාදයේ දී, ආහාර තිබෙන ස්ථානයෙන් සැලකිය යුතු දුරක් ඈත්වෙලා ඉන්න.රසවත් ආහාර වලින් වට වූ තැනක ඉන්නකොට ඔබේ ආහාර රුචිය තවත් වැඩිවෙන නිසා ඒවායින් ඈත්වෙලා ඉන්න මතක තබාගන්න

ඇති තරම් වතුර පානය කරන්න

සාදයේ දී ඕනෑ තරම් වතුර පානය කරන්න.ඔබ කෘතීම පාන ලබා ගැනීම මෙයින් අවම කරනවා වගේම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර නොගැනීමටත් ඒක හේතුවක් වෙනවා.ඔබේ කුස පිරී තියෙන නිසා ඔබ තව තවත් ආහාර ගැනීම මෙයින් වැළකෙනවා

සලාද පිඟානකින් ආරම්භ කරන්න

ඔබට හැකි නම් සලාද ආහාරයට ගැනීමෙන් සාදය ආරම්භ කරන්න.මෙයින් ඔබගේ කුසගින්න තරමක් දුරට නිවෙන අතරම සෞඛ්‍ය සම්පන්න ආකාරයට එය සිදුවෙනවා.ඒ වගේම ඔබ තව අමතර ආහාර ගැනීමත් මෙයින් අවම වෙනවා

මග හරින්නම බැරි සාද වලට නිතර සහභාගි වන , ශරීරයේ බර සහ හැඩය ගැනත් වද වෙන ඔබට මේ රහස් අට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ඉතින් සාද වලට ගිහින් විනෝද වෙන ගමන්ම ඔබ ගැනත් හිතන්න ඔබ අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles