ඉක්මනින් කෙට්ටු වෙන්න ඕන නම් දවසට කොයිතරම් කාලයක් ඔබ ඇවිදින්න ඕනද?

ඉතා සරල ව්‍යායාමයක් වන ඇවිදීම නිසි විදියට කලොත් තමයි අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ බර අඩු කරගැනීමට ඇවිදින ඔබ කොපමණ වෙලාවක් ඇවිදිය යුතු ද කියලයි

ව්‍යායාමයක් විදියට ඇවිදීම කරන ගොඩක් දෙනා දන්නේ නෑ හරි විදියට බර අඩු කරගන්න නම් කොපමණ ඇවිදින්න ඕනෙද කියලා. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම

දවසට කොච්චර වෙලාවක් ඇවිදින්න ඕනද ?

බර අඩු කර ගැනීම සඳහා දවසකට මිනිත්තු 30 ත් 90 ත් අතර ඇවිදින්න ඔබ ඉලක්ක කරගන්න ඕන.තරමක වේගයෙන් මෙය සිදු කල යුතු වෙනවා.ඔබට සමහර දිනවල වැඩිපුර ඇවිදින්න වෙලාව තියෙන්න පුළුවන්, අනෙක් අයට වඩා අඩුවෙන් ඇවිදින්නත් පුළුවන්,කොහොම උනත් සතියේ මුළු කාලය අවම වශයෙන් විනාඩි 150 ක් (පැය 2.5) විය යුතුයි.
බර අඩු කරගැනීමට උත්සහ කරන අයෙකුට මෙම කාලය විනාඩි 200 – 300 දක්වා වැඩි කරගත හැකි වෙනවා.

දවසකට පියවර කීයක් ඇවිදින්න ඕනෙද?

ඔබේ බර අනිවාර්යයෙන්ම අඩු කරගැනීම ඔබේ ඉලක්කය වී ඇත්නම් ඔබ දිනකට පියවර 10, 000 ක් ඇවිදීමට ඉලක්ක කර ගත යුතු වෙනවා.
පියවර 250 – 500 ත් අතර ප්‍රමාණයකින් ආරම්භ කර පියවර 250 බැගින් වැඩි කරමින් ඔබට මෙය පියවර 10 , 000 දක්වා වර්ධනය කර ගත හැකිය.

කොහොමද ඇවිදින්න ඕනේ?

ඔබ ව්‍යායාම සඳහා ඇවිදීමට අලුත් කෙනෙක් නම් කෙටි කාලයක් ඇවිදිමෙන් මෙය ආරම්භ කරන්න ඔබට පුලුවන්.ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ කාලය වැඩි කල යුතුයි.ඔබ දින දෙකක් එක දිගට ඇවිදිනවා නම් එක් දිනක් විවේක ගන්නත් මතක තබාගන්න ඕන.
ඔබට දිනකට එකවර විනාඩි 30 ක් ඇවිදින්නට නොහැකි උනොත් උදේ සහ සවස් වරුවේ විනාඩි 15 බැගින් ඇවිදින්නට පුලුවන්

කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය වෙනවද?

ඉතා වේගවත් ඇවිදීමකදි ඔබට විනාඩි 30 ක් ඇතුලත කැලරි 100 – 300 ත් අතර ප්‍රමාණයක් දහනය කරගන්නට පුලුවන් .දිනකට ඔබ ඇවිදින කාලය වැඩි වන තරමට දහනය වන කැලරි ප්‍රමාණයත් වැඩි වේ.

ඔබේ බර අනුව පැයක කාලයක් පහත දක්වා ඇති වේගයෙන් ඇවිදීමෙන් දහනය වල කැලරි ප්‍රමාණය ගැන ඔබට දල අදහසක් ලබා ගන්න පුලුවන්.

මේ තොරතුරු ඔබේ වයස හා ස්ත්‍රී පුරුෂ භාවය හා පරිසර උෂ්ණත්ව යන සාධක මත වෙනස් විය හැකියි.ඔබට දල අදහසක් ලබා ගැනීම සදහා මේ තොරතුරු ඇතුලත් කරන ලදී

ඇවිදීමෙන් ලැබෙන වාසි මොනවද?

කැලරි දහනය වීම

ඇවිදීම මගින් ඔබට කැලරි විශාල ප්‍රමාණයක් දහනය කර ගත හැකිවෙනවා.එමගින් උදරයේ මේදය දහනය කරගැනීමටත් ඔබට හැකි වෙනවා.ඔබේ කැලරි දහනය ඇවිදීමෙ වේගය , ඇවිදින දුර ,ඔබගේ බර සහ ඔබ ඇවිදින භූමි ප්‍රදේශය මත රඳා පවතිනවා

හෘද සෞඛ්‍ය

ඇවිදීම මගින් හෘද රෝග වැළඳීමේ අවධානම අඩු කරනවා.ඔබ අවම වශයෙන් විනාඩි 30 බැගින් සතියට දින පහක් ඇවිදිනවා නම් ඔබට හෘද රෝග වැළඳීමේ අවධානම 19% කින් අඩුවන බව අන්තර්ජාල ලිපි වල සඳහන් වනවා

රුධිරයේ සීනි මට්ටම අඩු කරයි

ආහාර ගැනීමෙන් පසු කෙටි ඇවිදීම ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා.
දිනකට විනාඩි 15 බැගින් ආහාර වේල් තුනකින් පසුව ඇවිදීමෙන් සැලකිය යුතු සීනි ප්‍රමාණයක් අඩුවන බව පර්‍යේෂණ වලින් සොයාගෙන තිබෙනව

සන්ධි වේදනාව සමනය කරයි

ඇවිදීමෙන් ඔබේ දණහිස සහ ඉණ ඇතුළු සන්ධි ආරක්ෂා කරගන්න ඔබට පුලුවන්. එයට හේතුව ඇවිදීම මගින් සන්ධිවලට ආධාරක වන මාංශ පේශි ලිහිසි කිරීම සහ ශක්තිමත් කිරීම සිදු වෙනවා.
ඇවිදීමෙන් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන අයට වේදනාව අඩු කර ගත හැකිය. සතියකට සැතපුම් 5 – 6 ත් අතර දුරක් ඇවිදීම ආතරයිටිස් වැළැක්වීමට උපකාරී වෙනවා

ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි

ඇවිදීම මගින් ඔබට උණ ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළදීමේ අවදානම අවම කරනවා.

මානසික සෞඛ්‍ය යහපත් කරයි

ඇවිදීම ඔබේ මානසික සෞඛ්‍යය යහපත් කිරීමට උපකාරී වේ.කාංසාව, මානසික අවපීඩනය සහ සෘණාත්මක සිතුවිලිද අවම කරයි.එමඟින් ආත්ම අභිමානය ඉහළ නැංවිය හැකි අතර සමාජයෙන් ඉවත්වීමේ රෝග ලක්ෂණද අඩු කළ හැකිය.

ඉතින් ව්‍යායාමයක් ලෙස ඇවිදීම කරන්න ඕන කොහොමද කියලා ඔබ දැන් දන්නවා. ඒ වගේම මේ විදියට ඇවිදීමේදි ඔබ ඔබේ ශරීරයට සුවපහසු ඇඳුම් සහ සපත්තු භාවිතා කරන්නත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.

Related Articles

Don't Miss


Latest Articles