කාන්තාවන්ට ඉහළ ආදායමක් උපයා ගත හැකි රැකියා ක්ෂේත්‍ර 7 ක්.

කාන්තාවක් උනාම ආර්ථිකය අතින් ස්වාධීන වෙනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්.කාන්තාවකට මුදල් උපයන්න පුලුවන් ක්ශේත්‍ර රැසක් අද වෙනකොට බිහිවෙලා තියනවා.ඒ ගැන ඔබව ටිකක් දැනුවත් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ

අධ්‍යාපනය හමාර කරපු කාන්තාවකට නියැලෙන්න පුලුවන් ඕනෑ තරම් ක්ශේත්‍ර තියෙනවා.ආයතනයක රැකියාවක් කරන්න වගේම තමන්ගේ ව්‍යාපාරයක් හරහා ඔබට හොඳ ආදායමක් ලබන්න පුලුවන් මේ ක්ශේත්‍ර ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා නම් .මොනවද මේ කාන්තාවන්ට මුදල් උපයන්න පුලුවන් ක්ශේත්‍ර ?

රූපලාවණ්‍ය

අද වෙනකොට කාන්තාවන් ගොඩක් මුදල් උපයන ජනප්‍රියම ක්ශේත්‍රයක් තමයි රූපලාවණ්‍ය ක්ශේත්‍රය කියන්නේ.ඒ වගේම වේගයෙන් වර්ධනය වෙන දිනෙන් දින යාවත්කාලීන වෙන ක්ශේත්‍රයක්.ඉතින් රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න කලින් ඔබ අත්දැකීම් ඇති ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයෙක්ගෙන් හැමදේම ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්.ඒ විතරක් නෙමෙයි යම් කාලයක් රූපලාවණ්‍යගාරයක ආධුනිකයෙක් හැටියට සේවය කරලා අත්දැකීම් ලබාගෙන ඊට පස්සෙ ඔබට ඔබේම රූපලාවණ්‍යගාරයක් ආරම්භ කරන්න පුලුවන්

කේක් නිර්මාණය

මේ ක්ශේත්‍රයත් අද වෙනකොට ඉතා ජනප්‍රිය එකක්.මේකට එන්න කලින් ඔබ හොඳ හැදෑරිමක් වගේම ඔබේ දෑත හුරු කරගන්න පුහුණු වීම් ,අත් හදා බැලීම් කරන්නත් ඕන.පුංචි පුංචි උපන්දින සාද වලින් පටන් අරගෙන විවාහ මංගල උත්සව සඳහාත් කේක් නිර්මාණය කරන්න පසුව ඔබට පුලුවන් . මෙහිදී දෑතේ හුරුව වගේම ඔබේ නිර්මාණශීලි හැකියාවත් වැදගත්

ආහාර නිශ්පාදනය

මේක විවිධාකාරයෙන් ඔබට කරන්න පුලුවන් . තමන්ගේම ආහාර restaurant එකක් හෝ delivery ක්‍රමයට ආහාර අලෙවි කරන්නත් පුලුවන්. කොහොම උනත් රසවත්ව, පිරිසිදුව සහ පිලිගැන්වීම මඟින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත්තොත් ඔබට මේ ක්ශේත්‍රය මඟින් ගොඩක් මුදල් උපයන්න වගේම දියුණු වෙන්නත් පුලුවන්

ලේඛනය

මෙය ඉතා නිර්මාණශීලි වගේම ඔබට ගොඩක් ක්ශේත්‍ර ගැන අධ්‍යයනය කරන්නත් පුලුවන් ක්ශේත්‍රයක්. පුවත් පත් ,සඟරා වලට ලිපි ලිවීම හෝ වෙබ් අඩවි ,වෙබ් සඟරා වලට ලිපි ලිවීමත් ඔබට මෙහිදි කරන්න පුලුවන් .ඔබ සොයා බැලුවොත් එවැනි ඕනෑ තරම් අවස්ථා මේ වෙද්දි හොයාගන්න පුලුවන්

අත්කම් හා මැහුම් නිර්මාණ

ඔබට ලස්සනට මහන්න පුලුවන් නම් ,විවිධ අත්කම් නිර්මාණ ,බිත්ති සැරසිලි වගේ දේවල් කරන්න පුලුවන් ඇත්තටම ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක්. කාර්‍යබහුල ජීවිත ගෙවන ගොඩක් අය මේ වගේ නිර්මාණ වෙළඳපොලට ගිහින් මිලදී ගන්නවට වඩා අන්තර්ජාලය හරහා මිලදී ගන්න නැඹුරු වෙලා ඉන්න නිසා ඔබට පුලුවන් සමාජ මාධ්‍ය හරහා ඔබේ නිර්මාණ අලෙවි කරන්න

ඇඳුම් නිර්මාණය

මේක කාන්තා – පිරිමි දෙපාර්ශවයම අතර මේ වෙනකොට ජනප්‍රිය ක්ශේත්‍රයක්. උත්සව අවස්ථා වලට අඳින ඇඳුම් ,සාරි ,සාරි හැට්ට, ළමා ඇඳුම් සහ පාසල් නිල ඇඳුම් ඇතුලු ඕනෑම ඇඳුමක් මසා ඔබට මුදල් උපයන්න පුලුවන්. මෙය නිතර යාවත්කාලීන වන ක්ශේත්‍රයක් නිසා ඒ පිලිබඳව හදාරන්න විවිධ පාඨමාලා මේ වෙද්දි බිහිවෙලා තියනවා.ඉතින් ඇඳුම් නිර්මාණය ගැන උනන්දුවක් දක්වන ඔබට මුදල් උපයන්න මේකත් හොඳ ක්ශේත්‍රයක්

ග්‍රැෆික් ඩිසයිනින්

ඔබට ග්‍රැෆිස් ඩිසයිනින් පිලිබදව දැනුමක් ඇත්නම් හෝ ඒ පිලිබඳව හදාරා ඇත්නම් ඔබට මෙය හොඳ අවස්ථාවක්. ඔබට පොත් වල කවර , ලාංඡන ,දැන්වීම් , පෝස්ටර් නිර්මාණය මගින් ලේසියෙන්ම මුදල් උපයන්න පුලුවන්

කාන්තාවක් වන ඔබට මුදල් උපයන්න පුලුවන් ක්ශේත්‍ර අතුරින් කීපයක් තමයි අපි මේ ඔබට කිව්වේ.මීට අමතරව අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම, ස්වයං රැකියාව අවස්ථා බොහොමයක් තියෙනවා.අවශ්‍ය වන්නේ ඔබට කල හැකි ,ඔබ දක්ශ ක්ශේත්‍රය සොයාගැනීම පමණයි

Related Articles

Don't Miss


Latest Articles