සබඳතාවකදී සහකරුගේ සතුට වෙනුවෙන් ඔබට කළ හැකි දේවල්

යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න ඕනෑම කාන්තාවක් කැමතියි. යහපත් විවාහ දිවියක වගේම ඕනෑම සාර්ථක සබඳතා වයකම මූලික ම පදනම රැදෙන්නෙ දෙපාර්ශවයම සතුටට පත් වීම මත. ඉතින් ඔබේ සහකරුව සතුටින් තියන්න බලාපොරොත්තු වෙන කාන්තාවකට, ඔහුව සතුටු කරන්න පුලුවන් පුංචි උපක්‍රම කීපයක් ගැනයි අද අපි කියන්නේ.

සහකරු ගෙන් ඔබ සතුට බලාපොරොත්තු වෙනවා වගේම ඔහුත් ඔබෙන් සතුට බලාපොරොත්තු වෙනවා.මොකද සබඳතා වකදි දෙදෙනාගෙම යුතුකම අනෙකාගේ සතුට හා සැනසීම වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් ඔබටත් විවිධ දේවල් කරන්න සිදු වේවි..ඒ නිසාම පුංචි පුංචි දේවල් වලින් ඔහුව සතුටු කරන විදි කීපයක් ගැන අපි අද හොයලා බලමු

ප්‍රශංසා කරන්න

ඔබ ආහාර පිසීමේදී, ඇඳුම් ඇඳීමේදී හෝ වෙනත් දෙයක් කරන විට සැමියාගේ පැසසුමට කැමතියි වගේම ඔහුත් පැසසුම් ලබා ගැනීමට ප්‍රිය කරනවා. ඔහු පවුල වෙනුවෙන් යමක් කරන විට, කඩවසම් පෙනුමක් ඇති ඇඳුමක් ඇන්ද විට හෝ ව්‍යාපාරයේ හොඳ ගනුදෙනුවක් කරන සෑම අවස්ථාවකම ඔබ ඔහුට ප්‍රශංසා කරන්න . ඔහුගේ සාර්ථකත්වය ගැන අනෙක් සියලු දෙනා කරන පැසසුම් වලට වඩා ඔබේ පැසසුම් ඔහුට බොහෝ වටිනාකමක් ගෙන දේවි.

පුදුම කරන්න

ඔබත් විශේෂ අවස්ථා වලදි පුදුම කිරීම් වලට කැමතියි වගේම ඔහුත් ඒ දේවල් වලට කැමැත්තක් දක්වන්න පුලුවන් .උපන් දින, සංවත්සර සහ තවත් විශේෂ දිනවල ඔබට ඔහු වෙනුවෙන් කුඩා දේවල් කළ හැකියි.එහෙමත් නැත්තම් අහඹු දිනයක ඔහුව පුදුම කරන්න.ඔහු ගොඩක් සතුටට පත් වේවි

පෞද්ගලික අවකාශයක් දෙන්න

ඔහුගේ පෞද්ගලික අවකාශය විවාහයෙන් පසුත් ඔහුට හිමි වෙනවා නම් ඒක වටිනා දෙයක්.ඔහුගේ මිතුරන් හමු වෙන්න යන්න , සාද වලට යන්න ,විනෝද වෙන්න ඔහුටත් නිදහස දෙන්න. කිසිම විටක ඔහුට ඒ ගැන සීමා පනවන්න එපා. චෝදනා කරන්න එපා. සබඳතාවයකදි දෙදෙනාගේම පෞද්ගලික අවකාශය ඉතාම වැදගත්. ඒ නිසා නිදහස් ජීවින් දෙදෙනෙකු ලෙස එකම බැදීමක් වෙනුවෙන් කැපවීම තුල බොහොම නිදහස් සාමකාමී සබඳතා වයක සුන්දරත්වය ඔබට විදින්න පුලුවන් .

රසවත් තෑගි

ඔහුගේ ප්‍රියතම අවන්හලෙන් ඔහු ප්‍රියතම ආහාරයක් හෝ අතුරුපසක් ඔහුට ගෙනවිත් දෙන්න.එහෙම නැත්තම් ඔහුගේ කාර්‍යාලයට යවන්න.මේ වනවිට ඕනෑතරම් ආහාර බෙදාහැරීමේ පහසුකම් තියෙන නිසා එය ඔබට ගැටලුවක් වෙන එකක් නෑ

ලස්සනට ඉන්න

මෙය ඉතාම වැදගත්.විවාහයට පෙර ඔබ ඔහු හමුවෙන්න යනකොට ඔබට තියන ලස්සනම ඇඳුම් ඇන්දා නේද ? ඉතින් විවාහයෙන් පස්සෙත් ඒ වගේම ඔබව දකින්න ඔහු ගොඩක් කැමති වේවි.ඒ ගැනත් ඔබ අමතක කරන්න එපා

ඔහුට සහය වෙන්න

ඔහුට සහයෝගය අවශ්‍ය හැම වෙලාවෙම ඔබ ඔහුට සහය දෙන්න.ඇඳුම් තෝරගන්න ,ටයි එක දාගන්න , සපත්තු පොලිශ් කරගන්න වගේ ඉතා කුඩා දේවල් වලින් පවා ඔහුට සහය උනොත් එයින් ඔහුට ඔබ ගැන තියන ආදරය තවත් වැඩි වේවි

මූල්‍යමය සහයෝගය

මෙය ඔබේ සැමියා ඔබට නොකිව්වත් යම් තරමක් දුරට බලාපොරොත්තු වෙන දෙයක්.පවුලේ සියලු වගකීම් ඔහු දරනවා නම් ,ඔබට හැකි අවස්ථා වල බිල්පත් ගෙවීම් ,නිවසට අවශ්‍ය එළවලු මිලදී ගැනීම් වගේ දේවල් සිදු කරන්න.එයින් ඔහුට යම් සහනයක් දැනෙන වගේම ඔබ ගැනත් ඔහු සතුටු වේවි

ඔහුගේ පෙනුම

ඔහුගේ කොණ්ඩ විලාසිතා ගැන, ඇඳුම් විලාසිතා ගැන ඔබත් ඔහු මෙන්ම උනන්දු වෙන්න. ඔහුට ගැලපෙන විලාසිතා යෝජනා කරන්න.ඒවාට ඔහුව කඩවසම් ලෙස පෙනෙන බවත් ඔහුට කියන්න

මේ ක්‍රම මගින් ඔබට ඔබේ සැමියාව තව තවත් සතුටු කරන්නට පුලුවන් වේවි. විවාහ ජීවිතයක වගේම ප්‍රේම සබඳතාවකදිත් සතුට රදා පවතින්නේ එකිනෙකා කෙරෙහි ඇති ආදරය ,විශ්වාසය ,අගය කිරීම් සහ සහයෝගය වගේ දේවල් නිසායි.ඉතින් ඒ දේවල් කිසිම වෙලාවක මග ඇරගන්න නම් එපා

Related Articles

Don't Miss


Latest Articles