රාත්‍රියට සැහැල්ලු ආහාරයකට කැමති ඔබට රසවත් සුප් වර්ග 3 ක්.

බර අඩු කර ගන්න උත්සහ කරන ගමන්ම රාත්‍රී ආහාරයට වෙනස්ම විදියේ රසක් හොයන කෙනෙක්ද ඔබ ? අද අපි ඔබට කියන්න හදන්නේ ලේසියෙන්ම හදාගන්න පුලුවන් වෙනස්ම විදියේ සුප් වර්ග තුනක් ගැනයි

Tomato soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • බටර් තේ හැඳි 1
  • කොටු කපාගත් බීළූණු ගෙඩි බාගයක්
  • තලාගත් සුදුළූණු බික් 2
  • කොටු කපාගත් තක්කාලි ගෙඩි 3
  • කොටු කපාගත් කැරට් ගෙඩි බාගයක්
  • රස අනුව ලුණු
  • සීනි තේ හැඳි 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • උකු ක්‍රීම් තේ හැඳි 2
  • වතුර

හදන්නේ මෙහෙමයි

  • භාජනයක් ලිප තබා එයට බටර් තේ හැන්ද දමන්න
  • බටර් දියවුනු පසු එයට බීළූණු සහ සුදුළූණු එකතු කරන්න
  • බීළූණු රන්වන් පාටවුනු පසු එයට තක්කාලි ,කැරට් සහ ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • තක්කාලි බාගෙට තැම්බුනු පසු එයට වතුර කෝප්ප බාගයක් එකතු කර මිශ්‍ර කර පියනකින් වසා විනාඩි දහයක් මද ගින්නේ පිසෙන්නට හරින්න
  • විනාඩි දහයකට පසුව ලිප නිවා මද වේලාවක් මිශ්‍රණය නිවෙන්නට හැර හොඳින් බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගන්න
  • ඉන්පසු එම පේස්ට් එක පෙනේරයක් ආධාරයෙන් පෙරා නැවත ලිප තබන්න
  • එයට වතුර කෝප්ප බාගයක් එකතු කර සීනි ,රස අනුව ලුණු සහ ගම්මිරිස්ද අවසානයට උකු ක්‍රීම් ද එකතු කර මිශ්‍ර කරන්න
  • විනාඩියක් පමණ මද ගින්නේ පිසගෙන ඉන්පසු පිළිගන්වන්න

Cream of mushroom soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ඔලිව් තෙල් තේ හැදි 2
  • බටර් තේ හැදි 1
  • චොප් කරගත් බීළූණු මේස හැඳි 1
  • චොප් කරගත් සුදුළූණු තේ හැඳි 1
  • හීනියට ලියාගත් Button mushrooms කෝප්ප 1
  • පාන් පිටි තේ හැඳි 1
  • ගම්මිරිස්
  • ලුණු
  • Dry herbs තේ හැඳි 1
  • උකු ක්‍රීම් කෝප්ප බාගයයි
  • වතුර කෝප්ප 3

හදන්නේ මෙහෙමයි

  • භාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් සහ බටර් එකතු කරන්න
  • බටර් දියවුනු පසු බීළූණු සහ සුදුළූණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • පසුව එයට Button mushrooms එකතු කර නැවත හොඳින් මිශ්‍ර කර විනාඩි පහක් පමණ පිසෙන්නට හරින්න
  • ඉන්පසු එයට පිටි එකතු කර මිශ්‍ර කර වතුරද එකතු කරන්න
  • දැන් රස අනුව ලුණු ,ගම්මිරිස් සහ dry herbs එකතු කර විනාඩි පහක් තැම්බෙන්නට හරින්න
  • විනාඩි පහකට පසුව මිශ්‍රණයෙන් බාගයක් ගෙන බ්ලෙන්ඩර් කරගන්න
  • පේස්ට් එකක් වනතුරු බ්ලෙන්ඩර් කරගත් පසු එය නැවත ඉහත මිශ්‍රණයට එකතු කර ,උකු ක්‍රීම් ද එකතු කරන්න
  • විනාඩි දෙකක් පමණ මිශ්‍ර කරමින් හොඳින් පිසගන්න
  • පිළිගන්වන විට සුප් එක උඩින් නැවත ගම්මිරිස් ස්වල්පයක් ඉසගන්න

Hot & Sour Soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ඔලිව් තෙල් තේ හැඳි 1
  • කොටු කපාගත් බීළූණු කෝප්ප බාගයයි
  • ඉඟුරු සුදුළූණු මිශ්‍රණය මේස හැඳි 1
  • කැරට් කෝප්ප 1
  • ගෝවා කෝප්ප 1
  • බෝංචි කෝප්ප 1
  • Button mushrooms කෝප්ප 1
  • වතුර
  • සෝයා සෝස් තේ හැඳි 2
  • දිය කරගත් කෝන් පිටි කෝප්ප බාගයයි
  • රස අනුව ලුණු
  • ගම්මිරිස්
  • විනාකිරි තේ හැඳි 1

හදන්නේ මෙහෙමයි

  • භාජනයක් ලිප තබා එයට තෙල් දමන්න
  • තෙල් රත්වුනු පසු බීළූණු ,ඉඟුරු සුදුළූණු එකතු කර මිශ්‍ර කරන්න
  • ඉන්පසු එයට කැරට් ,ගෝවා සහ බෝංචි එකතු කරන්න
  • විනාඩියක් පමණ එය මිශ්‍ර කර පසුව එයට Button mushrooms එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න
  • දැන් වතුර කෝප්ප එකහමාරක් පමණ එකතු කර විනාඩි පහක් තැම්බෙන්නට හරින්න
  • ඉන්පසු සෝයා සෝස් ,රස අනුව ලුණු සහ දියකර ගත් කෝන් පිටි එකතු කර මිශ්‍ර කර තවත් විනාඩි දෙකක් පිසගන්න
  • පසුව විනාකිරි සහ ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරගන්න

ඕනෑම සුප් වර්ගයක් උණුවෙන්ම පිළිගන්වන එක ගොඩක් වැදගත්.එතකොට සුප් එකක රසය තව තවත් වැඩියි.ඉතින් මෙම සුප් වර්ග ඔබේ කෑම මේසය තවත් රසවත් කරන බවට කිසිම සැකයක් නෑ.

Related Articles

Don't Miss


Latest Articles