Birth Control pills ගැනීම නිසා කාන්තාවන් මහත් වෙනවද?

ලිංගිකව සක්‍රීය ඕනෑම කාන්තාවකට තියෙන ගැටලුවක් තමයි අනපේක්ෂිත ගැබ් ගැනීම්.විවාහයෙන් තොරව සහකරු සමග එකට ජීවත් වන තරුණියන්, තමන්ගේ පෞද්ගලික හේතු නිසා යම් කාලයක් පළමුවැනි දරුවා පිළිසිඳගැනීම ප්‍රමාද කරන කාන්තාවන්, එක් දරු උපතකින් පසු යම් කාලයකට ඊළඟ උපත ප්‍රමාද කරන කාන්තාවන් යන හැම කෙනෙකුටම තියෙන ගැටලුවක් තමයි නිසිලෙස උපත් සැලසුම් කරගෙන අනපේක්ෂිත ගැබ් ගැනීම් වලින් වැලකීම.

මේ සඳහා පවතින විවිධ ක්‍රම අතරින් බොහෝ කාන්තාවන්පුරුදු වෙලා ඉන්නේ ගිලින පෙති ලබා ගන්නටයි. නමුත් බොහෝ දෙනෙක් අතර මතයක් තියනව මේ පෙති ලබා ගැනීම නිසා සිරුරේ මහත් වීමක් වන බව.එය මේ පවුල් සැලසුම් පෙති ගැන කාන්තාවන් අතර පවතින ප්‍රචලිත මතයක් වෙලා .. ඉතින් මෙහි විද්‍යාත්මක ඇත්ත ගැන සුමිත්‍රා තිසේරා වෛද්‍යතුමියගේ අදහස් දැන ගන්න අපි හිතුවා.

කට වහරට මේවාට උපත් පාලන පෙති කීවාට එය වැරදි නාමකරණයක්.මෙය සැබෑවටම හඳුන්වන්න ඕනෑ පවුල් සැලසුම් පෙති කියන නමින්.මේ පෙති වර්ග දෙකක් පවතිනවා. එකක ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙකම පවතිනවා.අනිකේ ප්‍රොජෙස්ටරෝන් පමණක් පවතිනවා. අපේ රටේ වෙළඳ පොලේ පවතින්නේත් ඔබට MOH හරහා ලැබෙන්නේත් හෝමෝන වර්ග දෙකම ඇති පෙත්තයි.මෙහි විවිධ වෙළඳ නාම ද අපිට මිලදී ගන්න පුලුවන්.ඒත් හැම එකකින්ම ඉටු වෙන්නේත් එකම රාජකාරියක්.මේ පෙති වලට ඔබව කිසිසේත්ම මහත් වෙන්නේ නෑ.

එහෙනම් එහෙම මතයක් ආවේ කොහොමද?

සාමාන්‍යයෙන් ගැබ් ගැනීමකදී සිරුරේ වැඩිවෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමොන් එකයි. මේ හෝමෝන් එකට සාමාන්‍යයෙන් ඔබට බඩගිනි දැනීම වැඩියි.එවිට අපේ ආහාර වේල් ගණන වැඩි වෙනවා හෝ අපි අතරමැද ආහාර ලබා ගැනීම වැඩි කරනවා. ඉතින් අපිව මහත් වෙන්නේ මේ ආහාර ගැනීම අධික වීමෙන්.

අපි ඒක පාලනය කර ගන්නේ කොහොමද?

ඔබට වෛද්‍යවරු සහ MOh එකෙන් මේ ගැන දැනුවත් කරනවා.ආහාර පාලනයක් තබා ගන්නත් බඩගිනි එන හැම විටම සම්පූර්ණ ආහාර වේලකට යොමු වීමත් නොකළ යුතුමයි.අධික කාබෝහයිඩ්‍රේට් වලින් වැළකීම,එළවළු පළතුරු ආහාරයට ගැනීම නිසා ඔබේ බර ඕනෑවට වඩා වැඩි වෙන්නේ නෑ.ඒ වගේම ව්‍යායාම කිරීම,ඇවිදීම ආදියත් ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු දේවල්.එවිට ඔබේ සිරුරේ බර වැඩි වෙන්නේම නෑ. ඒ වගේම ඔබේ දෛනික දින චරියාව සෞඛ්‍යමත් වීම අනිවාර්යය යි.ඒ නිසා ඔබට මේ සම්බන්ධයෙන් බිය වෙන්නම ඕනා නෑ.

ඇයි අපි මේ ක්‍රමය තෝරා ගත යුතු වෙන්නේ.

මේ අපිටම පටන් අරන් අපිටම නවත්තන්න පුලුවන් ක්‍රමයක්.සාමාන්‍යයෙන් ජඩෙල් එක, ලූප් එක ආදියට ඔබට වෛද්‍ය සහාය අවශ්‍ය වුණත් අවශ්‍ය කාලයක් පෙති ලබාගෙන ඒවා නැවැත්වූයේ නම් ඔබට ඉක්මනින් පිළිසිඳ ගැන්මකට යොමු වෙන්න හැකියාව තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය නැවැත්වූ වහාම දරු පිළිසිඳ ගැනීම සිදු වෙන බවයි.

අපිට සුදුසුම උපත් පාලන ක්‍රමය තෝරා ගන්නේ මෙහෙමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පවුල් සැලසුම් ක්‍රමය නතර කර දැමූ විටත් ටික කාලයක් දරු පිළිසිඳ ගැන්ම පමා වෙන්නේ එන්නත් ක්‍රමයෙන් පමණමයි.අනිත් ඕනෑම ක්‍රමයක් නවතා දැමූ වහා ඔබට දරු සුරතල් බලන්න පුලුවන්. ඒත් ඔබ ඔබට පහසුවක් දැනෙන ඔබට වඩා සුදුසු බව හිතෙන ක්‍රමයට යොමු වීම තමයි හොඳම.අන්න එතකොට ඔබට ගැටලු සහ සැකසංකා මතු වෙන එකක් නෑ.සමාජයේ පවතින ගැටලුකාරී මත වල ඇති සත්‍ය ගැන ඔබට පැහැදිලි කරන්නයි අපිත් මේ ලිපිය අරගෙන ආවේ.මේ අනුව ඔබට පැහැදිලි වෙන්න ඇති මේ පෙති මගින් ඔබේ බර වැඩි වීමක් සිදු නොවන බව.මේ සම්බන්ධයෙන් ඔබට MOh එකෙන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් සහ ඔබේ වෛද්‍යවරයාගෙන් අදහස් දැන ගන්නත් පුලුවන්.

හැබැයි අධික ලෙස ජන්ක් ෆුඩ්ස් වලට ඇබ්බැහි නොවී හැමතිස්සෙම මොනමොනවා හරි කන්නේ නැතුව පෝෂ්‍යදායක ආහාර නිවැරදි ලෙස ලබාගන්න.හොඳට ව්‍යායාම කරමින් හැඩට ඉන්න.

ඔබේ ජීවිතය ලස්සනට තියා ගන්න ඕන ඔබ කියලා අමතක කරන්නම එපා.

Related Articles

Don't Miss


Latest Articles