දේශීය වෛද්‍ය ප්‍රතිකාර අරන් ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න පුළුවන් තැන් 4 ක්

වෛද්‍ය ප්‍රතිකාර වලට යන වියදම රක්ෂණ ආවරණය මගින් ගෙවන එක සාමාන්‍ය දෙයක්.මේක කියවන ඔබත් බාහිර ප්‍රතිකාර වගේම රෝහල් ගත වීම් වලදී ඒ පහසුකම ඕන තරම් අත් විදලා ඇති.හැබැයි ඒ බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට විතරයි.නමුත් දේශීය , ආයුර්වේද වගේ පිළිගත් දේශීය වෛද්‍ය ක්‍රම වලින් තමයි සමර රෝග නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.ඒ නිසා තවමත් අපි හුගදෙනෙක් සමහර අවස්ථාවලදී ප්‍රතිකාර සදහා යොමුවෙන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය පැත්තට.අද ස්මාට් ලේඩි ඔයාලට අපි කියන්න යන්නේ අන්න ඒ වගේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර අරන් ඔයාගේ සොෆ්ට්ලොජික් ලයිෆ්  ඉන්ෂුවරන්ස් එකෙන් වියදම පියවා ගන්න පුළුවන් තැන් කිහිපයක් ගැනයි 

1.සිද්ධාලේප ආයුර්වේද රෝහල

සිද්ධාලේප ආයුර්වේද රෝහල මගින් රෝගීන්ට වෘත්තීය උපදේශනය සහ පුළුල් පරාසයක ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. පළපුරුදු ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් පුද්ගලික අවධානය යොමු කරමින් සුහදශීලීව ප්‍රතිකාර සපයනු ලබනවා. සිද්ධාලේප ආයුර්වේද රෝහලේ කැපී පෙනෙන කාරණයක් වන්නේ එහි ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධවලින් 90% ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් දේශීයව නිෂ්පාදනය කිරීමයි. එම ඖෂධ ISO ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ ආරක්ෂාව සහ අව්‍යාජභාවය යන දෙකම සහතික කරමින් ලොව පුරා විශ්වාසදායක නාමයක් බවට පත්වෙලා තියනවා.

වැඩි විස්තර සදහා – සිද්ධාලේප ආයුර්වේද රෝහල

2.හොරිවිල ආයුර්වේද වෙදගෙදර

ආයූර්වේද වෛද්‍ය සේන බණ්ඩා මහතා සාර්ථක විකලාංග ප්‍රතිකාර ඉතාමත් විශාල ප්‍රමාණයකට හිමිකම් කියනවා. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ හොරිවිල ගම්මානයේ නමත් කීර්තියත් ලෝක ප්‍රසිද්ධියට පත්වූනේ මේ වෙද පවුලට සියවස් ගණනාවක් පුරාවට උරුම වූ සම්ප්‍රදායික විකලාංග ඖෂධීය ප්‍රතිකාර සහ වර්තමානය දක්වා එය නොකැළැල්ව අඛණ්ඩව පැවත්වාගෙන ඒම නිසායි. 1987 සිට මේ දක්වා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන මෙතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද අධ්‍යයන අංශයේ කළමනාකරණ මණ්ඩලයට ද කැළණිය විශ්ව විද්‍යාලයේ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යාලයටද අනුයුක්තව සේවය කරනවා.

හොරිවිල ආයුර්වේද වෙදගෙදර භාවිතා කරන සුවිශේෂී සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමය මුළුමනින්ම සොබාදහම සමඟ එකතු වී ඇති නිසා මෙම වෛද්‍ය මධ්‍යස්ථානය මුළුමනින්ම පරිසර හිතකාමී ආයතනයක් කියලා කියන්න පුළුවන්.

වැඩි විස්තර සදහා – හොරිවිල ආයුර්වේද වෙදගෙදර

3.ආදිත්‍ය ආයුර්වේද රෝහල 

ආයුර්වේද හා ශ්‍රී ලංකා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ විස්මිත බව ලෝකය සමඟ බෙදා ගැනීමේ පොදු අරමුණ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ආදිත්‍ය ආයුර්වේද රෝහල වෛද්‍ය සරත් ගුණවර්ධන සහ ගුණවර්ධන ආයුර්වේද හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ සංකල්පයක්. අනුරාධපුර නගරයේ පිහිටා ඇති මෙම ආයූර්වේද ආයතනය මගින් පුළුල් පරාසයක ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙනවා. පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද ආදිත්‍ය ආයුර්වේද රෝහල තදින්ම විශ්වාස කරන අතර එදිනෙදා කටයුතු සඳහා ප්ලාස්ටික් භාවිතා නොකිරීමේ කිරීමේ ප්‍රතිපත්තියක් ඔවුන් සතුව තියනවා.

වැඩි විස්තර සදහා – ආදිත්‍ය ආයුර්වේද රෝහල

4. පිලපිටිය ආයුර්වේද නිකේතනය 

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය උපාලි පිලපිටිය විසින් පිලපිටිය ආයුර්වේද නිකේතනය ආරම්භ කරන ලද අතර මෙම ආයූර්වේද ආයතනය මෙහෙයවනු ලබන්නේ සහ පාලනය කරනු ලබන්නේ පිලපිටිය පවුලේ වෛද්‍යවරුන් විසින්. සාම්ප්‍රදායික ආයුර්වේද ඖෂධ ක්‍රම සහ නවීන වෛද්‍ය ක්‍රම යන දෙඅංශයේම සායනික විශේෂඥතාවයේ දුර්ලභ සංයෝජනයක් ඇති කිරීම හා නිවාඩු නිකේතනය මගින් වඩාත් විශ්වාසදායක ආයුර්වේද හා සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර වඩාත් විද්‍යාත්මක ප්‍රතිකාර රැසක් රෝගීන්ට ලබා ගැනීමට පිලපිටිය ආයුර්වේද නිකේතනය පහසුකම් සපයයි. සපයනු ලබන සත්කාර සඳහා තනි වෛද්‍ය ප්‍රතිකාර, විශේෂයෙන් සැලසුම් කළ ආහාර, නවීන නවාතැන් පහසුකම් සහ ස්වාභාවික බහුලතාවයේ සුවපහසුව ඇතුළත් වෙනවා.

වැඩි විස්තර සදහා – පිලපිටිය ආයුර්වේද නිකේතනය 

අපිට මේ තොරතුරු හොයාගන්න උදවු වුනේ www.wedavaruna.lk වෙබ් අඩවිය. මේ වගේ ප්‍රාතිහාර්යන් පෙන්නලා තියෙන පාරම්පරික දේශීය රෝහල්/වෛද්‍යවරුන් අපේ රටේ ගොඩක් ඉන්නවා. ඇත්තටම මේ පාරම්පරික වෛද්‍ය ක්‍රම කියන්නේ අපේ උරුමයක්. ඔබ දන්නා ඔබට සමීප දේශීය, ආයුර්වේද, පාරම්පරික සහ පිළිගත් විකල්ප වෛද්‍යවරුන් හෝ රෝහල් වල විස්තර අන් අයත් සමග බෙදාගන්න සහ අපේ උරුමය මුළු ලෝකයටම පෙන්නන්න ඔබටත් දැන් පුළුවන්. ඒ සදහා ඔබට කරන්න තියෙන්නේ www.wedavaruna.lk පිවිසෙන්න.

ඔබ ඇතුළත් කරන එම පාරම්පරික රෝහල් /වෛද්‍යවරුන් පිළිබඳ ඇගයීමක් කර, ඔවුන්ව සොෆ්ට්ලොජික් ලයිෆ් යටතේ ලියාපදිංචි කරන අතර, සොෆ්ට්ලොජික් ලයිෆ් ඔප්පු හිමියන්ට මෙම රෝහල්/වෛද්‍යවරුන් හරහා ලබාගන්න නේවාසික ප්‍රතිකාර ආවරණය කරගත හැක.

ඉසිවරුන් වන වෙදදුරන් අගය කරන්නත් , ඒ ශ්‍රී ලාංකික උරුමය රැකගැනීමත් අප හැමෝගෙම වගකීමක්. මේ වගේ දේකට ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් මුල පිරීම පිළිබඳව අපි අගය කල යුතුයි. අපත් මේ දේ සාර්ථක කරගන්න අපේ උපරිම සහය ලබාදෙමු.

වෛද්‍යවරුන් හා ප්‍රතිකාර මධ්‍යස්තාන වල තොරතුරු මෙතැනින් ඇතුළත් කරන්න

Related Articles

Don't Miss


Latest Articles