වියලි ගැටගැසෙන නිතර කැඩෙන කොන්ඩයට නිවසේදීම කල හැකි ස්වභාවික සත්කාර

යුවතියකට කොණ්ඩය කියන්නේ රූමත් බවේ සංකේතයක්.දිග වුණත් කොට වුණත් කොණ්ඩය ලස්සනට පිළිවෙළකට තියනවා නම් එය අපේ පෙනුම ඔප් නංවන්න ලොකු හේතුවක්.රැළි කොණ්ඩ,සකස් කළ කොණ්ඩ,ස්වභාවික ස්ට්‍රේට් කොණ්ඩ අතරේ මොනවා කරලවත් කොණ්ඩය පිළිවෙලකට තියා ගන්න බැරි ගෑනු ළමයි කොටසකුත් ඉන්නවා.ඉක්මනින් අවුල් වෙන,වියළි සහ අපිළිවෙල කොණ්ඩයක් වුණු ඒ කොණ්ඩය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Frizzy Hair එකක් කියලා.

මේ කොණ්ඩය මට්ටු කරන්න රීබොන්ඩින්,රිලැක්සින්,කෙරටීන් වගේ ට්‍රීට්මන්ට්ස් වලටත් ඔබේ ඒ හැටි කැමැත්තක් නැතිනම් ඔබට පුලුවන් ස්වභාවික සත්කාර කිහිපයක් කරලා අවුල් නොවී,වියළි බව නැතිව කොණ්ඩය පවත්වාගෙන යන්න.රැලි සහිත නැති වුණත් ස්ට්‍රේට් නැති වුණත් කොණ්ඩය ලස්සනට පිළිවෙළකට තියා ගන්න එතකොට පුලුවන්.

ඉතින් හැමදාමත් වගේ ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර සඳහා ඔබව දිරි ගන්වන අපි මේ පහසු සත්කාර අරන් ආවේ ඒ වෙනුවෙන්මයි.

ඇපල් සයිඩර් විනාකිරි ප්‍රතිකාරය.

  • ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 1/3 සහ උණු ජලය සපයා ගන්න
  • ජලය සහ ඇපල් සයිඩර් විනාකිරි හොඳින් මිශ්‍ර කර ගන්න
  • එය ඔබේ හිසකෙස් වල ගල්වන්න
  • විනාඩි තුනකට පසු සීතල වතුරින් සෝදා හරින්න
  • හෙයා ඩ්‍රයර් එකකින් කොණ්ඩය වේලා ගන්න.

සතියට දෙවතාවක් පමණ කළ යුතු මේ ප්‍රතිකාරය ඔබේ කොණ්ඩය කීකරු කරනවා විතරක් නෙවෙයි, හිස්සොරිවලටත් හොඳ ප්‍රතිකාරයක්.

පොල්තෙල් සත්කාරය

  • රාත්‍රියේදී පිරිසිදු පොල්තෙල් හිසේ සහ හිස් කබලේ ගල්වා පැය බාගයක් මසාජ් කරන්න.
  • ඉන්පසු ෂවර් කැප් එකකින් හිස ආවරණය කර නින්දට යන්න.
  • ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා පසුදින සෝදා හරින්න.

පොල්තෙල් වල ලෝරික් අම්ලය අඩංගු නිසා මෙයත් වටිනා සත්කාරයක්.ඔබේ කොණ්ඩය දුර්වල වී ඇති බව හැඟෙනවා නම් විටමින් ඊ කරල් කිහිපයක් ද පොල් තෙල් වලට එකතු කරන්න පුලුවන්.

අලිගැටපේර සත්කාරය

  • අලිගැටපේර බ්ලෙන්ඩ් කරගෙන එයට වර්ජින් කොකනට් ඔයිල් හෝ ඔලිව් ඔයිල් තේ හැන්දක් පමණ එකතු කරන්න.
  • හිසේ ගල්වා සම්භාහනය කර ෂවර් කැප් එකකින් හිස ආවරණය කර මිනිත්තු තිහක් පමණ තබන්න.
  • ෂැම්පු යොදා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

සතියට දෙවතාවක් පමණ සිදු කළ යුතු මේ ප්‍රතිකාරය ඔබේ කොණ්ඩයේ වියළි සහ අවුල් බව නැති කරන්නට හේතුවක් වෙනවා.අලිගැටපේර වල විටමින් E සහ A පැවතීම එයට හේතුවක්.

ආමන්ඩ් ඔයිල් සහ බිත්තර සත්කාරය

  • ආමන්ඩ් ඔයිල් කෝප්ප බාගයකට බිත්තර දෙකක් කඩා සාරු මිශ්‍ර ගන්න
  • හොඳින් කෙස්වල සහ හිස්කබලේ ගල්වන්න
  • ෂවර් කැප් එකකින් ආවරණය කර මිනිත්තු තිහකින් ෂැම්පු යොදා සෝදා හරින්න

කෙසෙල් සත්කාරය

  • චොප් කරගත් කෙසෙල් ගෙඩියකට මී පැණි හැඳි දෙකක් සහ ආමන්ඩ් ඔයිල් හෝ පොල්තෙල් කෝප්ප කාලක් මිශ්‍රකරගන්න.
  • මෙය හිසේ ගල්වා මිනිත්තු විස්සක් තබන්න
  • ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා සෝදා හරින්න.

මීට අමතරව මෙවැනි කොණ්ඩයකට හෙයා මාස්ක් යෙදීමත් වැදගත්.

මේ කොණ්ඩයට ගැලපෙනම හෙයා මාස්ක් එකක් වෙන්නේ Oats හෙයා මාස්ක් එක.

අවශ්‍ය දේවල්

  • ඕට්ස් තේ හැදි 3
  • කිරි කෝප්ප 1/2
  • පොල් තෙල් තේ හැන්දයි
  • මී පැණි තේ හැන්දයි

මාස්ක් එක සකසන්නේ මේ ආකාරයටයි.

  • කිරි සහ ඕට්ස් බ්ලෙන්ඩ් කරගන්න
  • එයට මී පැණි එක් කරන්න
  • ඉන්පසු පොල්තෙල් එක් කරන්න.

ඉන්පසු මෙය හිස ගල්වා තබා මිනිත්තු තිහකට පසු සෝදා හරින්න

Fizzy hair එකක් හොඳින් පවත්වාගෙන යාමට කළ හැකි දේවල්

  1. හෙයා සීරම් එකක් සහ ලීව් ඔන් කන්ඩිෂනර් එකක් භාවිතා කිරීම මඟින් කොණ්ඩයේ ඇති වියළි අවුල් සහගත පෙනුම අඩු කරගන්න පුලුවන්.
  2. අනවශ්‍ය ලෙස ෂැම්පු භාවිතා නොකර සල්ෆේට් අඩංගු නොවන හර්බල් ෂැම්පු වර්ගයකින් ස්වල්පයක් හිසේ ගල්වා අනිවාර්යයෙන් කන්ඩිෂනර් භාවිතා කිරීමත් කළ යුතුමයි.
  3. කොණ්ඩය එක් දිනක් උණුසුම් වතුරෙන් සෝදන්නේනම් පසුදාට සීතල ජලය භාවිතා කරන්න.නමුත් හැකිතාක් උණුසුම් වතුරෙන් වැලකිම තමයි යෝග්‍ය වෙන්නේ.
  4. නිතරම blow drying වැනි දේවල් කොණ්ඩයට කරන්න එපා.
  5. කොණ්ඩයට හොඳ ඔයිල් එකක් තබා ගන්න.සතියකට වතාවක්වත් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් සිදු කරන්න.
  6. කොට්න් කොට්ට උර භාවිතා නොකර සැටින් කොට්ට උරයක් භාවිතා කරන්න.

අපට සොබාදහම ලබා දෙන්නේ අපට අවශ්‍ය රූපය නෙවෙයි.අපට වඩාත් ගැලපෙන රූපයයි.ඉතින් අවුල් වෙන ඉක්මනින් වියලීමට පත් වෙන කොණ්ඩයක් වුණත් සත්කාර කිරීමෙන් ලස්සන කෙස්වැටියක් කරගැනීමේ මැජික් බලය තියෙන්නේ ඔබ අතේ.

කොණ්ඩයට උවමනා ලෙස හැසිරෙන්න දෙන්න එපා. ඔබට උවමනා ලෙස කොණ්ඩය හසුරවා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles