සිරුරේ විෂහරණය කර ඔබ නිරෝගීමත් කරන ස්වභාවික ක්‍රම 9 ක්.

සිරුරේ ඇති විෂ හරණය කිරීම මඟින් සෞඛ්‍යමත් ජීවිතයක් ලබා ගන්න බොහෝ දෙනෙක් උනන්දුයි.ඒත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි අපේ ශරීරය විසින්ම ශරීරයේ විෂ ඉවත් කිරීමට හොඳින් සන්නද්ධව සිටින බව. ඒ කියන්නේ අපේ එදිනෙදා සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමෙන් ශරීරයේ ස්වාභාවික විෂබීජ නාශක පද්ධතිය හා එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා.ඉතින් අපි කළ යුතු වෙන්නේ සිරුරේ විෂහරණය කරන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් දීමයි.

අපි මෙම ලිපියෙන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්වයට ගන්න ක්‍රම 9 ක් ගැන ඔබට කියන්න හිතුවේ ඒ නිසා.

ඇල්කොහොල් පාලනය කරන්න.

ඇල්කොහොල් පානය කිරීම ඔබේ අක්මාවට ඉතා වැඩියෙන් බලපාන්නක්. අක්මාව මත්ද්‍රව්‍ය වල විෂහරණය කිරීම 90% පමණ දායක වුවත් එය ඔබේ සිරුරට ඉතා ශක්තියක් වැය වෙන කාර්යයක්.fat liver ඇති වීම වගේම අක්මාවේ දැවිල්ල හා තුවාල හට ගන්න මේ ක්‍රියාවලිය හේතු වෙනවා.මෙසේ දිගු කාලීනව අක්මාව අබලන් වීම නිසා ඔබේ සිරුරේ විෂහරණය කරන්නට නොහැකි වෙන්න ඉඩ වැඩියි.
ඒ නිසා මත්පැන් හැකිතාක් අවම කිරීම හෝ භාවිතා කිරීමෙන් වැළකීම තමයි කළ යුතු වන්නේ.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම

මානසික ආතතිය, කාංසාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ තරබාරුකම වැනි කෙටි හා දිගු කාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාක
අපට ලැබෙන්නේ නින්ද මඳකම නිසා. අප හරිහැටි නින්දක් නොලැබූ විට අපේ සිරුරේ විෂහරණය කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට කාලය මදි වෙනවා.මෙය ඔබේ සිරුරට ඉතා නරක ලෙස බලපානවා. ඒ නිසා දිනකට පැය හතක්වත් නිදා ගැනීම අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.

හොඳට වතුර බොන්න

ශරීර උෂ්ණත්වය පාලනය, ආහාර සහ පෝෂක කොටස් අවශෝෂණය වගේම ශරීරයේ විෂහරණයටත් ජලයෙන් ඉටු වෙන්නේ හොඳ පිටුවහලක්.මුත්‍රා සහ දහඩිය ලෙස ශරීරයේ අපද්‍රව්‍ය ජලයෙන් බැහැර කෙරෙනවා.ඒ නිසා හොඳ සජලීකරණයක් පවත්වා ගැනීම සිරුරේ විෂබීජ හරණයට කරන උපකාරයක්.ඔබේ සිරුරට අවශ්‍ය තරම් හොඳින් වතුර බීම අනිවාර්යය වෙන්නේ ඒ නිසා.

අධික සීනි සහ තෙල් සහිත ආහාර භාවිතයෙන් වැලකීම.

සීනි සහ තෙල් වැඩි ආහාර නිසා දියවැඩියාව, හෘද රෝග අපි ළඟට පියඹා එන බව ඔබ දන්නවා.මේ රෝග ඔබේ අක්මාව හා වකුගඩු වැනි සිරුරට වැදගත් කාර්යභාරයක් ඉටු කරන අවයව වලට හානි කිරීමෙන් ස්වාභාවිකවම විෂහරණය කිරීමට ඔබේ ශරීරයට ඇති හැකියාව බාධා කරනවා. හැකිතාක් මේ ආහාර පාලනය කළ යුතුමයි.

ප්‍රතිඔක්සිකාරක වැඩි ආහාර ලබා ගැනීම

ප්‍රතිඔක්සිකාරක වැඩි ආහාර සිරුරේ ඇති අපද්‍රව්‍ය සහ විෂ සමඟ සටන් වදිමින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ දමනවා.විටමින් ඒ,ඊ, ඩී සහ සෙලනියම් බහුල මේ ආහාර ඔබව රෝග ගණනාවකින් රැක ගන්න සමත්. බෙරි වර්ග,කෝපි, එළවළු,පළතුරු,ඇට වර්ග,ග්‍රීන් ටී වගේම කුළුබඩු වර්ග වල බහුලවම ප්‍රතිඔක්සිකාරක අඩංගුයි.

ප්‍රබයෝටික්ස් ඇති ආහාර

ඔබේ සිරුරේ ඇති අහිතකර විෂ සහ ආහාර නිසා සිරුරට ඇතුළු වූ රසායනික වර්ග ඉවත් කරන්න ප්‍රබයෝටික්ස් සහිත ආහාර හරිම වැදගත්.බැක්ටීරියා විනාශ කිරීම,දන්ත සෞඛ්‍ය වැඩිදියුණු කිරීමටත් මේවා උපකාරී වෙනවා.තක්කාලි, ළූණු, සුදු ළූණු, ඕට්ස්, කෙසෙල් වැනි ආහාර වැඩි වැඩියෙන් ආහාර වේලට එකතු කරගත යුත්තේ ඒ නිසායි

ලුණු අඩුවෙන් ලබා ගන්න.

ලුණු අධිකව ලබා ගැනීමත් ශරීරයේ විෂහරණයට බාධාවක්.ඔබ අධිකව ලුණු භාවිතා කරද්දී නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වන්නේ නෑ. මේ නිසා විෂහරණය සීමා වෙනවා. ඒනිසා ලුණු වැඩි ආහාර භාවිතා කළොත් හොඳින් වතුර බීම අනිවාර්යය දෙයක්.

හොඳින් ව්‍යායාම කිරීම

Beautiful asian woman is doing exercise in the gym

දහඩිය දමන සේ ව්‍යායාම කිරීම ඔබේ සිරුරේ විෂහරණය ස්වභාවිකව කිරීමට උදව් වෙනවා.දියවැඩියාව ,හෘදයාබාධ ඇති වීම් වැළකීම නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය යහපත්ව පවත්වාගෙන යන්නට ඔබට පුලුවන්.

මීට අමතරව අධික රසායනික ද්‍රව්‍ය අඩංගු නැති රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීම, අනවශ්‍ය තරම් රසායනික ද්‍රව්‍ය අඩංගු බඳුන් සේදුම් කාරක ද්‍රව්‍ය ආදිය භාවිතා නොකර ස්වභාවිකත්වයට නැඹුරු සේදුම් කාරක භාවිතා කිරීම,හැකි සෑම විටම ඉහළ පෝෂක අඩංගු ආහාර ලබා ගැනීම ශරීරයේ විෂහරණය හොඳින් පවත්වා ගැනීමට හේතු වෙන බවත් ඔබ අමතක කළ යුතුම නැහැ.

Related Articles

Don't Miss


Latest Articles