කුරුලෑ නිසා ඇතිවූ ලප කැලැල් නැති කරන නිවසේදීම කල හැකි ස්වභාවික සත්කාර

0
2122

තරුණියන් අතර තියන පොදු ගැටලුවක් තමයි කුරුලෑ කැළැල් තිබීම.අද අපි ඔබට කියන්නේ යන්නේ කොහොමද මේ කුරුලෑ කැළැල් නැති කරගන්නේ කියලා

කුරුලෑවක් මුහුණේ හට ගත්තම ඒක දිනකින් දෙකකින් අඩු වෙලා ගියත් ඒවයේ කැළැල් මැකෙන්න නම් ටික කාලයක් යනවා.මේක ඔබේ මනසට ගොඩක් පීඩාකාරී දෙයක්.කලු පැහැ ගැන්වුනු කැළැල් මුහුණේ තියනවට කිසිම තරුණියක් කැමති නෑ.ඉතින් මේ ගැටලුවට නිවසේදීම කරන්න පුලුවන් ප්‍රතිකාර හතරක් ගැන ඔබට කියන්න අපි හිතුවා

ආමන්ඩ් සහ බිත්තර සුදු මද ෆේස් පැක්

බිත්තර වල ඇති ප්‍රෝටීන් සම සුව කරන අතර කුරුලෑ සලකුණු අඩු කරනවා.ඒ වගේම ආමන්ඩ් මගින් සමට තෙතමනයක් ලබා දෙමින් සම පෝශණය කරන අතරම කැළැල් වලට ප්‍රතිකාර කරනවා.බිත්තර සහ ආමන්ඩ් සංයෝජනය මගින් සම පැහැපත් කරන අතර සමෙහි ඇති සිදුරු තද කිරීමක් සිදු කරනවා.

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

  • ආමන්ඩ් ඇට 4-5 ක් රැයක් පෙඟෙන්නට තබන්නට. පසුදා උදෑසන එය සිහින් පේස්ට් එකක් වනතුරු අඹරා ගන්න
  • බිත්තර සුදු මදයක් ගෙන එයට ආමන්ඩ් පේස්ට් එක එක් කරන්න.හොඳින් මිශ්‍ර කරන්න.
  • පසුව එය මුහුණේ හොඳින් ආලේප කර වියලෙන්නට හරින්න
  • වියලුනු පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හැර ටෝනර් ආලේප කරන්න
  • මෙම සත්කාරය සතියකට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්

තක්කාලි, පිපිඤ්ඤා සහ ලෙමන් යුෂ මාස්ක්

මෙම යුෂ වල අඩංගු එන්සයිම මගින් සමේ මැරුණු සෛල ඉවත් කරනවා.එමෙන්ම කුරුලෑ කැළැල් ඉවත් කරන අතර ඒවාට ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරනවාඒ විතරක් නෙමෙයි සමේ පැහැය වැඩි දියුණු කරනවා

කියවන්න :  ෆැෂන් ටිප්ස්

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

  • තක්කාලි යුෂ, පිපිඤ්ඤා යුෂ සහ ලෙමන් යුෂ සමා ප්‍රමාණ වලින් ගන්න
  • ඒවා හොඳින් මිශ්‍ර කර පිරිසිදු කළ සමට උඩින් ආලේප කරන්න
  • මිනිත්තු 15 ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න
  • ටෝනර් ආලේප කරන්න

හොඳ ප්‍රතිඵල සඳහා දිනපතා මෙම සත්කාරය සිදු කරන්න

දොඩම් පොතු ( orange peel ) සහ යෝගට් ෆේස් මාස්ක්

දොඩම් පොතු කියන්නේ විටමින් සී වලින් පොහොසත් ප්‍රභවයක්. එමගින් කුරුලෑ කැළැල් නැතිකර කර සමේ පැහැය වැඩි කරනවා.ඒ වගේම යෝගට් වලින් සමට තෙතමනය ලබාදෙන අතර කැළැල් අවම කරනවා

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

  • දොඩම් පොතු කුඩු මේස හැන්දක් ගන්න.තරමක් ඝන සහ සිනිඳු පේස්ට් එකක් සෑදීම සඳහා ප්‍රමාණවත් යෝගට් ප්‍රමාණයක් එයට එක් කරන්න
  • ඔබට අවශ්‍ය නම් කස්තුරි කහ ස්වල්පයක් ද එයට එක් කරන්න
  • පිරිසිදු කළ මුහුණු මත මෙම මිශ්‍රණය ගල්වා විනාඩි 20 ක් තබන්න
  • වියලුන පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හැර ටෝනර් ආලේප කරන්න

හොඳ ප්‍රතිඵල සඳහා මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න

කුරුඳු, සාදික්කා සහ මී පැණි ෆේස් පැක්

කුරුඳු සහ සාදික්කා ඔක්සිජන් සංසරණය වැඩි දියුණු කරනවා.ඒ වගේම කුරුලෑ කැළැල් අඩු කර සම පැහැපත් කරනවා.මී පැණි මගින් සමට ප්‍රතිබැක්ටීරීයා ගුණ ලබා දෙන අතරම සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම පෝශණය කරනවා

කියවන්න :  Office මේකප් භාවිතයේදී ඔබ මතක තබාගත යුතු දෑ

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

  • කුරුඳු හා සාදික්කා කුඩු තේ හැන්ද බැගින් ගන්න
  • එයට මී පැණි තේ හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • පිරිසිදු කල හා තෙත් සම මත මෙම ෆේස් පැක් එක හොඳින් ගල්වා ගන්න
  • මිනිත්තු 10-15 ක් තබා සාමාන්‍ය වතුරෙන් සෝදා හැර ටෝනර් ආලේප කරන්න

හොඳ ප්‍රතිඵල සඳහා අවම වශයෙන් සතියකට දෙවරක් වත් මෙම සත්කාරය කරන්න

විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු

  1. මෙම සත්කාර වලින් ඔබේ සමේ ස්භාවයට ගැලපෙන සත්කාරය තෝරාගෙන කරන්න ඔබට පුලුවන්.
  2. ඒ වගේම ඊට පෙර මෙම අමුද්‍රව්‍ය වලින් ඔබට යම්කිසි ආසාත්මිකතාවක් තියනවද කියලත් පරික්ශා කරලා බලන්න ඔබ අමතක කරන්න එපා.
  3. ඒ වගේම මේ ආලේපන ඇසට ඉතාම කිට්ටු ප්‍රදේශ වල ආලේප කිරීමෙන් වලකින්න. මොකද දෑස් අවට ප්‍රදේශය ඉතාම සංවේදී නිසා මේ ස්භාවික ආලේපන වලින් වුනත් ඇසට හානි වෙන්න පුලුවන් .

ඉතින් ඉහත කරුණු ගැනත් අවදානයක් යොමු කරමින් මේ සත්කාර නිසි පරිදි කලොත් සමේ කුරුලෑ ලප ඉක්මනින් ඉවත් කර ගන්න ඔබට පුලුවන් . නිකැළැල් සමක බලාපොරොත්තු වෙන ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා

නාට්‍ය පිටපත් රචිකාවක ලෙස රේඩියෝ නාලිකාවක සේවය කර ඇත.ටෙලිනාට්‍යය කිහිපයකට තේමා ගීත රචනයෙන් දායක වී ඇත.වෘත්තියෙන් ගී පද රචිකාවක් ලෙස කටයුතු කරයි.
0 0 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments